Sunday 18 April 2021

විමල් ජවිපෙ සමග එකතුවීමට පණිවිඩ යවලා – විමල් ගන්නවාට අනුර අකමැතියි

ශ්‍රීලංකා පොදු ජන පෙරමුනෙන් අවඥා සහගත ලෙස එළවා දැමීමට නියමිත විමල් වීරවංශ සිය මහ ගෙදර වන ජවිපෙ වෙත ඒමට අවසර ඉල්ල ඇති බව අතිශය විශ්වාස දායී ආරංචි මාර්ගයකින් අපට වාර්තා විය.

ගම්මන්පිළ සජිත්ගේ පෙරමුණ සමග එකතු වීමට නියමිත නමුදු විමල් විරවංශ සජිත්ගේ පිල සමග එකතු වීමට කැමැත්ත දක්වා නැත.

විමල් මේ වන විට ජවිපෙ සමග එකතුවීමට සාකච්ඡා ආරම්භ කොට ඇත. නමුත් ප්‍රතිපත්තීමය කරුණු නිසා විමල්ට යලි ජවිපෙ සාමාජිකත්වය පිරිනැමීම ගැටළුකාරී වී ඇත . විශේෂයෙන් ප්‍රකාශිතවම විමල් සතු බූදලය ඊට හරස් වී ඇත. ( විමල් සතු ලෝක ප්‍රසිද්ධ බූදලය)

අනුරවාදී පොලිට් බියුරෝ සාමාජිකයන් විමල් සමග එක සාකච්ඡා මේසයේ වාඩිවීමටද කොන්දේසි දමා ඇත. කඩුවෙල පිහිටි විමල්ගේ නිවස අනාථ නිවාසයකට බාරදී සාකඡාවලට එන ලෙස ඔවුන් දන්වා ඇත

මූලිකවම ඊයේ හිරු සළකුන වැඩසටහනට අනුර කැඳවූයේද මේ පිළිබදව ප්‍රශ්න කිරීමටය. නමුත් තුන්කල් නුවනින් වචන හැසිරවූ අනුර තමාත් පොලිට් බියුරෝවත් ආරක්ෂා කරගැනීමට සමත් විය. කෙසේ වුවද විමල්ගේ වෙබ් අඩවිය වන ලංකා ලීඩ් මේ වන විට ජවිපෙ ඔසවන පුවත් පල කිරීම අරඹා ඈත

ඉදිරියේදී ආණ්ඩුවේ විශාල පිපිරීමක් සිදු වන බවත් ඉවසීමෙන් සිටින ලෙස ඊයේ විපක්ෂ නායක කාර්යාලෙයෙන් ලිඛිත ප්‍රකාශයක් කොට තිබු

No comments:

Post a Comment