Tuesday 4 May 2021

කොරෝනා ගැන බිහිසුණු පනිවිඩයක් තබා විරයා බැස යයි

 


ලෝක ශූරතා රිදී පදක්කම් ලාභී, ඉන්දියානු රජයේ 'භාරත් ශ්රී' ගෞරව සම්මානයෙන් ඇගයීමට ලක් වූ සම්මානනීය ඉන්දියානු කායවර්ධන ශූරයෙකු මෙන්ම 'මිස්ටර් ඉන්දියා' කිරුළ දැරූ ජගදීෂ් ලාඩ් (Mr. India : Jagdish Lad) කොවිඩ් ආසාධිතව මියගොස් තිබේ.. (The award-winning muscle man from Baroda, died yesterday after being diagnosed from Covid-19)

ගුජරාඨයේ බරෝඩාහි සිට සංක්රමණය වී මහාරාශ්ඨයේ නවී-මුම්බායි හී තම කායවර්ධන මධ්යස්තානයක් පවත්වා ගෙන ගිය ජගදීෂ්ගේ අයෝමය ශරීරය දෑසට නොපෙනෙන කුඩා වෛරසයකට බිලි වී, බිරිඳ සහ දියණිය තනි කර සිය ජීවිතයෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 34ක් පමණි..

ඔබ කොතරම් ශක්තිමතෙක් උනත් කොවිඩ් වෛරසයට එය අදාල නැත.. ජගදීෂ් ලොවට දුන් පණිවුඩය එයයි.

උපුටා ගැනීම විශ්ව චින්තන FB

No comments:

Post a Comment