Sunday 18 March 2018

රනිල් ගේ පපුවට පිහියෙන් ඇන අතින් වැසූ සිරිසේන.




දේශපාලනය යනු ධනය  සහ බලය ‍රැස් කිරීමේ  පහසුම මාර්ගයකි.එහි  රස වැ‍ටුනු දා පටන් රජ වීම ගෝටාබයගේ සිහිනයක් විය. ඊට මාර්ගය ලෙස ඔහු ‍තෝරා ගත්තේ සිංහල බෞද්ධ සමාජයේ ගැලවුම්කරුවා ලෙස නැගී සිටීමයයුද්ධය අවසන් වී තුන් මසක් ගතවී යාමට මත්තෙන් යුව රජා නොහොත් ඩිපියුටි කිං නමින් වීඩියෝවක් නිකුත් විය. මෙය රජ මාවතේ ගෝටාබයගේ බලලා එලියට පැන්න පලමු සිදුවීම විය. නමුත් රාජපක්ෂ පවුලෙන් හා එල්ල වූ මහජන විරෝධය හමුවේ වීඩියෝව හකුලා ගැනීමට ගෝටාබයට සිදුවිය. යකො ''යුද්ධයෙන් හම්බකරපු එකා යුව රජා, යුද්දේ කරපු උන්ට හුලං '' ෆොන්සේකාගේ දේශපාලන ආගමනයටද ගෝටාගේ කඩි කුලප්පුව  ප්‍රබලව  බල පෑවේය. 

යුධ නිමාවෙන් පසු  බොබසේ අරඹයා ‍රැල්ලක් නිර්මානය වීම ගෝටාභයට දැරිය නොහැකි විය. ‍බොදු බල සේනාව ගොඩ නැගුනේ චම්පිකගෙන් සොරකම් කරන ලද අයිඩියොලොජියක් මතිනි. රැල්ල තමා වෙත නතු කරගැනීමට ගෝටාබය කුරුමානම් ඇල්ලුවෙය. දේශපාලනයේ ගද සුවද නොහදුනන  ගෝටාබය බෝබසේ දරුවා  ඇති දැඩි කලේය  . නමුත් දේශපාලන අලි ඉදිරියේ සාල වනයේ රිලවා මෙන් ගෝටාබයට අත්වූයේ තලා ගැනීම පමනි. රාජපක්ෂලා අද ගෙවන්නේද ගෝටාභයගේ කරුමයක විපාකයකි.නමුත්  රාජපක්ෂලාට කෙල වුනද ගොටාබය බො.බ.සේ අත් හලේ නැත 

ලංකාවේ  ලොකුවට බැදපු  චෛත්‍ය, පිලිම ගෙවල් ඕනෑ තරම් ඇත.බූදල් රකින පන්සල් ඕනෑ තරම් ඇත. නමුත්   ධර්මය  හිගය.  පටිසෝතගාමී භික්ෂුවක් සෙවීම නොමල ගෙයකින් අබැටක් සෙවීමකි. කො‍ටුපනින , චන්දය ඉල්ලන, කට්ටඩි වැඩ කරන , ස්ට්‍රයික් කරන, ගල්  ගහන භික්ෂූන් ඕනෑ තරම් ඇත. දේශපාලන කොන්ත්‍රාත් ඉ‍ටුකරන කුලීකාර භික්ෂුන් ඕනෑ  තරම් ඇත.වර්තමානයේ කුලී කොන්ත්‍රාත් සදහා ඉහලම ඉල්ලුමක් ඇත්තේ ඥානසාර  භික්ෂුව වෙතය. එදා කුමාර් රූපසිංහගේ ‍රැලියකට පහර දී කල එළි බට ඥානසාරගේ  සංග පාතාලය මහ නුවර දක්වා අතිසාර්ථකව ක්‍රියාත්මක වී ඇත. 

ගෝටාබයගේ 2020 මැතිවරණ ව්‍යාපෘතියේ ප්‍රභල අනුග්‍රාහකයෙකු වී ඇත්තේ සිරිසේනය. එපමනක් නොව ගෝටාබයට එල්ල වී ඇති චෝදනා වලින් ආරක්ෂා කරන්නේ සිරිසේනය. මහනුවර ප්‍රහාරය ගෝටාබයගේ මැතිවරණ සිතියමේ දිගුවක් බව අද ඔප්පු වී ඇත. මහනුවර ප්‍රහාරය දින 7 ක  වැඩ සටහනක් විය. එම කාලය තුල මුස්ලිම් ජනයා භීතියෙන් භීතියට පත් විය. රනිල්ගේ ආන්ඩුවෙන්  ලැබිය  හැකි ‍රැකවරනය පිලිබද බලවත් ප්‍රශ්නාර්ථයක් මුස්ලිම් ජනයා කෙරේ ඉතිරි විය. ඔවුන් බරපතල අපේක්ෂා භංගත්වයකට පත් විය . අනෙක් පැත්තෙන් අලුත්ගම ප්‍රහාරයේ කලු පැල්ලම යම් තාක් දුරට මකා ගැනීමට ගෝටාබයට හැකි විය. මහනුවර ප්‍රහාරයෙන්එක ගලින් ජෝඩුවක්ම බා ගැනීමට ගෝටාබයට හැකි විය

මහනුවර ප්‍රහාරය දේශපාලන  ගෝනි සෙල්ලමකි . සිරිසේන රනිල්ගේ පපුවට පිහියෙන් ඇන අතින් වසා සිටියි.   2020 ගෝටාබයගේ මැතිවරන ව්‍යපෘතිය වෙනුවෙන් මහනුවර ප්‍රහාරය මෙහෙය වූයේ  ඥානසාර සහ සිරිසේනය . සිරිසේනගේ ගෝනි සෙල්ලම් නිසා රනිල්ට අත්වී ඇති  ඉරණම  සරල කථාවකින් පැහැදිලි කල හැක . 
එක්තරා ගමක හිටියා කො‍ටු පනින ගෑනියෙකුයි  ගම්මුලා දෑනියෙකුයි. ගෙහිමියා බැහැරක ගිය රාත්‍රී කාලයක ගැහැණිය තමාගේ හොර මිනිහා වන  ගම්මුලාදෑනියා ගෙදරට ගෙන්න ගන්නේය. දිනක් හදිසියේ නිවසට පැමිණි ගෙහිමියා නිසා, තක්කු මුක්කු වූ ඇය කිසි දෙයක් කරගන්න නොහැකිව ගම්මුලාදෑනියා ඇඳ යට සැඟවූවාය. එහෙත් නිවසේ යම් කෙනෙක් ඇතැයි සැක කල ගෙහිමියා නිවසේ හැම තැනම පරීක්ෂා කර ඇඳ යට බලා, ගම්මුලාදෑනියා දැක, ‘රාළහාමි මොකද ඇඳ යට’? කියා ඇහුවේය. “යකෝ, මගේ වැයික්කියේ කොතන ඉන්නද මට බැරි? කියමින් ගම්මුලාදෑනියා දොර අරගෙන එලියට ආවේය. මේ කථාවේ ගෙහිමියා රනිල්ය.

සිරිසේන පවුලේ අද තත්වය ඉතාම කනගාටුදායකය. බන පොතේ කියන පරිදි ඇත් කුණකට වැසූ කපුටන් රංචුවක් මෙනි. සිහියක් පතක් නොමැතිව මල කුන රස බලයි. සිරිසේනගේ දුවල, මාමල, බෑනල සනුහුරයම  අසිහියෙන් මෙන් සොරකමේ යෙදී සිටියි. මලකුනේ ඇලී ගැලී සිටින කපුටන්ට සිහිඑලවෙන්නේ ගැඹුරු දියඹෙහිදීය. එහිදී උන්ට යලි ගොඩබිම පැමිනීමක් නැත. ගෝටාබය සරණ මිස සිරිසේනට සරණක් නැත .  සිරිසේන - ගෝටාබය  සමග ඩීල් දැමීමේ  රහස එයයි. බැසිල් ගැන කියනකොට බොහෝ අය අවඥාවෙන් කියන්නේ ඔහු ඩීල් කාරය කියල. නමුත් ගෝටාබයෙගේ කව් බෝයි  ඩීල් ගැන කිසිවෙකුට ගැටලුවක් නැත. දඩ මසට හුරුවූ ප්‍රජාවකට දඩයක්කරුවාගෙන් මිස කිරි  විකුනන්නෙකුගෙන් පලක් නොමැත. සියල්ල සිදු වන්නේ ඉල්ලුම සැපයුම අනුවය. 


No comments:

Post a Comment