Saturday 1 May 2021

ධම්මිකයා පට්ට හොරෙක් බව තහවුරු වෙයි- පැණියේ සායනික පරීක්‍ෂණ වාර්තාව නිකුත් වෙයි

 


කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපුවා නොහොත් මේසෙන් බාස් ධනපාල  සකස් කළ පැණිය  කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පරීක්ෂණය සිදුකළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදිය. ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් 68 දෙනකුට එම පැණිය ලබාදී නිරීක්ෂණය කර ඇත. එහෙත් කොවිඩ් රෝගීන්ට සුව වීමක් දක්නට නොලැබුණු බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සේනක පිලපිටිය ප්‍රකාශ කළේය.

සියලු පරීක්ෂණ වාර්තා රජරට විශ්වවිද්‍යාලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ විද්වත් කමිටුවට යොමුකර ඇත.විද්වත් කමිටුව පසුගිය බදාදා (28දා) රැස්වී මේ පිළිබඳ අධ්‍යයනය කර ඇති අතර, එය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නුසුදුසු බව ඔප්පු වී ඇත .

කොවිඩ් රෝගීන් 100%ක් සුව වන බව ප්‍රකාශ කරමින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා  පැණි පානය  කරමින් වැරදි පූර්වාදර්ශ දුන්නේය . විමල් වීරවංශ ජනතා මුදලින් සාදික්කා අඹරන මැෂිමක් දුන්නේය . රජයේ ආයතන ධම්මිකයාට කොටි ගණන් ගෙවා පැණි ලබා ගත්තේය 

හිරු දෙරණ  චමුදිත වැනි ටියුබ් කූටාලියන් ප‍ටු වාසි තකා පට්ට හොරෙක් ප්‍රමෝට් කර ඇති බව දැන් ඔප්පු වී ඇත . මහ නා හිමිවරු පිරිත් නූල් බැන්ඳේ පට්ට හොරෙකුට බව බව තහවුරුය 


No comments:

Post a Comment