බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානියාව සිටියදී ජාතික වැදගත් කමකින් යුතු පර්යේෂණ තුනක් සිදු කොට ඇති බව GR Media වෙත වාර්තා විය . ඔහු සිදුකළ පර්යේෂණ සහ එළඹුන නිගමන පහත පරිදිය.
පර්යේෂණය 1 - කොරෝනා වැළදුන සංචාරකයන් හරහා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හොත් එය සෞඛ්‍යට තර්ජනයක් වේද යන්න
නිගමනය -එමගින් වෛරසය පැතිරීම වැඩි වන අතර අනුක්‍රමිකව විශාල සෞඛ්‍ය තර්ජනයක් මතුවන බව ඔප්පු විය
පර්යේෂණය 2 - ආර්ථිකය රැක ගැනීමට මුල් තැන දී කොරෝනා පාලනය කළ හැකිද යන්න
කෝරෝනා වසංගතයට අඩු වැදගත් කමක් දී ආර්ථික කටයුතු වලට වැඩි වැදගත් කමක් දුන හොත් විශාල ජීවිත සහ ආර්ථික හානියක් වන බව ඔප්පු වී ඇත
පර්යේෂණය 3 - වසංගත තත්වය තුල විරැකියාව දුරු කීරීම සිදු කළ හැකිද යන්න
විශාල මිනිසුන් ප්‍රමාණයක් මිය ගිය හොත් ඉතිරි වන මිනිසුන්ට මිය ගිය අයගේ අනුප්‍රාප්තිකයන් විය හැකි බවත් ඒ හරහා විරැකියාවට විසදුමක් ලැබෙන බව ඔප්පු වී ඇත
බැසිල් රාජපක්ෂ මෙම පර්යේෂණ තුන ඉතා සාර්ථකව නිම කිරීමෙන් පසු අදාල නිබන්ධන බාරදීමට ඇමෙරිකාව බලා ගියේය
බැසිල් මීට පෙරද මෙවැනිම පර්යේෂණයක් කළේය. ජනාධිපතිවරණය අභිමුවේදී අයි.එස් ලේබලයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය දේශපාලනයට බලපාන අන්දම ගැන පර්යේෂණයක් කළේය
GR Media
එල ද බ්‍රා
ReplyDeleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "7. බර කතා බහ" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDeleteඇනගෙන කෙලෝගෙන රටිනුත් පැනලා ගිහින් ඉවරයි
ReplyDelete