Wednesday 28 February 2018

ජාතික ව්‍යාපාරය සහ මැදමුලන ප්‍රාන ඇපය


සිංහල බෞද්ධ අනන්‍යතාවය නොසලකා හැරීමේ වැඩ පිලිවෙල ආරම්භය වූයේ චන්ද්‍රිකා පාලන සමය තුලදීය. ඒ අනුව ජාතික ව්‍යාපෘතියක බරපතල හිඩසක්  පැවැතුනි.  චන්ද්‍රිකාගේ පාලන කාලය තුල ගොඩ නැගුනු ජාතික  ව්‍යාපාරයට  පන දුන්නේ චම්පික රනවක ප්‍රමුඛ පිරිසකි. 2005 වසර මැතිවරනයේදී චම්පකලා බිහිකල දරුවා මහින්දගේ සාසනයට භාර කරනවා විනා වෙන විකල්පයක් නොවිනි. මහින්ද බලයට පත්වුවද යුධ ක්‍රියාමාර්ගයකින් එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කල හැකි යයි ඔහු විශ්වාස නොකලේය. බලයට පත්වූ මහින්ද එක් කකුලක් ආරක්ෂක මන්ඩලයේ වූ අතර අනෙක කුමාර් රූපසිංහගේ සහජීවන පදනමේ විය.

මාවිල් ආරු වසා දැමූ විට පාගමන් ගොස් සොල්දාදුවාගේ සිට තරු ජෙනරාල් දක්වා දේශප්රේමය එන්නත් කලේ රාජපක්ෂලා නොවේ. කොලඹ සුවපහසු දිවියක් ගෙවමින් ටැමිල් නෙට් මෙහෙයවූ සිවරාම් නිහඩ කොට කොටින්ට කත් අදින උන්ට පනිවිඩයක් දුන්නේ  රාජපක්ෂලා නොවේ. ත්රිකුනාමලයේ කොටි පිස්තොල කල්ලිය රජවූ අවදියක දකුනෙන් බුදු පිලිමයක් වඩම්වා එය නගර මධ්යයේ පිහිටුවා උන්ට  අභියෝග කලේ රාජපක්ෂලා නොවේ. කොටි පිස්තෝල කල්ලිය සිංහල ජීවිත 42 ක් බිලි ගනිද්දී ඩොක්යාඩ් පාරේදී උන්ට රිටන් එක දුන්නේ රාජපක්ෂලා නොවේ. රාජපක්ෂලා කරේ කොටින් සමග ගේම ඉල්ලූ ආරක්ෂක උපදේශක කොටකදෙනියගේ තනතුර අහෝසි කොට ඔහු ගෙදර යැවීමය

යුද්ධය කිරීමට   රාජපක්ෂලා ටිකක් අදි මදි කලද  ආයුධ මිලදී ගැනීමට නම් පැකිලුනේ නැත.  හමුදාව බෝම්බ සීයක් ඉල්ලන විට දෙසීයක් දුන්නේය. ඒ හැම ගනුදෙනුවක් තුලම කොමිස් කුට්ටියක් ඔවුන්ගේ සාක්කුවට වැ‍ටුනි. ඒ කෙසේ වුවද   රනිල්ගේ කොටි හුරතල් කරන සාමයට වඩා ලේ හැලෙන යුද්ධය  මහජනතාව   වැලද ගත්තේය  . මෙකී ප්‍රවනතාවය හදුනා ගැනීමට මහින්දගේ දේශාපලන ඉව ඕනැවටත් වඩා සමර්ථ විය. වැට උඩ සිටි මහින්ද මිලිටරි ව්‍යාපෘතිය සමග එකට සිටගත්තේ ඒ අනුවය. යුද්ධය ජයග්‍රාහීව අවසන් විය . ඒ සමගම සිංහල ජාතික ව්‍යාපාරය හයිජැක් කොට ප්‍රාන ඇපයට ගත්තේය  .

යුද්ධයෙන් පසුව රාජපක්ෂලා වන්දනාමාන කරන කරන පිරිසක් බිහිවිය. ජාතියේ මුරදේවතාවන් වූයේ රාජපක්ෂලාය . ජාතික ව්‍යාපාරයේ පියවරුන්ට ඇපත් නැති විය . යුද්ධයෙන් ගසා කෑ රාජපක්ෂලා ඊ ලගට  සංවර්ධන ව්‍යාපෘති හරහා ගසා කෑවේය. ඒවා ගැන කනින් කොනින් කථා යනවිට පපුවට තඩිබා ගනිමින් දේශප්‍රේමය ගැන කථා කලේය. විදේශ කුමන්ත්‍රන ගැන කථා කලේය.  මහින්දගේ දපනයට වැ‍ටුනු සිංහල බෞද්ධ බලවේගයට  මිදීමක් නොමැත . මක්නිසාදයත් ඔවුන්ට විකල්ප නොමැති හෙයිනි . රනිල් යනු සුලුජාතික ඔඩොක්කුවෙන් යැපෙන  අයෙකි.තානාපති සූප්පුව නැතුවම බැරි අයෙකි 

2014 මැතිවරණ්යේදී සිංහල බෞද්ධ උප්පැන්නය පසෙක තබූ බොහෝ පිරිසක් රනිල්ගේ පෙරමුනට චන්දය දුන්නේ රට ගොඩ නැගීමටය.එසේ රනිල්ට ඡන්දය දුන් පිරිසෙන්  බොහොමයක් රටතොට පිලිබද යම් දැනුමක් ඇති අය විය.   නමුත් රනිල් ඔවුන්ගේ එම අභිලාශ සාහසික ලෙස කඩ කලේය . අද ඔවුන්ට මහින්දගේ දේශප්‍රේමයත් , රනිල්ගේ සංවර්ධනයත් යන දෙකම කුරිරු සරදමක්  වී ඇත. මහින්ද රනිල් මාරුවෙන් මාරුවට පිට කහ ගනිද්දී අසරනව ඇත්තේ රට ගැන කැක්කුමක් ඇති සැබෑ දේශප්රේමීන්ය. මහින්ද විසින්  ජාතික ව්යාපාරය හයිජැක් කිරීමේ පාපය විදවන්නේ ඔවුන්ය


Monday 19 February 2018

ගම්සභා මැතිවරණය කෙලිය


පලාත් පාලන මැතිවරනයට පෙර මහින්ද පිලේ එක් ප්‍රධාන සටන් පාඨයක් වූයේ පොහොට්‍ටුව ජය ගත හොත් පාර්ලීමේන්තුවේ ඔලු ගෙඩි මාරුවකින් බලය අල්ලන බවය. අගමැති ධූරයේ මහින්ද පිහි‍ටුවන බවය. මැතිවරනයට පෙර  මහින්ද කන්ඩායම මෙම මතය වේදිකාවේ යලි යලිත් කියා සිටියද ජනතාව තුලට එතරම් කිදා බැස්සේ නැත. ජනයා පොහොට්‍ටුවට චන්දය දුන්නේ ප්‍රධාන හේතුදෙකක් නිසාවෙනි. යුද්ධය නිමා කීරීමට මහින්දට කෘතු ගුන දක්වනු වස් සහ යහපාලන ආන්ඩුව කල කෙං ගෙඩියක් නොමැති නිසාය. මැතිවරනයෙන් මහින්ද කන්ඩායමට ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ජයග්‍රහනයක් ගෙන ආවේය

පොහොට්ටු ජයග්රහනයෙන් පසු සිදුවූයේ කුමක්ද?

තමාට අගමැති වීමේ කිසිදු තදියමක් නොමැති බව මහින්දගේ හැසිරීමෙන් මනාව පැහැදිලිය.
තදියම ඇත්තේ මහින්දගේ හෙන්චයියන්ටය.
ආන්ඩුව අද හදනවා හෙට හදනවා කියා කතා පවත්වන්නේ මොවුන්ය.
මහින්දගේ මුනිවත නිසා අගමැති ධූරයේ තවකෙකු පිහිටුවීමේ නාටකයක් ඊලගට පැමිනියේය
මෙකී නොකී නාටක බලා අලුත් අගමැතියෙකු දැකීමේ තදියමක් දැන් ජනතාව තුල පහල වී ඇත. 
තවත් වටයකින් බැලුව හොත් අගමැති ධූරය අහිමි වීමේ කිසිදු සැක සංකාවක් රනිල් තුල නොමැත.  

අද පවතින තත්වය තේරුම් ගැනීම තරමක් සංකීරණය. සරලව කිවහොත් තත්වය ස්න්ෆ්ලවර්ස්ලාගේ එලාර දු‍ටුගැමුනු නාටකය මෙනි . වෙදිකාවේ හරි හරියට දෙන්නා යුද්ධ කරන විට පැට්‍රොල් ලාම්පුවටද කඩු පහරක් වැදුනේය. දැන් වේදිකාව අදුරේය. නරඹන්නන් තම තමන්ගේ ෆැන්ටසි වල ගීලී ඇත. දැන් යුද්ධය ඇත්තේ වෙදිකාවේ නොව ගැලරිය තුලය , රජාලා අතර නොව රාජාලාට කත් අදින උන් අතරය . මහින්ද - සිරිසේන  කරන්නේ සමගියෙන් මාරුවෙන් මාරුව ලාම්පුවට හුලන් ගැසීමය.

අද ගැලරියේ උඩ පනින චරිත බොහොමයකි . ගෝඨාභය ,ෆොන්සේකා , නිමල් සිරිපාල  , කිලී මහරාජා වැනි උන් උඩින්ම සිටියි . දේශපාලනය පිලිබද හසරක් නොදන්නා ගෝඨාභය 2020 ජනාධිපතිවරනයට සූට් මසා ඇත.  ගම්සභා මැතිවරනයෙන් ෆෝම් වුනු ගෝඨාභය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද තර්ජනය කරයි. සිහි ඇති උන්ට ගෝඨාභයගේ  විඥානයේ තරම මැන ගත හැක. අනාචාරයේ යෙදී හසු වුවද තමන් සුද්දයි කියන , තමන් සුද්දයි සිතන අඹුවන් ඕනෑ තරම් සිටී . සිරිසේනගේ කලකිරියාවද එවැනිය. සිරිසේන කුලප්පුවී නටන නාඩගම හරසුන්ය. කල්ලතොනි කිලියා බලන්නේ කොහෙන් හෝ තවත් කුට්ටියක් ඩැහැ ගැනීමටය. චම්පික සැරසෙන්නේ සිල් රෙද්දෙන් බෙල්ල කැපීමටය 

මහින්ද්ගේ කල්පනා කරනුයේ 2020 ජනාධිපතිවරන සිතියම පිලිබදවය. ඔහුට ප්‍රධානම අභියෝගය එල්ලවන්නේ සිය පවුල තුලින්මය. ග්‍රවුන්ඩ් රියලිටිය පිලිබද හසරක් නොදත් ගෝඨාබය අමුවෙන්  කටමැත දොඩවයි. ඊට වඩා තර්ජනයක් එල්ල වන්නේ බැසිල්ගෙනි. ඔහු කථා කරන්නේ මහින්දගේ ගෞරවාන්විත විශ්‍රාම ගැන්වීම පිලිබදවය. තමාගේ ඒකායන බලාපොරොත්තුව වූ පුතීලා ත්‍රිත්වය ජනතාවට අරහං වී ඇත . රාජපක්ෂලා ඉන්නතාක් දෙමල- මුස්ලිම් ඡන්දටික බඩේ බත් ටික වගේ රනිල්ට ශුවර්ය. වොක්ස්වගන් කථාවක් කියා දකුනෙන්ද ඡන්ද ටිකක් කඩා ගත හැක. ඒ අනුව 2020 දී රනිල්ටද කරට කර තරගයක් දිය හැක.

මහින්දගේ පිබිදීම එන්.ජි.ඕ කපුටන්ටද පුදුම ආනන්දයකි. යලිත් වරක් තානාපති අගුපිල් වල ලැගිය හැක . මොකක් හෝ පාඨයක් තනා ජනතාව මුලා කල හැක . ජනතාවද මැතිවරනයක්දී අපේක්ෂාකරන්නේ තම බඩ වියතට අනුග්‍රහයක් පමනි 70 වසරක් පුරා අපේ රට එකතැන කුරුවල් වූයේ එහෙයිනි . දැන හෝ නොදැන ඔබත් මමත් මේ විපරිනාම සංස්කෘතියේ සාමාජිකයන් විය හැක .හේතුඵල වාදය විශ්වාස කරන රටක ජනතාව විමසා බැලිය යුත්තේ ඵලය පිලිබද නොව ඵලය සකසන හේතු පිලිබදවය. කැටයම් දමා පිලියෙල කරන මැතිවරන පොරොන්දු පිලිබද නොව ඒවාට ලගා විය හැකි ඇක්ෂන් ප්ලෑන් පිලිබදවය . මහින්දලාගෙන් - රනිල්ලාගෙන් අප ඉල්ලා සිටිය යුත්තේ මෙයයයි


Saturday 10 February 2018

බ්‍රිගේඩියර් කුනා‍ටුවේ තිරය පි‍ටුපස කථාව




සිංහයෙකු පසුපස යන නරියෙකු වූවාට කම් නැත නමුත්  කිසි දිනෙක නරියෙකු පසුපස  යන සිංහයෙකු නොවන ලෙස උපදේශයක් ඇත . මෙම උපදේශය ගෙනහැර දැක්වූයේ නිදහස් දිනදා පෙන්වූ ලන්ඩන් නාටකය සම්බන්දව නොව එහි තිරය පිටුපස කතාව  සම්බන්දයෙනි. යුධ හමුදාවේ බොහෝ දෙනෙකුට නම් බ්‍රිගේඩියර් ප්‍රියංක ගැන අමුතුවෙන් කිවයුතු නැත . ඒ තරමට ඔහුගේ කලකිරියාව දනී.

සුද්දා රට පාලනය කරන සමයේ රේල් පාරේ මලපහ කිරීම සුලබ දසුනක් විය. මෙය සුද්දන්ට මහත් හිසරදයක් විය. ඒ අනුව ඔවුන් එම කලකිරියාවට එරෙහිව අණ පනත් ගෙන ආවේය.  රේල් පාරේ මලපහ කිරීම දඩුවම් ලැබියහැකි වරදක් බවට පත් කලේය.  රේල් පාරේ මලපහ කොට අසුවන උන්ට දඩමුදල් ගෙවීමේ හැකියාවක් නොවූ අතර ඔවුන් නිරතුරුව සිරගෙයි තැප්පේය. නිදහස් සටනේ වීරයන්ද අත් අඩංගුවට ගැනීම හා සිරගෙයි තැපීම එකල සුලභ සිදුවීමක් විය . කිරීටයේ ජුබිලි දිනයක් දා සිරකරුවන් පිරිසකට පොදු සමාවක් ලැබිනි . ඒ අනුව නිදහස් සටනේ විරුවන් පිරිසකට නිදහස ලැබිනි . මොවුන් පිලිගැනීම මල් මාලා දමා උත්සවශ්‍රීයෙන් සිදුවිය. නිදහසේ විරුවන් සමග රේල් පාරේ මල පහ කල අයෙකුටද නිදහස ලැබී තිබුනි. කරුනු කාරනා පිලිබද අවබෝධයක් නොවූ ජනතාව රේල් පාරේ රුන් එකාත් මල් මාලා දමා පිලි ගත්තේය .

නිදහස් දිනයදා ලන්ඩන් හිදී  ආන්දෝලනයට ලක්වූ බ්රිගෙඩියර් මහින්ද රාජපක්ෂගේ රෙජීමයේ උදහසට ලක්වූ අයෙකි. රාජපක්ෂ රෙජීමය පැය 24කින් ඔහුගේ සේවය අවසන් කලේය . යටකී බ්රිගේඩියර් සිය ඉතිහාසය  ජාතික න්යාය පත්රය හා එකට ගලපා  කටයුතු කලේනම්  දෙමල ඩයස්පෝරාව සමහ පාලමක් තැනිය හැකිව තිබුනි. මහජන මුදලින් පඩිකන ඩී. ලාගේ මූලික වගකීම එයයි. කොටි දේශපාලන පෙරමුනේ පදනම සවිමත් කිරීම නොව එය බිදදැමිම ඔවුන්ගේ මුඛ් රාජකාරියයි .නමුත් ඔහු හෝ අනෙකුන්ද  එවැන්නක්  කීරීමට තරම් විච්ක්ෂන බුද්ධියකින් හෙබි අය නොවේනිදහස් දින සිදුවීමෙදී ගැලරියේ විසිල් පාරට අඩව්වක් ඇල්ලුවා මිස ඉන් එහා යමක් නොවිනි.

ලන්ඩන් බ්‍රිගේඩියර්ගේ   කල කිරියාව සැලවූ විගස යුධ හමුදාපතිවරයා පිලිබද විමසූ බැලූ අතර ඔහුගේ මතය වූයේ එය නිලධාරියෙකුට  තරම් නොවන  හැසිරීමක්  බවය . ඔහුගේ මතය විදේශ කටයුතු අමාත්යංශයටද නොනිල අයුරින් දැනුම්දී තිබුනි. විදේශ කටයුතු ලේකම් අදාල බ්‍රිගේඩියරයාගේ  දූත මණ්ඩල රාජකාරිය අත්හි‍ටුවූයේ ඒ අනුවය. දැවැන්ත මැතිවරණ පරාජයක් ඉදිරියේ හිස ගිනිගෙන සිටින සිරිසේන ජනපතිට මෙය සැලවිය. මැරෙන්ඩ යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවාසේ සිරිසේන මෙම සිද්ධිය දේශපාලන වාසිතකා භාවිතා කලේය.

විදේශ ලේකම්ට කතා කල සිරිසේන  බ්රිගේඩියරයා යලි දුත සේවයේ  පිහිටුවන ලෙස බලපෑම් කලේය , අනතුරුව හමුදාපති මහේෂ් සේනානායකට කථා කොට බ්‍රිගේඩියර්  සම්බන්දව විනය ක්රියාමර්ග නොගන්නා ලෙස දන්වා සිටියේය. තවද සිරිසේන විසින් රාජපක්ෂ රෙජීමයෙන් බ්‍රිගේඩියර්ට අත්වූ ක‍ටුක අත්දැකීම් පිලිබද හෙලිදරව් කරන ලෙස  හමුදාපතිවරයාට දන්වා තිබුනි. එහි අරමුණ දේශපාලනය බව අමුතුවෙන් කිවයුතු නොවේ .  හමුදාපතිට ට්‍රැවිස් සින්නයිගේ ඉරණම් සිහිවූවාට සැක නැත. හමුදාපති විසින්  කොලේ ඉරා ගත්තද ගද ගසන තත්වයට  පත් නොවීම අගය කල යුතුය


මැතිවරණ අවසානයත් සමග බ්‍රිගේඩියර්ගේ දූත සේවය පිලිබද තීන්දුවක් ගැනීම නියතය. දූත සේවය අවසන් කල විගස  ඔහු යලි මව් බිමට පැමිනිය යුතුය. ජනපතිගේ සහ හමුදාපතිගේ සායම යන්නේ එවිටය. මහේෂ් සේනානායකලා  ට්‍රැවිස් සින්නයියලා යනු ඕනෑම හමුදාවක කාලයකින් පහල වන අග්‍රගන්‍ය චරිතය . නමුත් රාජපක්ෂලාගේ සහ සිරිසේනලාගේ මුග්ධ දේශපාලනය ඔවුන් ගිල ගෙන හමාරය. සිංහයෙකු පසුපස යන නරියෙකු වූවාට කම් නැත නමුත් නරියෙකු පසුපස යන සිංහයෙකුගේ ගත යුත්තක් නැත.

ලියුම්කරු - කීර්ති රත්නායක

Friday 9 February 2018

බ්‍රිගේඩියර් සුලි කුනා‍ටුව


දූත සේවය ශිෂ්ඨාචාරය තරම්ම පැරණිය. ධර්මදූත සේවයේ යෙදෙන භික්ෂූන් උදෙසා බුදුරජානන්වහන්සේ විනය නීතියක් පැනවූ සේක . ඒ ජනපද නිරුක්තියට ගරු කල යුතු බවයි. 1961 අප්‍රියෙල් 18 වියනා සම්මුතියේ දූත මන්ඩල පරිශිෂ්ඨයේ 7 වගන්තිය අනුව ආරක්ෂක සම්බන්ධිකාරක තනතුරට  තානාපති විනිර්මුක්තියක් හිමිවෙයි. ඒ අනුව මොහු අදාල රටේ නිල අමුත්තකු මෙන්ම විශේෂ වරප්රසාද ලත් තැනැත්තෙක් බවට පත් වෙයි. මෙම තනතුර හැදින්වීමේ වඩාත් ප්‍රචලිත පාරිභාෂිතය ඩී.ඒ නම් වෙයි.

ආරක්ෂක සම්බන්ධිකාරකගේ කාර්යභාරය ඒ ඒ රටවල බලය සහ බල ව්‍යාපෘතිය අනුව තීන්දු වන්නකි. උදාහරනයක් ලෙස ගත හොත් ඇමෙරිකාව විසින් රටවල් 139 කට ඩී.ඒ පත් කර ඇත. ඇමෙරිකන් හමුදා කදවරු ලොව් සතර දිග්භාගයම වසා පැතිර ඇත, යුධ නැව් සාගර කලාපයන්හි බලය පතුරා ඇත. චරපුරුෂයන් ලොව සෑම රටකම ක්‍රියාත්මකය. ඔවුන්ට යලිතල සැපයිය යුතුය . ඒ අනුව ඇමෙරිකන් ඩී.ඒ තනතුර යනු පුස් වෙඩිල්ලක් නොව රටට ඵලදායී තනතුරකි.
ආරක්ෂක සම්බන්ධිකාරක (ඩී.ඒ) දුරන්ධරයන් පත්කිරීම ලංකාව වැනි රටකට කෙතරම් ඵලදායිද ?   පත් කරන වුන්ගේ රාජකාරිය කවරේද ?  මෙම කරුනු ප්‍රශ්න ගත වුවද ඩී.ඒ තනතුරෙහි  ඵලදායීතාව ‍රැදෙනුයේ ඔවුන් සත්‍ය ලෙසම ඉ‍ටුකරන කාර්යභාරය අනුවය. ලංකාව ඩී.ඒ කෙනෙකුගෙන් බලාපොරොත්තුවන ප්‍රමුඛ කාර්ය 2 කි

1. 2009 පරාජය කලේ කලේ කොටි ත්‍රස්තවාදීන්ගේ මිලිටරි පෙරමුන පමනි, දේශපාලන පෙරමුන යහමින් ක්‍රියාත්මකය, ලන්ඩන් වැනි  සංවේදී ගෝලීය මධ්‍යස්ථාන තීරනාත්මක වැඩබිම්ය  . මල්ටි බැරල් වලින් මිලිටරිය  පරාජය කලද දේශපාලන පෙරමුන පරාජය කල හැක්කේ මනෝ මූල සංග්‍රාමයකිනි . අන්තවාදය අන්තවාදයෙන් පෝෂණය නොකොට හීන් නූලෙන් කපා දැමීමට වග බලා ගත යුතුය

2. යුධ අපරාධ චෝදනා වලින් ලත් ජාත්‍යන්තර අපකීර්තිය සමනය කර ගැනීම විදේශ දූත සේවාවල වගකීමය.ඒ අනුව  ලන්ඩන් වැනි ලෝක බල කේන්ද්‍ර වල සංයමයකින් යුතුව මල් පාත්ති දැමිය යුතුව ඇත.

අනදෙන රේඛාව අනුව ඩී.ඒ  අදාල රටේ තානාපති යටතේ වැඩ කරන පුද්ගලයෙකි . එහෙයින් ලංකාව වැනි විදේශ සේවය කුනුවූ රටක ඩී.ඒ තනතුර කුනුවීයාම නොවැලැක්විය හැක. තානාපතිලා ඩීල් සහ බිස්නස්  වලට සීමා වූ කල්හි ඩී.ඒ කෙනෙකුගෙන් වැඩි යමක් බරාපොරොත්තු විය නොහැක. එක්කො ඔහු තානාපතිගේ ඩීල් වලට අත් උදව් දිය යුතුය, නැත්නම් පු‍ටු රත්කරමින් කාලය ගෙවිය යුතුය . මක්නිසාදයත් ඩී.ඒ ට තනිව කල හැකි කාර්යක් නොමැත. ඔහුට කියා කාර්ය මන්ඩලයක් පවා නොමැත. එහෙයින් හදිසි අවස්ථාවක් පැමිනි විගස පු‍ටු රත්  කරන මෙවන් නිලධාරීන්ට හොට පැටලීම  වීම අරුමයක් නොවේ.

ලොව වැඩිම උද්ගෝෂණ ප්‍රමාණයක් සිදුවන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාල ඉදිරිපිටය.බොහෝ ඇමෙරිකානු තානාපති කාර්යාලවල ත්‍රිවිධ හමුදාවම ආවරණය වනපරිදි ඩී.ඒ ත්‍රිත්වයක් අනුයුක්ත කොට ඇත. නමුත් මේ කිසිදු උද්ගෝෂණයක්දී ඇමෙරිකානු ඩී.ඒ කෙනෙකු සෙනග ඉදිරියට නොපැමිනේ. එසේ නොපැමිනෙන්නේ බය නිසා නොවේ. උද්ගෝෂකයන්  ඉදිරියට පැමිනීම හෝ  සිය ධජය පෑම  වැනි සිල්ලර අයිතම් වලට වඩා ශුක්ෂම රාජකාරියක  නිතතින්ම නියලෙන නිසාවෙනි. උද්ඝෝෂකයගේ එකම අරමුන උපරිම ප්‍රසිද්ධියක් ලබා ගැනීමය.  බුරන බල්ලන් මෙන් මොරදෙන උන්ගේ ඉදිරියට යාම උන් සොයන ප්‍රසිද්ධියට උඩගෙඩි දීමකි

එදා මුලතිව් කදවුර බිදවැටෙන විට කොටි ඉදිරියට යාමට එකදු බ්‍රිගේඩරයෙකු සිටිය නැත. මුලින්ම පැන ගියේ ඔවුන්න්ය. ඔවුන් පැනගියේ කාලතුවක්කු සහ යුද්ධ ටැංකිද සතුරා අතර පත් කරමිනි. අලිංමංකඩ තත්වයද මීට නොදෙවෙනිය . 2000 වර්ශයේ කොටි නොනවතින ‍රැල්ල ඉදිරියේ මන්කුලම් සිට ඕමන්තෙයි දක්වා කි.මී 52 ක් පසුබැස ගියේ සතුරාට  දෙසට එකදු වෙඩිල්ලක් පත්තු නොකරය. මෝටර් සයිකලයෙන්  ගිය  සෙසු නිලධාරියෙකු බිමට බස්වා උසස් නිලධාරියෙකු පන බයේ පැන ගිය  ආකාරය  මා ඇසින් දැක ඇත. වෙනතක් තියා රතුපස්වල ගමේ ගෝරියේදී  බ්‍රිගෙඩියර් එලියට බැස්සේ නැත, වාහනයක සැගවී සිටියේය

අහඹු ලෙස   කඩන් පාත්වූ ගොන් වස්සෙකු  බැද මැතිවරන කෙත අස්වැදීමට ගොස් හානි දෙකක් කරගෙන ඇත. කාලයක් තිස්සේ තටමලා හදාගත්  සංහිදියා මල් පාත්තියට බරපතල හානියක් සිදුකරගෙන ඇත. අනෙක් පසින් වැලේ වැල් නැතිව සිටි කොටි ඩයස්පෝරාවට නව පනක් ලබා දීමක් සිදුකර ඇත. එදා යුධ සමයේ 10000  පමන දෙමල ජනකායක් ලක් රජයට එරෙහි විරෝධාතාවලට  සහභාගී වූහ. ඔවුගේ ‍රැලි මධ්‍යන්හි සිරස්තල විය  . නමුත් යුද්ධය අවසන් වූ  පසුව ඔවුන් පැවැත් වූ කිසිදු ‍රැලියකට නිසි මාධ්‍ය අවධානයක්  ලැබුනේ නැත. ඔවුන්ගේ සංවිධාන ශක්තිය දියාරු වී ගියේය. නමුත් බ්‍රිගේඩියර් සුලි කුනා‍ටුව කැඩි බිදීගිය ඩයස්පෝරාවට යලි එකතුවීමට කූඩාරමක් තනා දී ඇත. ඩයස්පෝරාව ඉල්ලු සිරස්තල ලබාදී ඇත.

නිදහස් දිනයදා ලන්ඩන් හිදී  ආන්දෝලනයට ලක්වූ බ්‍රිගෙඩියර් මහින්ද රාජපක්ෂගේ රෙජීමයේ උදහසට ලක්වූ අයෙකි. රාජපක්ෂ රෙජීමය පැය 24කින් ඔහුගේ සේවය අවසන් කලේය . යටකී බ්‍රිගේඩියර් සිය ඉතිහාසය  ජාතික න්‍යාය පත්‍රය හා එකට ගලපා  කටයුතු කලේනම්  දෙමල ඩයස්පෝරාව සමහ පාලමක් තැනිය හැකිව තිබුනි. මහජන මුදලින් පඩිකන ඩී.ඒ ලාගේ මූලික වගකීම එයයි. කොටි දේශපාලන පෙරමුනේ පදනම සවිමත් කිරීම නොව එය බිදදැමිම ඔවුන්ගේ මුඛ්‍ය රාජකාරියයි .නමුත් ඔහු හෝ අනෙකුන්ද  එවැන්නක්  කීරීමට තරම් විච්ක්ෂන බුද්ධියකින් හෙබි අය නොවේ. නිදහස් දින සිදුවීමෙදී ගැලරියේ විසිල් පාරට අඩව්වක් ඇල්ලුවා මිස ඉන් එහා යමක් නොවිනි.අද  හමුදාවේ  ඉහල නිලයන්ගෙන් හරි අඩක් පමනම  බ්‍රිගේඩියරයාගේ එම  කලකිරියාව  අවඥාවෙන් බැහැර කර ඇත 

මෙහි  වඩාත් කනගා‍ටු දායක සිදුවීම වන්නේ ඩිප්ලොමැසියක් පිලිබද හාන්කවිසියක් නොදත් සිරිසේන ගමරාල අදාල සිදුවීම දේශපාලන වාසි තකා භාවිතා කිරීමය . හමුදාපති මහේෂ් සේනානයක මෙම වැඩපිලිවෙලේ වින්දිතයෙකු වී අවසානය  . තරු නිලධාරීන්ට මුලික කැඩෙට් නිලධාරී පාඨමාලවේ පලමු පාඩම මතක් කරදිය යුතුව ඇත.ඒ සිවිල් නීතිය සහ හමුදා නීතිය යන මුලික නීති පද්දතීන් දෙකට යටත්වූ අයෙකුගේ විනයගරුක භාවයයි . විදේශ සේවයකට  අනුයුක්ත වූ කලී අදාල රටේ මූලික නීතියටද යටත් විය යුතුය . ජනපද නිරුක්තිය ආරක්ෂා කලයුතුය .  නිසැකවම යථාකාලයේදී මෙහි පාර්ශව කරුවන්  ප්‍රතිවිපාක වලට මුහුන දෙනු ඇත .