Sunday 18 April 2021

විමල් ජනාධිපති සටනට,අමාත්‍යංශ සම්පත් යොදා වොයිස් කට් සංවිධාන හදලා,බැසිල් එළවන තක්කඩි විමල්ගේ ඔඩොක්කුවේ – බුද්ධි අංශ වාර්තාවක් කියයි

 


රටක රජ්‍ය නායකයා බවට පත් වීම දුෂ්කර ප්‍රයාණයකි. නමුත් ලංකාවේ එය එසේ නොවේ. ඩී.බී විජේතුංග , දි.මු ජයරත්න , රත්නසිරි වික්‍රමනායක , සිරිසේන වැනි පිං හාමිලා ඊට සාක්ෂිය.

කරුනු එසේ හෙයින් විමල් වීරවංශ ලංකාවේ අනාගත ජනපති හෝ අගමැති කෙනෙකු වීමට කුරුමානම් ඇල්ලිමෙහි කිසිදු අපුලක් නැත.

ජාතිවාදය බලය ලබා ගැනීමට හොද ඇමක් වුවද රජ්‍ය පාලනය කිරීමේදී හෙණයකි. මේ හේතුව නිසා රාජපක්ෂලා මැතිවරණ කාලයේ සුරතල් කළ ජාතිවාදින්ගෙන් නිදහස් වීමට දැන් දිවා රෑ වෙහෙසෙයි.

දැන් ජාතිවාදී කල්ලි වලට මැද මුලන වලව්වෙන් රස බොජුන් ලැබෙන්නේ නැත. විරහව, ලැජ්ජාව මෙන්ම ජාතිවාදීන්ගේ රෙදි ගැලවී ඇත.

තත්වය මෙසේ තිබියදී, අනාගත ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් සිටින විමල් බොර දියේ මාළු බෑම පටන් ගෙන ඇත. විමල්, විරහ වේදනාවෙන් පෙලෙන ජාතිවාදීන්ගේ බලාපොරොත්තුව බවට පත්ව ඇත.

මේ වන විට දේශහිතෛශී ජාතික ව්‍යාපාරය, දේශප්‍රේමී විද්වත් සංසදය, පිස්සු ආචාරියාගේ කල්ලිය, නාථ දෙවි කල්ලිය , සිවුරු කල්ලි ඇතුළු සංවිධාන ගණනාවක් විමල් සතුය. (වොයිස් කට් සංවිධාන )

විමල් දැන් වෙනදාටත් වඩා ඇක්ටිව් වී ඇත. කර්මාන්ත අමාත්‍යංශයේ වපසරිය අවභාවිතා කරමින් පොල් කඩන එකාගේ සිට ඉංජිනේරුවන් දක්වා සංවිධාන ගොඩනගමින් සිටියි.

විමල් ඊයේ එහි තවත් පියවරක් ඉදිරියට තැබුවේය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නමුන් අළුත් සංවිධානයක් හැදුවේය. මෙම සංවිධානයේ මුලසුන දරන්නේ බැසිල් පුකට පයින් ගසා එළවා දැමූ GMO කල්ලිය ( පාදෙනියගේ ලේ මාපිල් කල්ලිය) විසිනි.

මෙම කරුණු අපේ වචන වලින් ලියුවද සාරාංශය උපුටා ගන්නා ලද්දේ රටේ ඉහලම පුද්ගලයෙකුගේ මේසයේ තිබූ බුද්ධි අංශ වාර්තාවකිනි

විමල් වීරවංශ අප්‍රිකානු කැලෑ වල සිටින හයිනා නම් විලෝපිතයාට සමාන කරමින් උදයංග වීරතුංග මුහුණු පොතේ සටහනන් තැබුවේ යටකී වාර්තාව ලැබීමෙන් අනතුරුවය

උදයංග තැබූ සටහන පහත දිගුවෙන් කියවන්න

No comments:

Post a Comment