Sunday 18 April 2021

වියත්මග’ පළුවක් චම්පිකගේ 43 වන සේනාංකය සමග එක් වෙයි

 

අර්බුධයක් නිර්මානය කරමින් බලයට පැමිනෙන පුද්ගලයා එම අර්බුධයෙන්ම විනාශයට පත්වන බවට කථාවක් ඇත. ගෝඨාභය රාජපක්ෂගේ පදවිප්‍රාප්තියද එවැනි කථා වස්තුවකි.

ගෝඨා බලය වෙනුවෙන් පෑ ගෝනි සෙල්ලම් නිමක් නැත. 2015 සිට 2019 දක්වා අද්භූත ලෙස පෑ ගෝනි සෙල්ලම් . පත්තුකල ගිණි බට අපමනය. තුවක්කුව බැන්ද එකා පැහැදිලි නොවුවද , දඩයම් කරේ තියාගෙන යන විට තුවක්කුව බැන්දේ ගෝඨාභය බව බොහෝ දෙනෙකු සැක කළේය.

නමුත්, මේ වන විට තුවක්කුව බැන්දේ ගෝඨා තනියම නොවන බවට කරුනු හෙළිදරව් වී ඇත .ගෝඨාද ඉත්තෙක් පමනක් බව හෙළිදරව් වෙමින් පවතියි. එනම් ගෝඨා බලයට පත්කිරිමේ සමස්ත ක්‍රියා දාමය මෙහෙයවා ඇත්තේ වෙනත් අයෙකි. (ඒ පිළිබදව සියලු සාක්ෂි අප සතුව ඇත . නුඳුරේම එය හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙමු)

ගෝඨා බලයට පැමිනීමේ තිරය පි‍ටුපස කථාව ගැන ලංකාවේ විද්වතුන්ට , වෘත්තීය වේදීන්ට මේ වන විටත් ඉව වැටි ඇත. බලය වෙනුවෙන් තමන් කඩේ යැවූ ගෝඨාභය ගැන වියත් මග බොහෝ දෙනෙකු මේ වන විට කළකිරී සිටියි. ඔවුන්ගෙන් විශාල පිරිසක් මෑතකදී චම්පික ජනගත කළ 43 සේනාංකය සමග එක් වීමට කැමැත්ත පළ කොට ඇත .

වියත්මග සංවිධානයෙන් ඉවත්වී 43 වන සේනාංකය සමග එක්වීමට යන පිරිසකගෙන් අප විමසීමක් කළ අතර අදාල පුවත සත්‍ය බව ඔවුන් තහවුරු කළහ. තවද 43 සේනාකය හුදු ආණ්ඩු මාරුවක් අපේක්ෂා කරනවාට වඩා වගවීම ප්‍රමුඛතාවයෙහිලා සලකන බැවින් නිසි වේලාව පැමිනි විටවැඩි විස්තර හෙළි කරන බවද ඔවුන් කිහ.

No comments:

Post a Comment