Wednesday 2 May 2018

බදු ගෙවන ජනයාට කොකුම් පා තිරගතවන ගුවන් හමුදා මොනර නැ‍ටුම


පැරා ටෲපර් කොප්‍රල්වරයකුගේ කුඩ සෙවනේ ෂොපින් යන  අනෝමා සමන්මලී 10 වන පාඨමාලාවේ සිටි ගුවන් කාන්තාවකි. ඇයගේ පලමු විවාහය සිදුවූයේ ගුවන් හමුදා පොලිස් සැරයන්වරයෙකු වූ අශෝක පෙරේරා සමගය. සැරයන් පෙරේරාට දාව සමන්මලී දරුවන් දෙදෙනෙකු බිහි කලාය. ඉන් එක් දරුවෙකු පිලිකා රෝගියෙකු විය. එම දරුවා ඇඩූ කදුලෙන් ජීවිතය යදින විට සමන්මලී කපිල ජයම්පතී සමග පෙම් කෙලීමට පටන් ගත්තේය. පසුව දරු දෙදෙනාද සාජන් පෙරේරාද අමතක කල දැමූ සමන්මලී ජයම්පතී සමග දෙවන ඉනිම ආරම්භ කලාය. එදා සමන්මලීගෙන් ආදරය ‍රැකවරණය ඉල්ලු අසරණ දියනිය අද  මෙලොවින් සමුගෙන ඇත. තනිකඩවූ සාජන් පෙරේරා ද අනෙක් දරුවා  සමග  දිවි ගැට ගසා ගන්නේ  මහජන මුදලින් ලැබෙන විශ්‍රාම වැ‍ටුපට පින් සිදුවන්නටය.

කුප්‍රකට ඩීල්කාර  ලාෆ්ස් වෑගඩපොල 2015 මැතිවරනයේදී  දෙපැත්තටම මුදල් විසිකල බව ප්‍රසිද්ධ රහසකි. වෑගඩපොලගේ පුතා විවාහ වීමට සිටියේ හිටපු ගුවන් හමුදාපති ගගන බුලත්සිංහලගේ දියනිය සමගය. කොලඹ සංගීත ප්‍රසංගයක් අතර තුර තන පට විසිකිරීමේ සහ ගායකයා සිපගැනීමේ සිද්ධිය හරහා එක් ‍රැයකින් රට හෙල්ලු දියනිය වූයේ ඇයයි. වෑගඩපොල සිරිසේනගේ මැතිවරණ ව්‍යපාරයට හොර රහසේ මුදල් විසිකලේ අත ලෙවකෑමට නොවේ. වෑගඩපොල සහ ගගන බුලත්සිංහලගේ සැලසුම වූයේ සිරිසේනගේ රාජකීය අනුග්‍රහය යටතේ ව්‍යපාරික කටයුතු ඉදිරියට ගෙන යාමටය.

ගගන බුලත්සිංහලගේ ධූරකාලය අවසන් වෙත්ම  අනුප්‍රාප්තිකයා වූයේ වූයේ කපිල ජයම්පතීය. ගගන බුලත්සිංහල සිරිසේන හරහා සේවා දිගුවක් ලබා ගැනීම දැගලුවේය. කපිල ජයම්පතිට එරෙහිව හින් නූලෙන් ගේමක් ගැසුවේය, ඔහුට එරෙහිව මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කලේය. ගුවන් හමුදා නිලධාරී පැලැන්තිය තුලින්ද විශාල විරෝදයක්  නැග ආවේය. සෙසු නිලයක් දැරූ සමන්මලිට මැඩම් කිව නොහැකියයි කියා  ඇතැම් නිලධාරීන් අස්වීමේ ලිපිය යැවූයේය. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැත.  සමන්මලීගේ පැටිකිරිය  සහ  කපිල ජයම්පතීගේ පලමු විවාහය දෙදරීමට හේතුවූ අශෝබන සිද්ධිය දැන සිටියේ ඉතා සීමිත පිරිසකි .ජයම්පතීගේ පලමු විවාහය බිදීගියේ නැන්දම්මා සමග එක ගේ කෑමට යාම නිසාය . නමුත් එදා  කපිල ජයම්පතී වෙනුවෙන් සමහරක් වෙබ් අඩවි පෙනී සිටියේ අවම හානිදායක විකල්පය තොරා ගැනීම වෙනුවෙන් විය හැක.

කපිල ජයම්පතී ගුවන් හමුදා පු‍ටුවට පැමිනියේ සිරිසේනගේ මලයාවූ ෆ්යිට් සාජන් ඩඩ්ලි සිරිසේනගේ කරමතිනි. සාජන් කෙනෙකුගේ පිහිටින් හමුදාපති පදවියට පත්වූ එකම පුද්ගලයා ජයම්පතීය. එය හමුදා  ඉතිහාසයේ වාර්තාවකි .ඒ අනුව සිය දෙවනි ඉනිම වූ  සමන්මලීද  හරහට වඩන දරුවාද  සමග  කපිල ජයම්පතී ගුවන්හමුදාපති පු‍ටුවේ වැඩ බාරගත්තේය. හරහට වඩන දරුවෙකු සමග වැඩ බාරගත් එකම හමුදාපති ජයම් පතීය . එයද වාර්තාවකි . එහෙව් සමන්මලීට අද පෞද්ගලික ගමනක් යනවිට පවා බැකප් ගුවන් හමුදා රථ දෙකක් නැතුවම බැරිය . ෂොපින් යනවිට කුඩ ඇල්ලිමට පරිවාරකයන් ඇත්තේය . එනමුත් අද  කපිල ජයම්පතී සිය ධූරකාලයේ අවසානයට පැමින ඇත. දැන් සමන්මලී   සහ ජයම්පතී සිය දරුවා කුඩා යයි කියා ඩඩ්ලි සිරිසේන හරහා යලි සේවා දිගුවක් ලබාගැනීමට කැසකවමින් සිටියි.


පක්ෂ පාට කෙසේ වුවත් හොද දේ අගේ කල යුතුය . බැකප් රථ නැති කුඩ ඇල්ලිමට පරිවාරකයන් නැති මෛත්‍රී වික්‍රසිංහ කැලනිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිලිබද මහාචාර්යවරියෙකි. ලංඩන් කිංග්ස් සරසවියෙන් මූලික උපාධිය ලබාගෙන ඇති මෛත්‍රී වික්‍රමසිංහ යුනිවසිටි ඔෆ් ලන්ඩන් වලින් ආචාර්ය උපාධිය ලබාගෙන ඇත. කැලනිය විශ්වවිද්‍යාලයට අමතරව ඇමෙරිකාව , ඉන්දියාව , චීනය , පාකිස්ථානය , දකුනු කොරියාව , කෙන්යාව ඇතුලු රටවල් ගනනාවක දේශන පවත්වන ලොව පිලිගත් මහාචාර්යවරියකි. එනමුත් ඇය සිය කීර්තිය කිසිදිනෙක දේශපාලනය  වෙනුවෙන්  භාවිත නොකලා පමනක් නොව අගමැති ආර්යාවට හිමි වරප්‍රසාද දෙස  පවා උපේක්ෂාවෙන් බැලුවාය. මෛත්‍රී වික්‍රමසිංහගේ සරල චාම්  දිවි සැරිය   සියලු බිරින්දෑවරුන්ට වචනයේ පරිස්මාප්ත අර්ථයෙන් ආදර්ශයකි.



Sunday 18 March 2018

රනිල් ගේ පපුවට පිහියෙන් ඇන අතින් වැසූ සිරිසේන.




දේශපාලනය යනු ධනය  සහ බලය ‍රැස් කිරීමේ  පහසුම මාර්ගයකි.එහි  රස වැ‍ටුනු දා පටන් රජ වීම ගෝටාබයගේ සිහිනයක් විය. ඊට මාර්ගය ලෙස ඔහු ‍තෝරා ගත්තේ සිංහල බෞද්ධ සමාජයේ ගැලවුම්කරුවා ලෙස නැගී සිටීමයයුද්ධය අවසන් වී තුන් මසක් ගතවී යාමට මත්තෙන් යුව රජා නොහොත් ඩිපියුටි කිං නමින් වීඩියෝවක් නිකුත් විය. මෙය රජ මාවතේ ගෝටාබයගේ බලලා එලියට පැන්න පලමු සිදුවීම විය. නමුත් රාජපක්ෂ පවුලෙන් හා එල්ල වූ මහජන විරෝධය හමුවේ වීඩියෝව හකුලා ගැනීමට ගෝටාබයට සිදුවිය. යකො ''යුද්ධයෙන් හම්බකරපු එකා යුව රජා, යුද්දේ කරපු උන්ට හුලං '' ෆොන්සේකාගේ දේශපාලන ආගමනයටද ගෝටාගේ කඩි කුලප්පුව  ප්‍රබලව  බල පෑවේය. 

යුධ නිමාවෙන් පසු  බොබසේ අරඹයා ‍රැල්ලක් නිර්මානය වීම ගෝටාභයට දැරිය නොහැකි විය. ‍බොදු බල සේනාව ගොඩ නැගුනේ චම්පිකගෙන් සොරකම් කරන ලද අයිඩියොලොජියක් මතිනි. රැල්ල තමා වෙත නතු කරගැනීමට ගෝටාබය කුරුමානම් ඇල්ලුවෙය. දේශපාලනයේ ගද සුවද නොහදුනන  ගෝටාබය බෝබසේ දරුවා  ඇති දැඩි කලේය  . නමුත් දේශපාලන අලි ඉදිරියේ සාල වනයේ රිලවා මෙන් ගෝටාබයට අත්වූයේ තලා ගැනීම පමනි. රාජපක්ෂලා අද ගෙවන්නේද ගෝටාභයගේ කරුමයක විපාකයකි.නමුත්  රාජපක්ෂලාට කෙල වුනද ගොටාබය බො.බ.සේ අත් හලේ නැත 

ලංකාවේ  ලොකුවට බැදපු  චෛත්‍ය, පිලිම ගෙවල් ඕනෑ තරම් ඇත.බූදල් රකින පන්සල් ඕනෑ තරම් ඇත. නමුත්   ධර්මය  හිගය.  පටිසෝතගාමී භික්ෂුවක් සෙවීම නොමල ගෙයකින් අබැටක් සෙවීමකි. කො‍ටුපනින , චන්දය ඉල්ලන, කට්ටඩි වැඩ කරන , ස්ට්‍රයික් කරන, ගල්  ගහන භික්ෂූන් ඕනෑ තරම් ඇත. දේශපාලන කොන්ත්‍රාත් ඉ‍ටුකරන කුලීකාර භික්ෂුන් ඕනෑ  තරම් ඇත.වර්තමානයේ කුලී කොන්ත්‍රාත් සදහා ඉහලම ඉල්ලුමක් ඇත්තේ ඥානසාර  භික්ෂුව වෙතය. එදා කුමාර් රූපසිංහගේ ‍රැලියකට පහර දී කල එළි බට ඥානසාරගේ  සංග පාතාලය මහ නුවර දක්වා අතිසාර්ථකව ක්‍රියාත්මක වී ඇත. 

ගෝටාබයගේ 2020 මැතිවරණ ව්‍යාපෘතියේ ප්‍රභල අනුග්‍රාහකයෙකු වී ඇත්තේ සිරිසේනය. එපමනක් නොව ගෝටාබයට එල්ල වී ඇති චෝදනා වලින් ආරක්ෂා කරන්නේ සිරිසේනය. මහනුවර ප්‍රහාරය ගෝටාබයගේ මැතිවරණ සිතියමේ දිගුවක් බව අද ඔප්පු වී ඇත. මහනුවර ප්‍රහාරය දින 7 ක  වැඩ සටහනක් විය. එම කාලය තුල මුස්ලිම් ජනයා භීතියෙන් භීතියට පත් විය. රනිල්ගේ ආන්ඩුවෙන්  ලැබිය  හැකි ‍රැකවරනය පිලිබද බලවත් ප්‍රශ්නාර්ථයක් මුස්ලිම් ජනයා කෙරේ ඉතිරි විය. ඔවුන් බරපතල අපේක්ෂා භංගත්වයකට පත් විය . අනෙක් පැත්තෙන් අලුත්ගම ප්‍රහාරයේ කලු පැල්ලම යම් තාක් දුරට මකා ගැනීමට ගෝටාබයට හැකි විය. මහනුවර ප්‍රහාරයෙන්එක ගලින් ජෝඩුවක්ම බා ගැනීමට ගෝටාබයට හැකි විය

මහනුවර ප්‍රහාරය දේශපාලන  ගෝනි සෙල්ලමකි . සිරිසේන රනිල්ගේ පපුවට පිහියෙන් ඇන අතින් වසා සිටියි.   2020 ගෝටාබයගේ මැතිවරන ව්‍යපෘතිය වෙනුවෙන් මහනුවර ප්‍රහාරය මෙහෙය වූයේ  ඥානසාර සහ සිරිසේනය . සිරිසේනගේ ගෝනි සෙල්ලම් නිසා රනිල්ට අත්වී ඇති  ඉරණම  සරල කථාවකින් පැහැදිලි කල හැක . 
එක්තරා ගමක හිටියා කො‍ටු පනින ගෑනියෙකුයි  ගම්මුලා දෑනියෙකුයි. ගෙහිමියා බැහැරක ගිය රාත්‍රී කාලයක ගැහැණිය තමාගේ හොර මිනිහා වන  ගම්මුලාදෑනියා ගෙදරට ගෙන්න ගන්නේය. දිනක් හදිසියේ නිවසට පැමිණි ගෙහිමියා නිසා, තක්කු මුක්කු වූ ඇය කිසි දෙයක් කරගන්න නොහැකිව ගම්මුලාදෑනියා ඇඳ යට සැඟවූවාය. එහෙත් නිවසේ යම් කෙනෙක් ඇතැයි සැක කල ගෙහිමියා නිවසේ හැම තැනම පරීක්ෂා කර ඇඳ යට බලා, ගම්මුලාදෑනියා දැක, ‘රාළහාමි මොකද ඇඳ යට’? කියා ඇහුවේය. “යකෝ, මගේ වැයික්කියේ කොතන ඉන්නද මට බැරි? කියමින් ගම්මුලාදෑනියා දොර අරගෙන එලියට ආවේය. මේ කථාවේ ගෙහිමියා රනිල්ය.

සිරිසේන පවුලේ අද තත්වය ඉතාම කනගාටුදායකය. බන පොතේ කියන පරිදි ඇත් කුණකට වැසූ කපුටන් රංචුවක් මෙනි. සිහියක් පතක් නොමැතිව මල කුන රස බලයි. සිරිසේනගේ දුවල, මාමල, බෑනල සනුහුරයම  අසිහියෙන් මෙන් සොරකමේ යෙදී සිටියි. මලකුනේ ඇලී ගැලී සිටින කපුටන්ට සිහිඑලවෙන්නේ ගැඹුරු දියඹෙහිදීය. එහිදී උන්ට යලි ගොඩබිම පැමිනීමක් නැත. ගෝටාබය සරණ මිස සිරිසේනට සරණක් නැත .  සිරිසේන - ගෝටාබය  සමග ඩීල් දැමීමේ  රහස එයයි. බැසිල් ගැන කියනකොට බොහෝ අය අවඥාවෙන් කියන්නේ ඔහු ඩීල් කාරය කියල. නමුත් ගෝටාබයෙගේ කව් බෝයි  ඩීල් ගැන කිසිවෙකුට ගැටලුවක් නැත. දඩ මසට හුරුවූ ප්‍රජාවකට දඩයක්කරුවාගෙන් මිස කිරි  විකුනන්නෙකුගෙන් පලක් නොමැත. සියල්ල සිදු වන්නේ ඉල්ලුම සැපයුම අනුවය. 


Wednesday 14 March 2018

ගින්දර සහ මැදමුලන -2 ගෝඨාභය රාජපක්ෂ





1949 වර්ශයේ ජූනි මස 20 දින ගෝටාබය මෙලොව එලිය දු‍ටුවෙය. ඔහු යුධ හමුදාවට එක් වූයේ  ඉන්ටෙක් 4 කැඩෙට් නිලධාරියෙකු ලෙසය . ඒ 1971 වසරේදීය. පුහුනු  පාඨමාලවේ පෙන්වන දක්ෂතා සහ ලකුනු   අනුව කැඩෙට් නිලධාරීන්  නිත්‍ය සේවා ඒකකයන් වෙත අනුයුක්ත  කිරීම හමුදාවේ  ස්වභාවයයි  . ඒ අනුව හොදම ලකුනු ලබාගන්තා කැඩෙට් නිලධාරීන් ආමට් කෝ( යුධ ටැංකි)  , ආටි ( කාලතුවක්කු) වැනි ඒකකවලට යොමු කිරීම සිදුවෙයි. ගෝටාබය ලබාගත් ලකුනු අනුව ඔහුට ලැබෙන්නේ  රජරට රයිපල් බලකායයි. 1983 කලු ජූලියෙන් පසුව රජරට රයිපල් බලකාය විසිරුවා හරින අතර එහි සේවය කල වුන් ගජබා රෙජිමේන්තුවේ පිහි‍ටුවනු ලබයි. ගෝටාබය ගජබා රෙජිමේන්තුවට මාරු වන්නේ ඒ අනුවය.



යුද්ධය තිව්ර වත්ම හමුදා සේවය හැරගිය බව ගෝටාබයට එල්ල වන චෝදනාවකි . ගෝටාබය සිය ඉවත්වීම පිලිබදව  මෑතකදී දිවයින පුවත්පත සමග අදහස් ප්‍රකාශ කර තිබුනි. ගෝටාබය කියන්නේ  යුධ හමුදාවේ දුෂ්කර කාලය ලුතිනල් සිට කර්නල් දක්වා  බවත් කර්නල්ගෙන් ඉහලට ඇත්තේ සැප විදින කාලය බවත්ය  . එහෙයින් දුෂ්කර කාලයේ තමා හමුදාවේ සේවය කල බවත් , සැප විදින කාලයේ  හමුදවෙන් ඉවත් වූ බවත් ගෝටාබය කියයි. ගෝටාබයගේ කථාවේ හරයක් නොමැත . කම්කරු වෘත්තිය පවා ගිය අලුත දුෂ්කරය කල්යත්ම  වරප්‍රසාද හිමිය . සිය පවුල් පසුබිම නිසා කැඩෙට් කාලයේ සිට කර්නල් දක්වාම ගෝටාබයට  විශේෂ වරප්‍රසාද ලැබුනි. ගෝටාබය සිය හමුදා සේවයෙන් වැඩි කොටස ගෙවා දැමුවේ ක්‍රියාන්විත රාජාකාරියේ නොව සාමාකාමි ප්‍රදේශ වලය. මෙහෙයුම් වලට එක්වූ කාලය 1% ටත් වඩා අඩුය.



1991 වසරේදී  මන්ඩතිව් මුදවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. මෙහෙයුම් අනදෙන්නා වූයේ ගෝටාබය රාජපක්ෂයි. ගෝටාබයගේ සැලසුම අනුව දවල් කාලයේ මෙහෙයුම ආරම්භ කල අතර  මුලු හමුදා බලඝනයම  එකවර ඉදිරියට ගියේය. හමුදාවේ මෙහෙයුම පිලිබද සතුරාට  ඉව වැ‍ටුනු අතර ගෝටාබයගේ සේනාවට ‍රැකසිට පහරදීමට ඔවුන් සංවිධානය  විය. එල්.ටී.ටී.ඊ සාමාජියන් විසින් මහ හරස් කොට  ඇම්බුෂ් එකක් එලා තිබුනි.නමුත්කොටි පනිවිඩ හුවමාරුවන්ට රහසේ සවන්දුන් හමුදාවට කොටි ඇම්බුෂ් එක පිලිබද හෙලි විය.කොටි සැලැස්ම හෙලිකරගත්තේ කයිට්ස් ප්‍රදේශයේ ස්ථාන ගත කර තිබූ මෙහෙයුම් මැදිරියකිනි  . එම කයිට්ස් හමුදා මුරපොල සරත් ෆොන්සේකාගේ බල ප්‍රදේශයේ පිහිටා තිබුනි. කොටි මෙහෙයුම පිලිබදව ෆොන්සේකා විසින්  යාපනය ඒකාබද්ධ අනදෙන නිලධාරියා වහා දැනුවත් කලේය.



කොටි ඇමිබුෂ් එක පිලිබදව වහ වහා ගෝටාබයගේ බලමුලුව ඇලර්ට් කලේය . ඔවුන්ගේ ඉදිරි ගමන නවතා ආරක්ෂාකාරී ලෙස ස්ථානගත වීමට (හාබරින්) උපදෙස් ලැබිනි. මේ අතර තුන්පැත්තකින් භට කන්ඩායම් මෙහෙයවූ සරත් ෆොන්සේකා මන්ඩතිව් අල්ලා ගත්තේය. එය සතුරා වික්ෂිප්ත කල ( සර්ප්‍රයිස් අටෑක් ) මෙහෙයුමක් විය. නමුත් ගෝටාබය සැරසුනේ මහදවල් විවෘත භූමියක් හරහා සිය කන්ඩායම  සමග ඉදිරියට යාමටය. දහවලක  නොව රාත්‍රීයකවත් විවෘත භූමියක් හරහා හමුදාව මෙහෙයවීම නොකල යුතු බව යුද  ශ්‍රාස්ත්‍රයේ හෝඩියේදී උගන්වන  පාඩමකි.  විවෘත භූමියක් හරහා ගමන් කරන  භට පිරිසකට ‍රැක සිට පහර දීම සතුරාට පහසු කටයුත්තකි . කෙසේ වුවද මන්ඩතිව් මුදවා ගත් ෆොන්සේකා පසුව ගෝටාගේ  භට පිරිසද බේරා ගත්තේය. 



ෆොන්සේකා නොමැති වන්නට ගෝටාබයගේ මෙහෙයුම  ව්‍යවසනයකින් කෙලවර වීමට නියමිතව තිබුනි. ගෝටාබයගේ මන්ඩතිව මෙහෙයුම  ඉහල නිලධාරීන් අතර  ලැව් ගින්නක් සේ පැතුරුනි . ඔහුට විවිධ අපහාස උපහාස එල්ලවිය , ‘ලොස් ගෝතා’ ලෙස නමක් පට බැදිනි. මෙම සිදුවීමෙන් මසක් ගතවෙත්ම  ගෝටාභය හමුදාවෙන් ඉවත්වීමේ ලිපිය බාරදුන්නේය. නමුත් හමුදා මූලස්ථානයෙන් බටර් සංග්‍රහයක් ලද ගෝටා කොතලාවල ආරක්ෂක පීඨයට සැප මාරුවක් ලද්දේය.  කොතලාවල ආරක්ෂක පීඨයේ වසරක සේවයන් පසු ගෝටාබය යලිත්  ක්‍රියාන්විත සේවයට කැදවා තිබුනි. ඊට ප්‍රතිචාර ලෙස ගෝටාබය කලේ  සෞඛ්‍ය හේතූන් දක්වා හමුදා  සේවයන් ඉවත් වීමය. හමුදාවෙන් ඉවත් වූ ගෝටාබය ඇමෙරිකාව වෙත සංක්‍රමනය විය.ඔහු ලොස්ඇන්ජලීස් ලොයාලා නීති පාසලේ පරිඝනක මෙහෙයුම්කරුවෙකු ලෙස වැඩ කලේය



 2005-2009 යුධ ක්‍රියාවිතය තුල  ගෝඨාබය සුවිශේෂ කාර්ය භාරයක් ඉ‍ටුකලේය. නවීන අවි ආයුධ වලින් හමුදාව සන්නද්ධ කීරීමේ ප්‍රමුඛතම කාර්ය  ගෝටාබය අතින් සිදු විය . හමුදාව බෝම්බ 100ක් ඉල්ලන විට 200ක් දුන්නේය. ඩොලර් 250 කට මිලදී ගත හැකි ම්.මී 130 කාලතුවකු උන්ඩයකට ඩොලර් 650ක්ලොස් නැතිව ගෙවා දැමුවේය . එකක් ඩොලර් මිලියන 45කට මිලදී ගත හැකිව තිබූ බී.එම්.ඩබ් වෙඩි නොවදින මෝටර් රථ ගෝඨා මිලදී ගත්තේ එකක් ඩොලර් මිලියන 88 බැගිනි. හමුදාව ඉල්ලා සිටින  ආයුධ පමනක් නොව ගෝටාබය හොදයි කියා සිතන ආයුද පවා  බලහත්කාරයෙන් හමුදාවේ ඇගේ ගැසුවේය. මේ හේතුව නිසා හමුදාවේ  තාක්ෂකින  උපදේශකයා වූ අමිත් මූනීන්ද්‍රදාස ආරක්ෂක අමාත්‍යංශය සමග නිතර ගැ‍ටුම් ඇති කර ගත්තේය . අමීත් මුනීන්ද්‍රදාස සැක කටයුතු ලෙස ඝාතනය වීය.



ගෝටාබය විසින් දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ ඇමතිවරයා ලෙස පත් කිරීම අතිශය ගුජුප්සාජනක සිදු වීමක් විය. දුමින්ද සිල්වා පමනක් නොව කුඩු මුදලාලිලා රොත්තක් සමග ගෝඨාබය ගනුදෙනු කලේය, ඡායා රූප වලට පෙනී සිටියේය. සිරිසේන ඇතුලු නිදහස් පක්ෂයේ ප්‍රභලයන්ට නැගී සිටීම්ට වේදිකාවක්  තනා දුන්නේ  ගෝටාබයයි. ගෝටාබයගේ සුරතලා භාරත ඝාතනය කිරීම නිසා මහින්දට එරෙහි එලිපිට සටන ඇරබිනි . ගෙන්දගම් පොලොවේ දේශපාලනය පිලිබද අන්දො සංසාරයක් ගෝටාබය නොදත්තේය. නමුත් ඔහුට වගේ වගක් නොතිබිනි, හැසිරෙනුයේ බහුශ්‍රැතයෙකු ලෙසිනි.දේශපාලන ඔස්තාර් කෙනෙකු ලෙසය . නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන් කලකිරීමට ගෝටාබයගේ හැසිරීම නොමද සහායක් ලබා දුන්නේය.



මිනිසුන් බ්ලැම් මේල් කිරීමද ගෝටාබය වෘත්තියක් ලෙස කලේය . සන්ඩේ ලීඩර් පුවත්පත හරහා ලසන්ත  ගෝටාබයගේ  දූෂණ  දිගින් දිගටම හෙලිදරව් කලේය.  මේ හේතුවෙන් ලසන්තගෙන් කෙසේ හෝ පලිගැනීමට ගෝටා සැලසුම් කලේය . ලසන්තට එරෙහිව ප්‍රයෝජනයට ගත හැකි තොරතුරු සෙවීම සී.අයි.ඩී යට පැවරී තිබිණි. මෙසේ ලසන්තගේ තොරතුරු හාරා අවුස්සමින් සිටි සී.අයි.ඩී යට ලීඩර් ආයතනය විසින් ගෙවිය යුතුව තිබුණු ණයක් පිළිබඳව තොරතුරක් ලැබුනි.  ලීඩර් ආයතනය කඩදාසි සැපයුම්කරුවාට රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් ණය වී තිබුනි. සී.අයි.ඩී ය විසින් මේ තොරතුර ගෝටාබයට වාර්තා කලේය. මෙම සිදුවීම පාදක කොට ලසන්ත අත්අඩංගුවට ගැනීමට ගෝටා කුරුමානම් ඇල්ලුවේය . 




ඒ අනුව සී.අයි.ඩීය කඩදාසි ව්‍යාපාරිකයා හමුවිය. කඩදාසි  ව්‍යාපාරිකයා ප්‍රකාෂ කලේ ලසන්තගේ ණය පිලිබදව ගැටලුවක් නොමැති බවය. නමුත් සී.අයි.ඩීය කෙසේ හෝ ලසන්තට එරෙහිව පැමිනිල්ලක් ලියා ගත්තේය.ඉන්පසුව අධිකරණයටද කරුණු දක්වා ලසන්තව අත් අඩංගුවට ගැනීම සඳහා සෝදිසි වරෙන්තුවක් ලබා ගත්තේය. මෙම කුමන්ත්‍රනය ලසන්තට ආරංචී වූ අතර ඔහු වහ වහා කඩදාසි ව්‍යාපාරිකයාගේ ණය මුදල පියවා දැම්මේය. කරුනු කාරනා නොදත් සී.අයී.ඩීය ලසන්ත අත් අඩංගුවට ගැනීමට රීඩර් ආයතනයට ගියේය. මුදල් ගෙවූ රිසිට් පත ලසන්ත විසින් ඉදිරි පත් කිරීමත් සමගම සැලසුම බකල් විය. සී.අයී.ඩීය පමනක් නොව ලසන්ත කුදලාගෙන එනතෙක් දත කට මැදගෙන සිටි ගෝටාබයද ඇඩ්‍රස් නැති විය.

ගෝටාබයගේ කලකිරියාව නිසා ජාතීන් අතර සංහිදියාව බිද වැටිනි . බොදුබල සේනාවට ආරක්ෂක අමාත්‍යංශය සතු වාහන ලබාදීම , ඥානසාර හිමිට එම්.එස්.ඩී ආරක්ෂාව ලබාදීම පමනක් නොව  බොබසේ ව්‍යපෘති වලටද ගෝටාබය සෘජු ලෙසම දායක වුනි. එපමනක් නොව ගෝටාභයගේ කේවට්ටයෙකු වූ වීරවන්සගේ රාවනා බලයටද රජයේ වාහන ඇතුලු සම්පත් අනුග්‍රහය ලැබිනි. මුස්ලිම් ජනතාව මහින්දගෙන් ඈත් වීමට හේතු වූයේ  ගෝටාබයගේ ක්‍රීයා කලාපයයි. තම ඉලක්ක වලට ලගා වීම සදහා   ඉන්සයිඩ් ජොබ් උපයෝගි කර ගැනීම ගොටාබය තුලින්  දැකිය හැකි විය . පිත්තල හන්දියේ බෝම්බය එවැන්නකි. එය තමා විසින්ම සැලසුම් කල ඉන් සයිඩ් ජොබ් එකක් බව ඔප්පු කිරීමට  සාක්ෂිද සාක්ෂිකරුවන්ද  ඇත. පිත්තල හන්දියේ බෝම්බය ගෝටාගේ  ඉන්සයිඩ් ජොබ් වලට එක් උදාහරණයක් පමනි.මාගල දිග ඇරිය හොත් ලියුම්කරු නවතින්නේද හිර ගෙදරය 



ගෝටාබයගේ නාගරික සංවර්ධනයද කළු සුදු මිශ්‍ර චිත්‍රයකි. කොලඹ නගරයේ මල ප්‍රවාහන පද්දතිය ඉදිකලේ බ්‍රිතාන්‍යයන් විසිනි. වසර 100කටත් වඩා පැරණි නාගරික මල ප්‍රවාහන යාන්ත්‍රනය ඇත්තේ අකර්මන්‍ය තත්වයකය. බෝහෝ ස්ථාන වල්දී  මල ප්‍රවාහනය  ජලාශ වලට හරවා  ඇත. සුලු වැස්සකට පවා නගරය ජලයෙන් යට වේ. නගර අලංකරනයට වඩා  මූලික අවශ්‍යතා සම්පූර්න කිරීම වැදගත් වුවද ප්‍රමුඛ අවශ්‍යතාව වටහා ගත් බවක් ගොටාබයගෙන් දිස් නොවිනි . කෝටි ගනනක් වියදම් කොට  නගරයේ සී.සී.ටී.වී පද්දතියක් සවිකලේය. සී.සී.ටී.වී නිරීක්ෂණයට කියා පොලිස් ඒකකයක්ද පිහි‍ටුවේය.  කැමරා පද්දතියකින් සිදු විය  යුත්තේ  රථ වාහන නියාමනය කිරීමය. ටැ‍ෆික් රාලහාමිලාගේ කාර්ය සී.සී.ටී.වී කැමරා වෙත භාර දීමය. නමුත් ගෝඨාභය ආරම්භ කල කිසිවක් තාර්කික අවසානයක් දක්වා ‍රැගෙන යාමට අපොහොසත් විනි.



භූ දේශපාලනය පිලිබද ගෝටබයගේ දැනුම ඉතා සීමිත විය. ඉන්දියාව ටකල් කරනවා වෙනුවවට ඔහු සිටින්නේ ගේම ඉල්ලන ප්‍රතිපත්තියකය. මෑතකදී චීන තානාපති සමග ගත් ඡායා රූපයක් මහත් උජාරුවෙන් මුහුනු පොතේ පල කලේය. China Institutes of contemporary International Relations ආයතන  න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාර්ය වී ඇත්තේ 2020 ගෝටාබය ජනපති පු‍ටුවේ හිදුවීමය. CICIR සංවිධානය  ඇමෙරිකාවේ CIA මෙන් විදේශ කටයුතු මෙහෙහෙය වීමට දායක වන  බලසම්පන්නම ආයතනය වෙයි. CICIR සංවිධානය  චීන පාලක රෙජීමය වන කොමියුනිස්ට් පක්ෂයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය. වත්මන් චීන තානාපතිවරයා විදේශ සේවය හා සම්බන්ධ අයෙක් නොව CICIR. බුද්ධි මන්ඩලයේ සාමාජිකයෙකි. 


කන්න ඕනෑ වුනු විට කබරයා තලගොයා කරගැනීම ගෝටාබයගේ ස්වභාවයයි. හොර පාස්පොර්ට් එකක් හදා කරුනා එංගලන්තය්ට යැව්වෙය. කේ.පී කුදලාගෙන් විත් ඔහු සමග සමග බිස්නස් කලේය. වරෙක ක්ලෙමො බෝම්බයක් අටවා සිරස කුඩු කලේය. සිරස අද ක්ලෙමෝ ඇටවූ ගෝටාබයට මල් තියයි බැසිල්ට ගල් ගහයි. ඩීල් වල ආනිසංස එසේය. සිරිසේන ගෝටා ගනුදෙනුවද මීට නොදෙවෙනිය. ජාතිකවාදියෙකු වූ  ගඩාපි රට සංවර්ධනය කලේය . එනමුත් අද ලිබියාව ලේ විලක් බවට පත්වූයේද ග්‍රවුන්ඩ් රියලිටිය වටහා නොගත් ගඩාපිගේ ජාතිකවාදය නිසාමය . ලංකාවේ ප්‍රථම අගමැති විමට නියම සුදුස්සා වූයේ ඩී.බී ජයතිලකය. නමුත් ප්‍රථම අගැමැති ධූරය ලැබුනේ ඩී.එස් ටය. ඔහුගේ තක්කඩි  ව්‍යාපෘති නිසා පාලනය ආරම්භවී  වසර 2ක් ගත වීම්ටත් මත්තෙන්  රට පක්ෂ පාට ජාතී ආගම් ලෙස කැඩී බිදී ගියේය . 2020 අතිශය තීරණාත්මකය,  කථා කල යුත්තේ හදවතට නොව බුද්ධියටය 



Sunday 11 March 2018

මහනුවර ගරිල්ලා ප්‍රහාරයේ සැගවුනු මුහුනු



මහනුවර ජාතිවාදී ගිනිදැල් උත්සන්න වත්ම එක්සත් ජාතීන්ගේ දේශපාලන කොමසාරිස් ජෙෆ්රි ෆෙලෙට්ම්ර් ශ්‍රී ලංකාවේ දින 3ක සංචාරයක යෙදුනේය. මාර්තු මස 8 වන දින ඔහු කොළඹට සැපැත් වූයේය. රඛායන් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රහාර තිව්ර වෙත්ම ජෙෆ්රි ෆෙලෙට්ම්ර් මේ ආකාරයෙම සංචාරයක් මියන්මාරය තුලද කලේය. එය සිදුවූයේ පසුගිය වසරේය. 2017 මාර්තු 12 දින මියන්මාරයට එරෙහිව ඒ.ජා සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් විය . නමුත්  චීනය සහ රුසියාව ඊට එරෙහි වීම හේතුවෙන් ගෙන ආ යෝජනාව උඩින්ම පරාජය විය . මියන්මාරය අද එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග 'අපි තරහයි' නාටකය රග දක්වමින් සිටියි  .මියන්මාරය විසින් එ.ජා නියෝජිතයන්ට  සියරටේ දොර දොර වසන්නේ ඒ අනුවය.

ජෙෆ් රි ෆෙලෙට්ම්ර් යනු කවුරුද? මොහු යුදෙව් ජාතිකයෙකි. මොහුට  අරාබි භාෂාව මනා ලෙස හැසිරවිය හැකිය . 1985 වර්ශයේදී මොහු අමෙරිකානු විදේශ  දෙපාර්තමේන්තුවට බැදුනි. එතැන් පටන් වසර 25 පමන සේවය කලේ මැද පෙරදිගය. අරාබි වසන්තය ව්‍යාපෘතියේ එක් මහ මොලකරුවෙකු වූයේ ජෙෆ්රි ෆෙලෙට්ම්ර්. අරාබි වසන්තය  පලමු අදියෙර දියත් කිරීමෙන් අනතුරුව ඔහු ඇමෙරිකානු විදේශ සේවයෙන් විශ්‍රාම ගත්තේය. 2009 වසරේ ඔහු එක්සත් ජාතීගේ සංවිධානයට බැදුනේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඔහු සේවය කලේ නියර් ඊස්ට් ඩිවිෂන් නොහොත් මැදපෙරදිගය. නියර් ඊස්ට් ඩිවිෂන් එක හරහා  අරාබි වසන්තය අති සාර්ථක අවසානයක් දක්වා ‍රැගෙන ගියේය. 2012 වර්ශයේදී එක්සත් ජාතීන්ගේ දේශපාලන කොම්සාරිස් ලෙස උසස් වීමක් ලැබුනේය. ඒ මුස්ලිම් ජනයාට ඔහු කල සේවය ලෝක ව්‍යාප්ත කිරීම උදෙසාය.

ජෙෆ් රි ෆෙලෙට්ම්ර් සිරිසේන රනිල්, සම්බන්දන් ,හකීම්, රිෂාඩ්, කබීර් , ෆයිසර් සියල්ලන් මුන ගැසුනේය. අනතුරුව වැඩ කලයුතු ආකාරය පිලිබදව රජයට උපදෙස් දුන්නේය .

 දින 7 ක් පුරා මහනුවර වෙලා ගත් දැවැන්ත භීෂනයේ මහා මොල කරු දැන් අත් අඩංගුවට ගෙන ඇත.  මහසොන් බලකාය නම් අති බිහිසුනු සටන්කාමීගේ  අනුත්තර අනදෙන්නා මොහුය.උන්ගෙ ප්‍රමුඛ පෙලේ සටන්කාමීන් සියල්ල අත් අඩංගුවට ගෙන ඇත. මොවුන් අතර පුපුරණ ද්‍රව්‍ය පිලිබද විශේසඥයෙන් කිහිපදෙනෙකුද වෙයි.  සයිබර් අපරාධ පිලිබද  ජර්මන් සහ චීන විශේසඥයන්ගේද සහාය ලබා ගනිමින් පරීක්ෂණ අති සාර්ථකව ඉදිරියට ගමන් කරයි. ෆේස්බුක් මූලස්ථානයෙන් ලද තොරතුරු අනුව දරුනු සටන්කාමීන් ගනනාවක්ම ඉදිරියේදීද අත් අඩංගුවට ගැනීමට නියමිතය. අත් අඩංගුවට පත්වූ සැකකරුවන්ගෙන් 99% ප්‍රධාන ජන වර්ගය නියෝජනය කරන වුන්ය.රාජපක්ෂලාගේ  ගම්පෙරලිය සමග මොවුන්ගේ ඇති  සම්බන්ධතාවය විශේෂ කන්ඩායමක් විසින් විමර්ෂනය කෙරෙමින් පවතියි  

ආන්ඩුවේ වැඩ සටහන මුස්ලිම් සමාජයටත් ආනන්දජනකය. පරීක්ෂණයේ වාර්ථාව පිලිගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෑස්තිය. නමුත් මේතරම් ‍රැවටීමක් තවත් වෙත්ද? ආන්ඩුව විසින් අත් අඩංගුවට ගත්තා යයි කියන මහනුවර භීෂණයේ මහා මොලකරු හුජ්ජ කොල්ලෙකි.ජාතිවාදය අවුලුවා කොරියාවේ සහ මැදපෙරදිග කොල්ලන්ගෙන් ගාන කැපීම උගේ වෘත්තියයි . අති බිහිසුනු සටන් කාමීන්  යයි කියන මහසොන් බලකාය කරන්නේ උදේ ඉදන් රෑ වෙනතුරු ෆේස් බුක් කෙටීමය. පැට්‍රොල් බෝම්බ හදන හැටි දැක්වෙන වීඩියෝ ඕනෑ තරම් අන්තර් ජාලයේ ඇත. එවන් වීඩියො ශෙයා කල උන් බෝම්බ විශේසඥයන්ය.  පැහැදිලිවම ආන්ඩුව මේ කරන්නේ මුස්ලිම් ජනතාවට කොකා පෑමකි. සමාජ ජාලා වාරණය හරහා සැරසෙන්නේ දවසින් දවස කුජීතවන  ආන්ඩුවේ හෙලුව වසා ගැනීමටය. 


2002 වසරේ චන්ද්‍රිකා රජය පෙරලීම සදහා ඇමක් ලෙස යොදා ගත්තේ මුස්ලිම් ජනතාවයි. මාවනැල්ල භීෂනය ඇතිවූයේ චන්ද්‍රිකා ජනාධිපති ස්මයේය . හකීම් අෂ්රොෆ් ඇතුලු මුස්ලිම් නායකයන් සිතුවේ මාවනැල්ලේ භීෂණය චන්ද්‍රිකා ගේ අනුදැනුව මත සිදුවූ බවය.ඒ අනුව මුස්ලිම් නායකයන්  චන්ද්‍රිකාගෙන් වෙන් වී රනිල් සමහ එක් වූයේය. කුමන්ත්‍රනය මෙහෙයවූ  එස්.බී දිසානායක ඇතුලු 17 දෙනෙකුගේ කල්ලියක්ද රනිල් සමග එක් වුනි.පාර්ලීමේන්තුවේ ඔලුගෙඩි  මාරුවකින් රනිල් බලය පැහැර ගත්තේය . සැබැවින්ම මාවනැල්ලේ සිද්ධිය පිලිබද කිසිම අයුරකින් චන්ද්‍රිකා ගෑවී නොතිබුනි.මාවනැල්ලේ  කෝලාහලයේ පසුබිම නම් ඔර්ලෝසු කනුව අසල සියලු ජනකොටස් වලට අවහිර වන පරිදි බුදු පිලිමයක් ඉදි කිරීමය. ‍රැයක් දවාලක් නොමැතිව ලවුඩ්ස් ස්පීකර් දමා පිරිත් කීමය.  මෙම සැලසුම  මෙහෙය වූයේ මහීපාල හේරත් විසිනි . මහීපාල හේරත් ඉ‍ටුකලේ එස්.බී ගෙන් සහ රනිල් ගෙන් ලද කොන්ත්‍රාත්තුවකි. රනිල් එස්.බී කල්ලිය  මුස්ලිමුන් රවටා ආන්ඩුවක් හැදුවේය 

 මේ කිසිවක් නොදත් අෂ්රොප්   චන්ද්‍රිකාට බිච් කියා දෝශාරෝපනය කලේය .අනතුරුව කුලියට ගත්  එම්.අයි 17 න් අම්පාරේ ගියේය. මාස්ටර්මයිඩ් සැලසුම අනුව අෂ්රොප්ද ගැ‍ටුමේ වින්දිතයෙකු විය . 2014 දී අලුත්ගම කෝලාහලය නැවතත් රනිල්ට ආන්ඩුවක් හදා දුන්නේය .එය  මෙහෙය වූයේ චම්පික රනවකය නමුත්  සාලවනයේ රිලවා මෙන් ගෝටාබය නිකරුනේ තලා ගත්තේය. 2018 මහනුවර කෝලාහලය  සිරිසේනගේ  අධ්‍යෂණයකි.  ඇහින්දාස් නලු නිලියන්

ඥානසාර හිමි හෝමාගම නඩුකාරයාට සත්තමක් දැම්මේය.  සුද්දගේ නීතිය පිලිගන්නේ නෑ යයි කීවේය. නඩුකාරයාට නීතිය ඉගැන්වීමට ගියේය.යහපාලන  විහාරමහාදේවිය වූ එක්නැලිගොඩ බිරිදට මහපාරේ හිගා කන්න කීවේය. මෙය සිදුවූයේ යහ පාලන ආන්ඩුව සමයේදිය . එය කෙලවර වූයේ ඥානසාර හිමිට උසාවියට අපහාස කිරීමේ නඩුවක් වැටීමෙනි. උසාවියට අපහාස කිරීම යනු අපරාධ නඩුවකි. හැමෝම සිතුවේ ඥානසාර හිමි ඇනගත්තා කියාය .

නමුත් ඥානසාර හිමි අදටත් යහමින් කල් ගෙවයි . ලංකාවෙන්ම ඡන්ද 5000 නැති ඥානසාර මැතිවරන කාලයට එකසිය ගානට වැඩය .වරෙන්තු පිට වරෙන්තු, නඩුපිට නඩු ඇති ඥානසාරට ඒවා ගැන වගේ වගක් නැත.පෞද්ගලික ආරවුලකින් මිය ගිය දිගන තරුනයාගේ  නිවසට පැමින අන්තවාදී ප්‍රහාරයේ පලමු වෙඩි මුරය තැබුවේ ඥානසාරය . මොහු  වැඩ කරන්නේ කාගේ හයියකින්ද ? ඉ‍ටු කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුද.   ඥානසාර හිමි බේරාගත්තේ සිරිසේනය.ඉ‍ටුකරන්නේ සිරිසේනගේ කොන්ත්‍රාත්තුය .ඥානසාරල ,අමිත්ලා, ඩෑන්ලා ඉත්තන් පමනි . දේශපාලන චෙස් පිටියේ ඉත්තන් අදින්නේ යටකී දේශපාලකයන්ය .අප වටහා ගත යුතු සත්‍ය නම් , න්‍යාය ක්‍රියාත්මක කරන හිස ආරක්ෂිතය.  උන්ඩය පිට කරන හස්ථය අනාරක්ෂිතය. භූ දේශපාලනයේ ග්‍රවුන්ඩ් රියලිටිය මෙයයි. 

Saturday 10 March 2018


Thursday 8 March 2018

මහනුවර ගිනිදැල් පි‍ටුපස බිහිසුනු කුමන්ත්‍රනයක්



ජාතිවාදී ගිනි ලු වලින් වැසීගිය  මහනුවර ප්‍රදේශය තවමත් යථා තත්වයට පත්ව නැත. ව්‍යපාරික ස්ථාන දින ගනනාවකට වැසී ගොස්ය. ගමනා ගමන  සේවා ඇන හිට ඇත. දවසේ පඩියෙන් ජීවත් වන පවුල් වල කුසගිනි නිවීම පවා  බරපතල අභියෝගයක් බවට පත්ව ඇත. ලීසිං , බැකු ණය හිර වී අනාගතය අවිනිශ්ච්චිත අඩියකට පත්ව ඇත. දෛනික ජන ජීවිතය උඩු යටිකුරු වී ඇත . මෙහි බරපතලම කාරනය නම් ඔය කිසිවක් නොවේ නමුත්  ජාතිවාදී ගිනිදලුවලින් අගතියට පත්වූන්ගේ මතකය අවසන් හුස්ම හෙලන තෙක් හොල්මන් කිරීමය. එම තත්වය  යලි සුවපත් කල නොහැකි අති භයානක රෝග තත්වයකි.

මහනුවර වෙලා ගත් ජාතිවාදී කලබලය අතිශය සැලසුම් සහගතව දියත් කරන ලද්දකි.  සී අයි ඩී ප්‍රධානී ෂානි අබේසේකර මහනුවරට පිටත් කර හැරියේ මෙවන් පසුබිමක් තුලය. මහින්ද පාර්ශවය ශානිගේ ගමන පිලිබදව දේශපාලන කෝනයකින් විග්‍රහ කර තිබුනි. මහින්ද පාර්ශවයේ ජාතිවාදීන්ගේ  මුග්ධ බව ශානි පිලිබද එම විචාරයේ මොනවට ගැබ් වී ඇත. එසේ කියන්නේ කරුනු කාරනා සහිතවය. කොළඹ තානපති බුද්ධි අංශ වලට වාර්තා වී ඇති පරිදි, තෙල්දෙනියේ සිදුවීම අති බිහිසුනු කුමන්ත්‍රනයකි. තරුනයා පි‍ටුපස අදිසි හස්ථයක් ක්‍රියාත්මක වී ඇත. ඒ පිලිබද අදහසක්  ගැනීමට පහත සරල සටහන ප්‍රමාණවත්ය.

කුමාරසිරි තරුණයාට පහර දීම සිදුවන්නේ කවදාද ?
පහර දීම සම්බන්ධව පොලිසියට ගොස් පැමිනිලි කලේ කවුද?
දින කීයක් ඔහු රෝහලේ ගත කලේද ?
ඔහු බැලීම සදහා පැමිනි පුද්ගලයන් පාලනය කිරීම හෝ සෝදිසි කිරීම නොකලේ ඇයි ?
කුමාරසිරි දැඩි සත්කාර එකකයෙන් සාමාන්‍ය වාට්‍ටුවට මාරු කලේද ?


කොලඹ තානාපති කාර්යාල වලට වාර්ථා වී ඇති පරිදි කුමාරසිරි මහනුවර රෝහලේදී අදිසි හස්තයක් විසින් මරා දමා ඇත. ඒ පිලිබදව ශානි අබේසේකර  වැන්නකු යොදවා පරීක්ෂණ කිරීම අතිශය යුක්ති යුක්තය. තවද මහනුවර ප්‍රදේශයේ භීෂනය පැතිරූ 60 ක පමන  සිංහල පිරිසක් අත් අඩංගුවට පත්ව ඇත. ඔවුන් කිසිවෙකු එම ප්‍රදේශයේ පදිංචි කරුවන් නොවේ. තවද ඔවුන් මහනුවර දිස්ත්‍රික්කයෙන් පවා එපිට දුර බැහැරින් පැමිනි අයය. අත් අඩංගුවට පත්වූවන්ගේ විශේෂ සලකුනු බොහෝය. පදිංචිය එකම බෝඩිමේය . සමහරෙක් එකම පවුලේ අයය , එකම ගමෙ අයය , එකම දේශපාලනඥයෙකුට වැඩ කරන අයවලුන්ය . කරුනු එසේ වූ කල්හි ඒ පිලිබදව පරීක්ෂණ කල යුතු නොවේද ?

කුමාරසිරි මියගියේ මාර්තු මස 3 දින රාත්‍රීයේදීය. මරණය ගෙදරට ‍රැගෙන ආ විගස ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් එක්ව රු ලක්ෂ 3 මුදලක් කුමාරසිරිගේ පවුලට ලබාදී තිබුනි. එය ලබා දී තිබුනේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේද  අනු දැනුම මතය .  තවද 4 වන දින රාත්‍රියේ තව ලක්ෂ 10 මුදලක් ඔවුන්ගෙන් ලැබීමට තිබුනි. මාර්තු මස 4 වන දින ඔහුගේ මල ගෙදරට ඥානසාර හිමි වඩැම්මේය. නමුත් ඥානසාරහිමි මලගෙදරදී කියා සිටියේ කුමක්ද ? මුස්ලිම් ව්‍යපාරිකයන්ගෙන් මුදල් ලබා ගැනීම අවඥාවට ලක් කලේය. උන්ගෙන් යැපීමට තරම් තවම්ත්  අප බංකොලොත් නැතැයි කීවේය . කැමරාවට ඔහු කුමක් කියා සිටියද තෙල්දෙනියට පැමින භීෂණයේ පලමු වෙඩිල්ල පත්තු කලේ ඥානසාර හිමිය. ඥානසාර ඉ‍ටු කලේ කාගේ කොන්ත්‍රාතුවක්ද ?

ශ්‍රී ලංකා ඉතිහාසයට නොමැකෙන කලු පැල්ලමක් එක් කල 83 කළු ජූලියට  ආසන්නම් හේතුව වුනෙ  ලුතිනල් වාස් ගුනවර්ධන  ඇතුලු 13 මරණයට පත්කල කොටි ප්‍රහාරයයි.  හේම ශ්රී කියන්නේ ලංකාවේ කවුරුත් දන්න මාධ්  වේදියෙක්. ඔහුගේ සහෝදරයත් මේ කොටි ප්රහාරයෙන් මිය ගියා. මිය ගිය  සහෝදරය පිලිබද හේම ශ්රී මෙහෙම සටහනක් තියනව.

"මගේ මල්ලී රටේ පැවති දේශපාලනය සහ ජාතිවාදී තත්වය ගැන කිසිත් දැන නොසිටි අතර ඔහු දැන සිටියේ ඉලක්කයට වෙඩි තබන්නටත් මවු බිමට ආදරය කරන්නටත් පමණිකඩමන්ඩි වල බොරු ප්රචාරවල සිට පත්තර වල ලොකු අකුර දක්වාම ජාතිවාදය  ඇවිලුනේය අවසන බොරැල්ල කනත්තට සිරුරු බාරගන්නට පැමිනියේ ඥාතීන් පමණිඑහෙත් බොරැල්ලේ සිට මුලු කොලඹටම ගිනි තියන්නට දහස් ගනන් අයවලුන් පොර කෑහ. කඩ ගිණි තැබූ විට මට මගේ සහෝදරයා යලි හමුවේ නම් මුල්ම දෙමල කඩයකට ගිනි තියන්නේ මමය .  ඔවුන් මගේ සහෝදරයාගේ මරණය පිලිබද කනගා‍ටු  නොවේ . ඔවුන් තුල ඇත්තේ දේශප්‍රේමය නොවේ,  නමුත් කඩ ගිණි  තැබීම සහ  බඩු පැහැරගැනීම පමණි "

දේවදූතයන් පය නොගසන භූමියේ  පාපතරයන් පිනුම් ගැසීම ලෝක ස්වභාවයයි. රට ගොඩ ගැනීමට ඇති එකම මග නම් නීතියේ පාලනය ස්ථාපිත කිරීමයි.

Tuesday 6 March 2018

අවර අවි


ජාතික ව්‍යාපාරය සහ  ගෝටාබය නැමති දේශපාලන ලදරුවා

යලිත් වරක් ජාතීන් අතර සාමය ගිනි අවුලුවමින් ප්‍රචන්ඩත්වය හිස ඔසවා ඇත. අවි හැරවිය  යුත්තේ ගෙන්දගම් පොලොවේ ජීවිත ගැටගසා ගැනීමට වෙර දරන තවත් ජන කොටසක් දෙසට නොව අස්ථාවාදී දේශපාලකයන්  දෙසටය.කුලී කාර ආගමික කල්ලි සහ  දේශපාලන අවස්ථාවාදීන් නැමති දලඹුවන් බිහිවන්නේ වල් වැදුනු  නීති රාමුව නම්  කෝෂය තුලය . ලිපිය ලියන විටත් පොලීසිය විසින් Face book , whatsapp, messenger, blogs   මොනිටර් කිරීම අරඹා ඇත . ඒනමුත් සත්‍ය කිමට කුමට බිය විය යුතුද 



ඊලාම් යුද්ධය තුල චම්පික රනවක විශාල කාර්ය භාර්යක් ඉ‍ටුකල බව සෑබෑය. ඊලාම් යුද්ධය අවසන් කල ගැම්මටම ඔහු තවත් මෙහෙයුමක් ආරම්භ කලේය .මුස්ලිම මූලධර්මවාදය ගැන ඔහු පොතක් ලියුවේය . ඒ පිලිබද සම්මන්ත්‍රන කිහිපයක්ද පැවැත්වූයේය. නමුත් දෛවඥයෙකු විසින් 2020 තමාට රාජ යෝගයක් ඇති බව පැවසූ පටන් සියල්ල උඩු ය‍ටුකුරු විය. එතැන් පටන් ප්‍රාදේශීය දේශපාලනයට තිත තබා ජාතික දේශපාලනයට කුරුමානම් ඇල්ලුවේය.  මුස්ලිම් ආගමට එරෙහිව ලියු පොත සගවා ගත්තේය.තැන තැන පැවැත්වූ සම්මන්ත්‍රන නවතා දැමුවේය .රෑ දනියෙල් දවල් මිගෙල් වූයේය. විදේශ තානාපතින් සමහ පෑහීමට පටන් ගත්තේය . 


මේ අතර තුර මහින්දගේ දෙවන ධූර කාලයේ අවසාන භාගය එලඹිනි. චම්පිකට ඉස්මතුවීමට මහින්ද විසින් හයිජැක් කර තිබෙන  ජාතික ව්‍යාපාරය යලි අතට ගත යුතුව විය. මහින්ද -ගෝඨාභය සිටින තාක් ජාතික ව්‍යාපාරය යලි චම්පික අතට ගත නොහැක. මහින්ද දේශපාලනයෙන් අතු ගෑ දැමීම ඔහුගේ සැලසුම විය. චම්පික මහින්දගේ ආන්ඩුවේ සිටියදීම රනිල් – චන්ද්‍රිකා සමග ගනුදෙනු කිරීම ආරම්භ කලේය . මහින්ද පැ‍රැදවීමට නම් එක්කෝ සිංහල බෞද්ධ බලවේගයෙන් කොටසක් වෙන් කල යුතු විය නැතිනම් මහින්ද සමග සිටින මුස්ලිම් ජනයා වෙන් කල යුතු විය. ඉන් චම්පිකට පහසු වූයේ දෙවැන්නය.



විහාරමහා දේවී පාක් එකේදී කුමර් රූපසිංහට එල්ල කල ප්‍රහාරයෙන් පසු විශ්‍රාම ගන්වා සිටි  ඥානසාර හිමිට නැවත කැදවිමක් ලැබුනේය. චම්පිකගේ කොන්ත්‍රාත්තුව අනුව ඥානසාරහිමි වැඩට බැස්සේයදේශපාලනය පිලිබද හසරක් නොදන්නා ගෝඨාභයද ඥානසාර සමග පෑහුනේය. ලොව සෑම ආගමකටම , ජාතියකටම අනන්‍ය වූ අභිලාශ ඇත. නමුත් ඒවා විසදා ගත යුත්තේ ගින්දරින් නොව තුන්කල් නුවනින් යුතුවය .බෞද්ධයන් මුහුන දී සිටින සංවේදී ගැටලු පිලිබද කථා කිරීමට ඥානසාරගේ බුල්ඩෝසර් ශෛලිය ඔබින නොවේ2013 මාර්තු මස 15 දින චම්පික විසින්  අල් ජිහාඩ්-අල්කයිඩා  කෘතිය එලි දක්වා තිබුනු අතර බොදු බල සේනාව නම් කෝච්චිය ධාවනය වූයේ චමිපික ලියු පොත් පින්චේ පීලි මතය.ගෝටාබය නැමති දේශපාලන ලදරුවා කෙලවා ගත්තේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න සැදීමට ගොස්ය බොදු බල සේනාව වැනි සංවිධානයක් සමග එකට සිටගෙන ගෝටාභයට යා හැකි ගමනක් නැත  .චම්පික විසින් එය තේරුම් ගත්තද ගෝටබය එය තේරුම් ගත් බවක් නොපෙනේ 



මුස්ලිමුන් කොයිබටද ?
වහාබි වාදයයනු 17 වන සියවසේ විසූ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් විසින් පන පෙවූ රැඩිකල් හර පද්දතියකි. මොහු විසින් ඇති කලා වූ පුනරුදය සද්භාවයෙන් කලා වුවද දේපාලකයන්එදා සිට අද දක්වාම ඔහුගේ ඉගැන්වීම දේශපාලන අතකොලුවක් ලෙස භාවිතා කරන්නේය. එය මුලින්ම ආරම්භ වූයේ ප්‍රාදේශීය පාලකයන්ගෙනි. ඉන්පසු සෞදි රජ පවුල මක්කා මදීනා ඇතුලු භූමිය අල්ලා ගැනීමට උපක්‍රමයක් ලෙස යොදා ගත්තේ වහාබ් වාදයයි. ක්‍රමයෙන් වහාබ් වාදය දේශපාලන ව්‍යපෘතීන්ට නැතිවම බැරි උපකරණයක් බවට පත්වූයේය. බ්‍රිතාන්‍යයන් විසින් ඔටොමන් අධිරාජ්යට එරෙහිව සටන් කිරීමට  බලල් අතක් ලෙස යොදා ගත්තේ සෞද් පවුලයි. ඔටෝමන් අධිරාජ්‍යයාට එරෙහිව ජනතාව කුපිත කිරීමට වහාබ් වාදය යොදා ගත්තේය. අදද අඩු වැඩිව වහාබ්වාදය සේවය කරන්නේ බරහිර කදවුරටය

1996 සිට විසි  වසරක් පුරා  ඇමරිකානු මුස්ලිමුන් වෙනුවෙන් රාමදාන් ඉෆ්තාර් භෝජන සංග්රහයක් ධවල මන්දිරයේ පැවතියේය. නමුත්ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් හේතු දැක්වීමන් තොරව මෙම ඉෆ්තාර් භෝජනය සංග්රහය නවතා දැමීය. එම පුවත ලොව පුරා අවධානයට ලක්විය. කොළඹ ඇමරිකානු තානාපති අතුල් කේෂප්ද  ධවල මන්දිර පරිපාලනයට සමගාමීව රාමදාන් ඉෆ්තාර් උත්සව  අවලංගු කලේය. තෙල්  රජවූ කාලයේ අවසානයට දැන් පැමින ඇත.අරාබි  තෙල් වලට වඩා ලාභ දායි විකල්ප  නවීන විද්‍යාව විසින් සොයාගෙන ඇත .වහාබ් වාදයේ මහගෙදර වූ සෞදි අරාබිය පවා මේ සත්‍ය වටහා ගෙන ඇත 



සෞදියේ සල්මාන් කුමරු ආගමික පොලීසිය (මුතෙව්වා ) දෙකේ කොලයට දමා ඇත . ආගමික පොලීසියට වැ‍ටුප් ගෙවීම අත්හි‍ටුවා ඇත. කාන්තාවගේ කලු කබා  අනිවාර්ය නීතිය ඉවත් කර ඇත.  නියොම් නම් වූ  සංචාරක පුරවරයක් ඉදිකිරීම පසුගිය නොවැම්බරයේදී ගිවිසුම් ගැසුවේය.එහි ක්‍රියත්මක වන්නේ ශරියා නීතිය නොවේ .කැසිනො, කුඩු සහ ගනිකාවන් නොමැති ඉසව්වකට පැමිනෙන සංචාරකයෙක් නොමැත . නියොම් ව්පෘයිතියේ ප්රධාන විධායක නිලධාරී  Dr. Klaus Kleinfeld- ප්රධාන ආයෝජක Stephen A.Schwarzman සහ රොබෝ තාක්ෂන ප්රධානී  Marc Raibert යුදෙව් ජාතිකයන්ය..නියොම් නගරය ජොර්දානයේ ඇකබා, ඊජිප්තුවේ තාබා සහ ඊශ්‍රායෙලයේ එයිලට් වරාය නගර හා එකට සම්බන්ද වූවකි. නො එසේනම් සෞදිය විසින් ඊශ්‍රායෙලය පිලිගැනීමයි
ශිව සේනා, 969, අයි-එස්, අල් කයිඩා, බොදු බල සේනා, තව්හීද් ජමාත් වැනි විවිධ කන්ඩායම් කලින් කලට පැමිනෙයි. බැලූ බැල්මට ඔවුන් පෙනී සිටියේ එක් අභිලාශයක් වෙනුවෙනි. ලස්සන අකුරු, පද, පේලි යොදා ඔවුන්ගේ දැක්ම කැටයම් කර ඇත. සැබැවිනම් ඥානසාර හිමි හෙලයන්ට කල සේවය කුමක්ද ?  රාජපක්ෂලාගේ භූමිකාව අවසන් කිරීමද ? උලමා සභාවට අභියෝග කරන තව්හිද් ජාමාත් සම්ස්ථ මුස්ලිම් ප්‍රජාවට කල සේවය කුමක්ද ? බුදුන්වහන්සේ මිනීමස් කෑවේය , වැනි ප්‍රකාශ ජනගත කිරීමද ? මෙම කල්ලි කන්ඩායම්  කරන්නේ රහස් සංවිධානයක කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමය. අන්තවාදය සාතන්ගේ දාසයෙකු මිස දේවදූතයෙකු නොවේ.