Sunday 18 April 2021

මැදපෙරදිග අම්මලා ගණිකා වෘත්තියට ඇද දැමූ නන්දසේනට එරෙහි විරෝධයට ඔබත් එන්න


මේ වන විට මැදපෙරදිග අපේ අම්මලා තිස් දහසක් පමන අන්ත අසරණ තත්වයට පත්ව ඇත. ඉඳුම් හි‍ටුම් , කෑම බීම වැනි මූලික අවශ්‍යතා පවා අහිමිව ඇත. අපේ අම්මලා දහස් ගණනකට කොරෝනා වැලදී ඇත. සිය ගණනක පිරිසක් මිය ගොස් ඇති අතර තවත් එවැනිම පිරිසක්  ගැන කිසිදු තොරතුරක් නැත. මැදපෙරදිහ අපේ අම්මලා  දන්නා ඉතිහාසයේ දැවැන්තම ඛේදවාචකයට ගොදුරු වී සිටියි.

ඔබ කුමන තරාතිරමක, කුමන වෘත්තික නිරතවී සිටියද , මැදපෙරදිග අපේ අම්මලා ගැන හඬක් නැගීමට යුතුකමක් ඇත.

පසුගියදා ඔමාන් රාජ්‍යයේ වෙසෙන ලාංකික අම්මාවරු පිරිසක් හද කම්පාකරවන සුළු වීඩියෝවක් අන්තර් ජාලයට එකතු කර තිබුනි. තමන්ගේ අසරණ බාවය නිසා ඔවුන් ගණිකා වෘත්තියට ඇද  වැටී ඇති බව ඔවුන් විසින්ම ප්‍රකාශ කලහ.

ශ්‍රමිකයන්ට පෙරළා පැමිනීමේ අයිතිය තහවුරු කරන ලෙසට ඉල්ලා පවත්වන උද්ගෝෂණය මාර්තු මස 9 දින පව් 2ට කො‍ටුව දුම්රිය පොළ ඉදිපිටදී පැවැත්වේ.

ශ්‍රමිකයන්ට පෙරළා පැමිනීමේ අයිතිය තහවුරු කරන ලෙසට ඉල්ලා සිටින e පෙත්සම. http://ipt.io/6N5NF

මැදපෙරදිග අඳෝනාව ඔබට තවමත් නො ඇසුනේ නම් මෙන්න අහන්න,

https://youtu.be/oGGCAf1q2TA

No comments:

Post a Comment