Friday 30 April 2021

ගම්පොළ කහටපිටිය පදිංචි 19 හැවිරිදි මුස්ලිම් තරුණයාගේ කතාව මෙන්න !

 


සහරාන් සිදු කළාක් මෙන් නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවත් ඉන්දියාව වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයට ශ‍්‍රී ලංකාවත් පත්කළ යුතු බවත් සඳහන් කරමින් මුහුණු පොතේ සටහන් තැබූ ගම්පොළ කහටපිටිය පදිංචි 19 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු ගම්පොළ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 
 මොහු පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරුවන් සහ මාවනැල්ල බුදු පිළිම කැඞීමේ ප‍්‍රධාන සැකකරුවන් වන හක් හහෝදරයන් (ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල්හක් හා ඉබ‍්‍රාහිම් සාහිඞ් අබ්දුල් හක්* දෙදෙනාගෙන් ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල් හක් ගම්පොළ ප‍්‍රසිද්ධ පාසලක විනය බාර ගුරුවරයා ලෙස සේවය කළ පාසලේම මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල එනතුරු බලා සිටින ශිෂ්‍යයකු බවද පොලිසිය සඳහන් කරයි.
 
 මෙම තරුණයාගේ පියා මඩකලපුව ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ උපන් අයකු බවත් ඔහු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ලෙස පසුගිය රජය සමයේ කටයුතු කර මේ වන විට ජපානයේ සිටින බවත් සොයා ගෙන ඇත.
 
 නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවට මුහුණු පොතින් ප‍්‍රචාරය කළ මෙම සිසුවා පාසල තුලදී ජාතිවාදී අදහස් අනෙක් සිසුන් අතරේද ව්‍යාප්ත කර ඇති බව හෙළි වී තිබේ. සමාජය තුලද එම මතය පතුරුවමින් ක‍්‍රියාකර ඇති බව පැවැත් වූ දීර්ඝ විමර්ශනයකින් තහවුරු වීමත් සම`ග ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීමේ චෝදනාව මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
 
 පසුගිය කාලයේදී මෙම පාසලේ සිංහල අංශය මගින් සංවිධානය කරන ලද වෙසක් සැරසිලි ආදියට වෙනත් ජාතියක සිසුන් ගිනි තබා විනාශ කිරීම සිංහල සිසුන්ට හා ගුරුවරුන්ට විවිධ කෙනෙහිලිකම් කිරීම ආදිය නිසා එයට විරෝධය පා ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානයට ලක් කිරීම සඳහා ගම්පොල නගරයේ පෙළපාලියක් ද නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි.
 
 එසේම මෙම හක් සහෝදරයන්ගේ මාමා කෙනෙකු මෙම පාසල අසල පදිංචිකරුවකු වන අතර ඔහුගේ නිවසේ අන්තවාදී පංති පවත්වා ඇති බවද එවකට බුද්ධි අංශ මගින් සොයා ගෙන තිබුණි.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම හක් සහෝදරයන් දෙදෙනා මෙම මාමාට අයිති ගම්පොල නගරයේ ඇති සපත්තු වෙළෙඳ සැලක සැගවී සිටියදී පොලිසියට හසු වූයේ රහස් රැුසක්ද හෙළි කර ගනිමිනි.
 
 අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයා රඳවා තබාගෙන පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.
 
 ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස්, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ජාලිය හීංකෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික‍්‍රමරත්න අපරාධ අංශ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල බණ්ඩාර, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රණසිංහ, උ.පො.ප. අසංක, උ.පො.ප. හෙට්ටිආරච්චි, පොලිස් සැරයන්වරුන් වන (4507* බණ්ඩාර, (45203* දුණුකාර(61722* අනිල් යන නිලධාරීහු මෙහි පරීක්‍ෂණ කටයුතු සිදු කරති.

පසු සටහන -  මෙය  වඳ කොත්තු වද පෙති ප්‍රමෝට් කළ  ජාතිවාදී දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලද බැවින් සැක කරුගේ පාර්ශවයටද සවන් දිය යුතුමය. එය සොයා ගත් විගස  පල කරන බව කරුනාවෙන් සලකන්න 

Thursday 29 April 2021

හොදටම වැඩේ කරපු නන්දසේන මේ ප්‍රශ්න 20 ට උත්තර දෙන්ඩ ප්ලීස් !

 


1. වාහකයන් සහ ආශ්‍රිතයන් හඹා යන බුද්ධි අංශ මෙහෙයුම් වලට මොකද වුනේ ?

2. වීදේශ ශ්‍රමිකයන් නීරෝධායනය කරන මුවාවෙන්  දින 14ක් හෝටල් වලට දමා  අසරණයන් ගසා කෑවා නේද ?

3. මැතිවරණ කාල වලදී  ආසාදිතයන් අඩුවුනා නොව පරික්ෂණ අඩුකොට ජනතාව ‍රැවැට්‍ටුවා නේද ? 

4. ලංකාවේ  ජනයා රවටන ආකාරයෙන් වෛරසය ‍රැවැටීමට නොහැකියි නේද ? 

5. රාජ්‍ය අනුග්‍රහයෙන් ධම්මික පැණි වැනි නාටක රඟ දැක්වුවා නේද ?

6. විමල් වීරවංශ හදපු අයි. සී.යූ ඇඳන් කෝ ?

7. කොවිඩ් අරමුදලට මොකද උනේ ? අය වැය වාර්තා කෝ?

8. කෙහෙළිය ඉන්දියානුවන් එන්නේ නෑ කිවුවට ඩොලර් 690 ජා ඇල කාමර දෙනවා නේද ?

9. “ස්පුට්නික්” එන්නත ගේන්න සාකච්ඡාවක් වත් කරලා නෑ නේද ?

10. ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දෙක අතර පරතරය කාල පරතරය කුමක්ද  ? රජය ජනයාගේ ජීවිත සමග සෙල්ලම් කරනවාද?

11. වෛද්‍යවරු ඔක්ෂිජන් නෑ කියද්දි සෞ.සේ. අ. ජ. අසේල ගුණරත්න ඔක්සිජන් තියෙනවා කියනවා ! බොරු කියන්නේ කවුද ?

12. අයි.සී.යූ. ඇඳන් තියෙන්නේ 623යි. කොවිඩ් රෝගීන් සදහා වෙන්කරලා තියෙන්නේ 104යි නේද ?

13. සිංහල දෙමළ අලුත් අවුරුද්දට කොවිඩ්  නීති රෙගුලාසි පනවන්න  සෞඛ්‍ය අංශ කියලා තිබුනා නේද ? එය නොසලකා හැරියේ කවුද?

14. ඇස්ට්‍රාසෙනිකා එන්නත්රා 12,40,000 ගෙනවලා එකෙන් 925,000  එන්නත් කරලා දැන් දෙවෙනි මාත්‍රාව දෙන්න ක්‍රමයක් නැතිව නේද ඉන්නේ ?

15. එන්නත් මාත්‍රා දෙක අතර  කාලය  සති දෙකක දෙකයී නේද ? නමුත් ලංකාවේ අයට මාස 03ත් පැනලා  නේද ?

16. පසුගිය කාලේ රතු වරෙන්තු කාර  උදයංග වීරතුංග  සංචාරක බුබුලක් කියලා  කොරෝනා ව්‍යාප්තකලා නේද ?

17. රෝහල්වල දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාව පසු කරලා නේද ? 

18. අහඹු ඇන්ටිජන් පරික්ෂණ වහා නවත්වන මහජන සෞඛ්‍ය පරික්ෂකයන්ගේ සංගමයට දැනුම් දුන්නේ ඇයි ?
 
19. දැඩි සත්කාර  ඇඳන්  නොමැති වීම නිසා කොරෝනා රෝගීන් මිය යනවා නේද ?

20 රජය මේ ආකාරයෙන්  නොසැලිකිලිමත් වුව හොත් තව නොබෝ දිනකින් මහ මග මිනිසුන්  මැරී වැටෙයි නේද ?

චීනා වෙනුවෙන් මාර්ගය වැසීමට විරෝධය දැක්වු දේශප්‍රේමී තරුණයා අත් අඩංගුවට -ගෝඨා විරෝධී comment වලින් මුහුණු පොත වැසී යයි !

 


චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණිමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 27 වනදා රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේ දී අදාළ රථ පෙළට ගමන් කිරීම සඳහා මාර්ග කිහිපයක රථ ගමනාගමනය කෙටි කාලයක් සඳහා අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

එයට විරෝධය පළ කරමින් පුද්ගලයෙකු අනෙක් රථ වාහන රියදුරන් පොලීසියට විරෝධතා දැක්වීම සඳහා පොළඹවමින් ඒ පිළිබඳ විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබු බව පොලීසිය පැවසුවේය.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය

අප මෙම පුවත උපුටා ගත්තේ අද දෙරණ FB පි‍ටුවෙනි. එම පි‍ටුව මේ වන විට ගෝඨා විරෝදී පාඨ වලින් වැසි ගොස් ඇත.32 හැවිරිදි තරුණයා දේශප්‍රේමියෙකු ලෙස උත්කර්ෂයට නගා ඇත .

ගෝඨා යනු රජෙක් නොවේ. පුරවැසියන්ගේ  කැමැත්ත අනුව රටේ පාලනය ගෙන යාමට පත් කරගත් සේවකයෙකි. එවැනි සේවකයෙකු මෙවැනි දෙයක් කිරීම ජනසම්මතවාදය බලු ගුදයේ ලෑමකි.

මේවන විට චීනගේ ආගමනයට   බහුතර පුරවැසියන් පිරිසක් අකමැතිය .චීන ආගමනය පිලිබදව  ජනමත විචාරණයකට ගිය හොත් සාතිශීය බහුතරයක් චීනාට විරුද්ධ ඡන්දය දෙනු ඇත

එදා මගුල් මඩුවේදි බ්‍රිතාන්‍යය කොඩිය ඔසවන විට වාරියපොල සුමංගල හිමි එය බිම දමා පාගා සිංහ කොඩිය එසවූයේය . එවිට වාරියපොල හිමි අත්අඩංගුවට ගත්තේය . පසුව රාජද්‍රෝහී චෝදනා එල්ල කොට වෙඩි තබා මරා දෑමුවේය  . නමුත් උන්වහන්සේ දේශප්‍රේමයේ සහ වීරත්වයේ සංකේතයක් ලෙස පොදුජන හදවත් තුල අදටද ජීවමානය . බත්තරමුල්ල පැලවත්ත  පදිංචි 32 හැවිරිදි තරුණයාද එවැනි වීරයෙකි. 


රජය බොරු කීවාට අවුලක් නෑ නමුත් පුරවැසියෙක් අසත්‍ය FB පෝස්‍ටුවක් ශෙයා කළහොත් හිරේ විලංගුවේ !


 කොරොනා රෝගය පිටපත පළාත්වලට පැතිර වීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද සිට පරීක්ෂා කරන  බව පෙරේදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය  .

කොච්චිකඩේ තෝප්පුව පාලම, කොටදෙණියාවේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ සමණබැද්ද පාලම, හංවැල්ල වනහගොඩ පාලම, අලුත්ගම බෙන්තර පාලම, තිනියාවල හන්දිය, ඉංගිරිය කැට කැදැල්ල පාලම, බදුරලිය සමන් දේවාලය අසල, මීගහතැන්න ගොරකා දුව අවිත්තාව පාලම, මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම යන ස්ථානවලදී මෙම  පරීක්ෂණ සිදු කිරීමට නියමිත විය .

නමුත් ඊයේ දීනයේ යටකී ස්ථානවල එවැනි පරීක්ෂණයක් සිදු නොවුනි. 

තවද දිස්ත්‍රික් මට්ටමින් කරගෙන යමින් තිබූ අහඹු පරීක්ෂණ නවත්වන්නැයි බලධාරීන් විසින් දැන්වූ බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ  ඊයේ සඳහන් කළේය .

පරීක්ෂණ කට්ටල වල හිගයක් ඇත්තේ නම් එය වසන් කිරිම නොව  ඇත්ත කතා කළ යුතු බව  උපුල් රෝහණ  පෙන්වා දුන්නේය

සමාජ ජාලා  හරහා බොරු පැතිරවූයේ යයි  19 හැවිරිදී තරුණයෙක් ගම්පොලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඊයේ කිවේය . නමූත් රජයේ නිළධාරින් කියන කෙප්ප   සහ වගකීම් වීරහිත ප්‍රකාශ ගැන කිසිවෙකු වග වන්නේ නැත.

වග වීමක් නැත . ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා දෙකෝටියක් ජනයාට  බොරු කීම රජයට කැපය කෙනෙකුගේ FB  ගිණුමක අසත්‍ය දෙයක් ලියවුන හොත් ඔහු හිරේ විලංගුවේ තැපිය යුතුය . මුහුණු පොතේ අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා අත් අඩංගුවට ගත්තා කියූ 19 හැවිරිදි කිරි කජු කොල්ලා කී බොරුව කිම ?  අජිත් රෝහන වහා රටට හෙළි කරනු මැනෙවි 

ගිලන්රථ නෑ, රෝහල් පිරී ඉතිරි යයි , දඹුල්ලේ කොරෝනා රෝගීන් 30 නිවෙස් වල -දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත

  


දඹුල්ල නගර සභා සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේවල කොවිඩ් වයිරසය ආසාදිත වූ පුද්ගලයන් තිස්හත් දෙනකු ප්‍රතිකාර මධ්‍යස්ථාන රැගෙන යාම සදහා ප්‍රවාහන පහසුකම් නොමැති කමින් නිවෙස්වලට වි සිටින  බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත  පවසයි.

දඹුල්ල හින්මොරගොල්ල, දඹුලුගම, නවපාදෙණිය,ආදී ප්‍රදේශවල මෙන්ම නගර සභා බල ප්‍රදේශයෙන් පිට පුද්ගලයන් දෙදෙනකුද මෙයාකාරයෙන් දින දෙකක පමණ කාලයක සිට ප්‍රවාහන අපහසුතා නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට සිටින බව නගරාධිපතිවරයා කියයි.

දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා කියා සිටියේ මෙම වයිරසය ආසාදිත වූ පුද්ගලයන් කඩිනමින් ප්‍රවාහනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටියද ගිලන්රථ නොමැතිවීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි .

මේ වන විට කොරෝනා රොහල් සියල්ලද පිරී  ඇති බව සෞඛ්‍ය බල ධාරීන් නිළ වශයෙන් ප්‍රකාශ කොට ඇත .ප්‍රධාන පෙලේ රෝහල් ගණනාවක් තවදුරටත්  රෝගීන් බාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇත

ලංකාදීප

Runway සහ helipad ඉඳිකිරීම සහ පවත්වාගෙන යාමේ අයිතිය පෞද්ගලික අංශයටත් ලබා දෙයි

 


ගුවන් ධාවන පථ (රන් වේ)  සහ පෞද්ගලික හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගණ (හෙලි පෑඩ්) ඉදිකිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඒවායේ   ATC ගුවන් යානා මෙහෙයුම් පාලන මැදිරි ද ඉඳි වනු ඇත 

අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තියට අනුව රජය විසින් මෙම නව නීති පනවා ඇත

සංචාරක, වෙළෙඳ, ආයෝජන, වාණිජ, කාර්මික හා ආගමික අවශ්‍යතා පදනම් කරගෙන  ගුවන්ධාවන පථ සහ හෙලි පෑඩ් ඉදිකිරීමට අවසර ලබාදෙන බව ජාතික ප්‍රතිපත්තියේ  සඳහන් කර ඇත.

මෙය චීන ජාතිකයන්ගේ බල පෑම නිසා සිදුවූවක් බව ජේෂ්ඨ ගුවන් නියමුවෙකු අප සමග පැවසුවේය 

මහින්ද අවසන් ගමන් යයි !


හිටපු පොලිස්පති, නීතිය හා සාමය පිළිබඳ අමාත්යංශයේ හිටපු ලේකම්  මහින්ද බාලසූරිය ඊයේ අවසන් ගමන් ගියේය.මොහු රාජපක්ෂ ආණ්ඩු යටතේ තානාපති ධූර කිහිපයක්ද හොබවා ඇත.

රාජපක්ෂලා විසින් මොහු නීතිය හා සාමය බාර අමාතංශ්‍ය ලේකම් තනතුරට පත් කළ විට මත්කුඩු වෙළදාම අස්සක් මුල්ලක් නෑර පැතීර ගියේය.

මොහු දුමින්ද සිල්වාගේ කිට්‍ටුම හිතෛශියෙක් විය.වෙලේ සුදා CID  වෙත ලබා දුන් කට උත්තර වල මොහුගේ නම ලියවී තිබුනේය

ඔහුට පොලිස්පති තනතුරින් ඉල්ලා අස් වන්නට සිදු වුණේ සේවක භාරකාර අරමුදල අත්පත් කර ගැනීමට රජය දැරූ උත්සාහයට විරුද්ධව  කළ උද්ඝෝෂණයකදී රොෂේන් චානක  මරා දැමීම  සම්බන්ධයෙනි.

මොහුට ආචාර්ය උපාධියක් ඇතැයි කිවද එය ලබා ගෙන තිබුනේ ගංගොඩවිල සෝම හිමි උපාධිය ලබා ගත් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් 

2015 යහ පාලන ආණ්ඩුව පත්වීමත් සමග ජන 9 හිමිදිරියේ රොටානා ගුවන් සේවයට ආර්.ජී 402 දරණ ගුවන් යානයෙන් ලංකාවෙන් පලා ගියේය.

2019 යලි රාජපක්ෂලා බලයට පත් වුවද රජයේ තනතුරක් දැරීමට තරම් හොද සෞඛ්‍ය තත්වයක් ඔහුට නොවීය.

අනුර සේනානායක මෙන් වේදනාත්මක මරණයක් ඔහුටද හිමි විය . 

මහීන්ද ඔබට සුභ ගමන් 

නිළ බලා පහරදීමට බලපත්‍රයක් - මෛත්‍රීගේ පුතාට පහරදුන් ඕ.අයී.සි යලී සේවයේ

 

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ලෙනාඩ් සිල්වා  යළි සේවයේ පිහිටුවා ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  විසින් විනය පරීක්ෂණයකට යටත්ව හිටපු ස්ථානාධිපතිවරයාව යළි සේවයේ පිහිටුවා තිබේ

මෙය දේශපාලන සහ සමාජීයමය නිළ බලා පහරදිමට පොලීසියට දුන් බලපත්‍රයක් බව ලංකාවේ ප්‍රකට නීතිවේදියෙක් අප සමග පැවසුවේය

පෑලියගොඩ ස්ථානාධිපති එසේ සේවයේ පිහිටවුවද හොරුන්ට මිනීවරුන්ට එරෙහිවූ ශානි අබේසේකර විශ්‍රාමයත් පඩියත් දෙකම අහිමිව තවමත් උසාවි වල බඩ ගාමින් සිටියීඊ

Wednesday 28 April 2021

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හදිසියේ පකිස්ථානයට ගියේ ඇයි ?

 

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව දැඩි විරෝධයක් පසුගිය සතියේ අවුළුවා ලූ නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හදිසියේ විදෙස්ගත වී ඇතැයි වාර්තා වේ. මේ වනවිට එහිමි තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග පාකිස්ථානයෙහි සංචාරයක  නිරතව සිටියි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්  සහ එරට ජනාධිපතිවරයා ද හමුවීමටත් නියමිත බව පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබිණි. මුරුත්තෙ‍ටුවේ හිමි පකිස්තානයේ සංචාරය කරන්නේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර සංචාරක කර්මන්තය ප්‍රවර්ධනය කිරීමට යයි පකිස්තාන් රජය ප්‍රකාශ කොට ඇත .

පාකිස්ථානයේ බෞද්ධ සිද්ධස්ථාන මොහොමයක් මේ වන විට මුස්ලිම් අන්තවාදීන් විනාශ කොට ඇත . දැනට ඉතිරිව ඇත්තේ ධර්මරාජික ස්ථූපය , තක්ෂිලාව ,  Jaulian monastery ( oldest “university” in the world) ඇතුලු ස්ථාන කිහිපයක් පමනි.

කෙසේ වුවද මුරුත්තෙට්‍ටුවේ ආනන්ද හිමිගේ සංචාරය ගැන ඉන්දියාව දැඩි සොදිසියෙන් පසු වෙයි. ඉන්දියානු වාර්තා අනුව මුරුත්තෙට්‍ටුවේ හිමිගේ සංචාරය සිදුව ඇත්තේ රහස්‍ය න්‍යාය පත්‍රයකට අනුවය . සෙස්ස පසුවට !

අද 12 සිට කොළඹින් පිට වන පුද්ගලයන් ස්ථාන 12 කදී PCR පරීක්ෂාවට


 කොරොනා රෝගය පිටපළාත්වලට පැතිරීයාම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද සිට  පුද්ගල පරීක්ෂා කිරිමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .

සෞඛ්‍ය අංශ , පොලීසිය , ත්‍රිවිධ හමුදාව යොදවා මෙම පරීක්ෂණ සිදුකරන බව ද හෙතෙම කියා සිටියේය.

 ස්ථාන 12 දී  වසංගත රෝග නිවාරනය සම්බන්ධ නීති රෙගුලාසි ප්‍රකාරව  පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක් කරන බව ද හෙතෙම කීය.

Tuesday 27 April 2021

යුධ හමුදාවේ මගුල් ඇතා කණ්‌ඩුලගේ පහරකෑමෙන් සෙබළෙක්‌ මරුට - රටටම අසුභ ලකුණක්

 


පනාගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙකු කඳවුර තුළ සිටින අලියෙකු පහරදීමෙන් මරණයට පත්වී ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. ඉකුත් සෙනසුරාදා පෙරවරුවේ සිදුවූ මෙම අලි ප‍්‍රහාරයෙන් මියගියේ තිලින ඉසංක කුමාර නැමති 26 හැවිරිදි යුධ හමුදා සෙබළෙකි.

 
 මොහු මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. කණ්ඩුල නමින් හැඳින්වෙන මෙම අලියා පනාගොඩ කඳවුර තුළ ඇති දිය වලක නෑවීමට ගෙන ගොස් සිටියදී සෙබළාට පහරදී ඇත. බරපතල තුවාල ලැබූ සෙබළා කලූ‍බෝවිල රෝහළට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
 
 මෙම අලියා මීට පෙරද අවස්ථා දෙකකදී පුද්ගලයින්ට පහරදීම් වාර්තා වී ඇති බව හෝමාගම පොලිසිය පවසයි. මිය ගිය සෙබළාගේ මළ සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කොට ඇති අතර හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. පේ‍්‍රමලාල් මහතාගේ උපදෙස් මත සැරයන්(33440*, පො.කො.(94119* විමලසේන, පො.කො.(21118*උපතිස්ස, යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

දිවයින පුවත්පත

කයිවාරු ගැහුවාට ගිය අවුරුද්දටම වැඩිවෙලා තියෙන්නේ දැඩි සත්කාර ඒකක ඇඳන් 18යි- රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

ඒකක ඇඳන් 18ක් පමණක් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය  මාධ්‍ය හමුවකදී හෙළිදරව්  කළේය "දැඩි සත්කාර ඒකකවල ඇඳන් අරහෙ හදනවා මෙහෙ හදනවා පිටින් ගේනවා නොයෙක් දේවල් පහුගිය අවුරුද්දෙ කිව්වා. නමුත් වැඩිවෙලා තියෙන්නෙ ඇඳන් 18 යි

දත්ත අනුව. IDH එකේ තියෙන්නෙ ICU ඇඳන් 8 යි. 

ඊළඟට තෙල්දෙණිය  ඇඳන් 6 යි.

 කරාපිටිය රෝහලේ 24 යි. 

නුවර එළියෙ 5 යි. 

ජාතික රෝහලේ 96 යි. 

මුල්ලේරියාව 8 යි. 

මාරවිල 2 යි 

දඹුල්ල 3 යි. 

පේරාදෙණිය 15 යි. 

මඩකළපුව 15 යි.

බදුල්ල 20 යි. 

කෑගල්ල 6 යි. 

වතුපිටිවල 5 යි. 

මාතර 15 යි. 

ඊළඟට බස්නාහිර පළාතම විදියට ගත්තොත් 2020දී තියෙන්නෙ ඇඳන් 193 යි. අද දවසකට කොරෝනා රෝගීන් 900ක් වාර්තා වෙනවා. 

ඉතිං මේ අය අසාධ්‍ය තත්වයට පත්වුණොත් මේගොල්ලො ඇතුළත් කරන්නෙ කොහේටද කියන ප්‍රශ්නයක් බරපතළ විදියටම ඉතාම ඉක්මන් අනාගතයේදී ඇතිවෙන්න පුළුවන්"

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ලංකාව විශාල ව්‍යවසනයක් අභියෙස- GMO ඇත්ත තත්වය රටට හෙළිදරව් කරයි


ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි ද රට පුරා රෝගීන් විශාල වශයෙන් හමුවෙමින් තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම නිසා කොවිඩ් රෝගීන් පාලනයට කඩිනම් පියවර ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.

සෞඛ්‍ය සේවය සතු ධාරිතාවට දරාගත නොහැකි ලෙස රෝගීන් සංඛ්‍යාව ඉක්මවා ගියහොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය දරාගත නොහැකි බව ද ලේකම්වරයා සඳහන් කරයි.

එම නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නංවා ගැනීම, දැඩි සත්කාර එකකවල ඇඳන් ධාරිතාව සහ පහසුකම් ඉහළ නංවා ගැනීම, අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් ගබඩාවක් තහවුරු කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ ප්‍රමාණවත් ලෙස සැපයිම ආදි ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු කියයි.

සිංහල බෞද්ධයෝ චූන් කරන්න සාලි අත්අඩංගුවට ගත්තා….! අගරදගුරු චූන් කරන්න බදියුදීන් අත්අඩංගුවට ගත්තා…!


 ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක පාස්කු ප්‍රහාරයේ දී මරා ගෙන මැරුණු සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශ කළ මුල් ම පුද්ගලයා අසාද් සාලි බව රාජිත සේනාරත්න පවසයි.

එහෙත් ආර්ථික ප්‍රශ්න, වංචා දූෂණ, කොවීඩ් අර්බුදය, එන්නත්කරණය අසාර්ථක වීම හමුවේ අසරණ වී ඇති ආණ්ඩුව සිංහල බෞද්ධයින් චූන් කිරීම සඳහා අසාද් සාලි අත්අඩංගුවට ගත් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එසේ ම රිෂාඩ් බදියුදීන්ගේ නිවසට රාත්‍රී කඩාපැන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පවා කඩමින් ඔහු අත්අඩංගුවට ගත් බවට ද ඔහු ආණ්ඩුවට චෝදනා කරයි.

රිෂාඩ් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගත්තේ එක්තරා පූජකයෙකු සතුටු කිරීමට බවත් ඔවුන් වරදක් නොකළ බව ජනපති අගමැති මෙන් ම බැසිල් රාජපක්ෂ ද දන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ වන විට ආණ්ඩුව හරීන් ප්‍රනාන්දු දෙසට හැරී ඇති බවත් මෙලෙස විපක්ෂය මර්දනය කළ පමණින් කොවිඩ් වසංගතය සඳහා පිළිතුරු නොලැබෙන බවත් රාජිත සේනාරත්න අවධාරණය කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් අද (27) ඔහු මේ බව ප්‍රකාශ කළේය

Monday 26 April 2021

සිරිසේන ගැන සජිත් කළ කථාවට දස අතින් විරෝධය , පක්ෂය දෙකඩ වන ගැට්ටේ !

 

2014-15 ලාකීය දේශපාලනයේ වැදගත්ම පරිඡේදයක් විය .2015 ජන 8 පැවැත්වූ මැතිවරණය විප්ලවයක ස්වරූපයක් ගත්තේය .එකල්හි රාජපක්ෂලා ධනයෙන් බලයෙන් ආඪිව  සිටියහ

අතෙකින්  සොරකම් කළ මුදල් ඇති තරම්  විය .තවත් අතෙකින්  චීන ආණ්ඩුව කළු මුදල් පොම්ප කලේය . ඒවායින් රාජපක්ෂලා මැතිවරණ අල්ලස් දුන්හ . හැම ලයිට් කනුවකම මහින්දගේ කටවුට් එකක් එල්ලූහ .

නමුත් ජනයාගේ බලා පොරොත්තු  රාජපක්ෂලාගේ මුදල් වලට යට වූයේ නැත.රාජපක්ෂ චෞර රාජ්‍ය පෙරලා දැමීමට  ඔවුන් සමත් විය.එය සැබැවින්ම විප්ලවයකි .මුළු ලෝකයම ඒ පිළිබද කතා විය. 

නමුත් , අහෝ ! කෙතරම් අභාග්‍යක්ද ?  විප්ලවය එහි නායකයා විසින් පාවා දුන්නේය. සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දුන් රාත්‍රීයේම  පැජට් මාලිගාවේ සිට රාජපක්ෂලා සමග රහසිගත කම්මන්ත්‍රණයක් පැවැත් වූයේය . 

ඉනින් මතු සිරිසේන සාක්ෂාත් කළේ විප්ලවයට දායක වූ 62 ලක්ෂයේ අපේක්ෂා නොව පරාජිත රාජපක්ෂලාගේ අභිලාෂයන්ය.

මෙම '' කැටස්ට්‍රොපිය '' සරලව මෙසේය.  කුකුල් කො‍ටුවකට  අරක් ගත් ලේ පිපාසිත නරියෙක් විය. දිනක් විශාල පරිශ්‍රමයක් දරා නරියා අල්ලා ගස් බැඳීමට කුකුලන් සමත් විය .

අහෝ එසේ බැඳ දැමූ නරියා කිසිවෙකු විසින් නිදහස් කලේ නම් මොන තරම් අභාග්‍යක්ද ? නරියා බැඳි වරපට ලිහා දැමුවේ කුකුලු ‍රැහේ නායකයා විසින් නම් එය කවර නම් අභාග්‍යක්ද ?

ජනවාරි 8 විප්ලවයේ නායකයා ලෙස පත්කළ සිරිසේන සිදු කළේ එවැනි පාවා දීමකි. එපමනක් නොව රාජපක්ෂලා සමග එක්වී ජනතා අපේක්ෂා උඩු යටිකුරු කළ  ප්‍රතිවිප්ලවයේ නියමුවෙක් විය.

සිරිසේන යනු ද්‍රෝහියෙකි . 62 ලක්ෂයක ජන හදවත් පලා ලුණු දැමූ අමනයෙකි.අහෝ! ජන හදවත් තුලට ඇසිඩ් ගසමින් සජිත්  ඊයේ සිරිසේන ගැන ප්‍රසංශනාත්මකව කථා කළේය

මම මෙතෙක්කල් දේශපාලනය කළේ විවිධ ප්‍රශ්න මැද්දේ. මට වැඩක් කරන්න දුන්නේ නෑ. මගේ කකුලෙන් ඇද්දා. මට අවහිර කළා. මං පැහැදිලිවම එක දෙයක් කියන්න ඕනේ. ඔය මොන ප්‍රශ්න තිබුණත් මට ජනතාවට වැඩ කරන්න උදව් කරපු එක මනුස්සයෙක් හිටියා. ඒ තමයි හිටපු ජනාධිපතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි මට පුළුවන් තරම් හයිය දුන්නේ. දැන් මගේ පක්ෂය ඇතුළත කාටවත් බෑ මගේ කකුලෙන් අදින්න. එහෙම ඉඩ දෙන්නෙත් නෑ. එහෙම කකුලෙන් අදින කට්ටියට පුළුවන් පිටතට ගිහිල්ලා තම තමන්ගේ දේවල් ටික කරගන්න.”

හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මෙම අදහස පළ කළේය

ඉන්දියානුවන් වසංගතයෙන් පලාවිත් ලංකාවේ නිරෝධායනය වී යුරෝපයට පනින සැලසුමක්.. ශ‍්‍රී ලංකාව අධි අවදානමක…


 ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසා සිටියේ අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී විදෙස් රටවලට පිටත්කර යැවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

“ඉන්දියානු ජාතිකයන්ට සිංගප්පූරුවේ, සෞදියේ රැකියාවට යනවා නම් වෙනත් රටක නිරෝධායනය වෙන්න අවශ්‍යයි. මේක හඳුනා ගත්තු ලංකාවේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් මේවා ව්‍යාපාරයක් කරගන්න හදලා. මේකෙ ගොදුරු වෙන්නේ ලංකාවේ ජනතාව. ඒකේ වගකීම භාර ගන්නේ කවුද?”

අදාළ දැන්වීම පළකර ඇති ආයතනයේ සේවකයෙකු සමග පැවැත් වූ දුරකථන සංවාදයක් ද කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍යට නිකුත් කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් “අද දෙරණ” සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතාගෙන් විමසීමක් කළේය.

ඊට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි,

“සිවිල් ගුවන් සේවයට එහෙම චෝදනාවක් එල්ල කරන්න බෑ. හැබැයි අපිට ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න පුළුවන්. අපි නිරෝධායනය කියලා වෙනම පහසුකමක් දීලා නෑ.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (27) දිනයේදී සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රජ‍යේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

“රජය ලබා දී තිබෙන අනුමැති අයථා ලෙස යොදාගෙන වෙනත් රටවල පිරිස් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙලක් මේ ආකාරයෙන් සිදුවෙනවද කියලා සොයා බලන්න ඕනේ,” යනුවෙන් ද ඔහු පැවසීය.

Sunday 25 April 2021

මෝදිගේ ගමනක අවසානය සහ ඉන්දියාවේ තත්වය ලංකාවට බලපාන හැටි


 පසුගිය දින 4 තුලදී ඉන්දියාවේ ලක්ෂ දහයකට වැඩි  කොරෝනා රෝගීන් ප්‍රමාණයක්  හදුනා ගෙන ඇත.තවද   සැබෑ රෝගීන් ප්‍රමාණය ඊට බොහෝ සෙයින් වැඩි බව වාර්තා වෙයි

මේ වසර මුලදී ඉන්දීය රජය  එය වයිරසයට අවසාන ප්‍රහාරය දුන් බව විශ්වාස කළේය. පෙබරවාරි මැද භාගය වන විට නව රෝගීන් 11,000ක් දක්වා පහත වැටී, එන්නත් අපනයනය කරමින් සිටියේය 

මාර්තු මාසය වන නරේන්ද්‍ර මෝඩිගේ පම්පෝරිය  තවත් වැඩිවිය  ඉන්දියාව වසංගතය පරාජය කිරීමට ආසන්න බව කීවේය 

නරේන්ද්‍ර මෝඩි රු කෝටි 9000 වැය කර පෞද්ගලික ජෙට් යානයක ඇනවුම් කළේය . නව පාර්ලීමේන්තුවක් හැදිම සදහා කෝටි 20000  වෙන් කළේය .

අප්‍රියෙල් මාසය වන විට මෝදිගේ පිස්සුව තවත් තද විය. වසංගතය තඹයකට මායිම් නොකල මෝඩි ඉන්දුත්වාදයද කරේ තබා ගත්තේය. අප්‍රියෙල් මස මුලදී මිලියන සංඛ්‍යාත බැතිමතුන් සමග කුම්භ මේලා උත්සව   පැවැත්වූයේය.

අප්‍රියෙල් අවසන් සතිය වන විට සියල්ල උඩු යටිකුරු විය .දැන් ඉන්දියාවේ කොරෝනා තත්වය නිසා දිනකට සිදුවන මරණ 5000 කට ආසන්න වී ඇත 

මේ වන විට ඉන්දියාවේ  ග්‍රාමීය ප්‍රදේශ අමු සොහොන් බවට පත් වීඇත .කොරෝනා හේතුවෙන් පවුලේ සියලු දෙනා මිය ගිය අවස්ථා පවා වාර්තා වෙයි.

රෝහල් වල ඉඩ පහසුකම් නැති නිසා රෝගීන් බාර ගැනීම නවතා ඇත . රෝගීන් මහ මිය යමින් සිටියි.. දිල්ලියේ ජයපූර් ගෝල්ඩන් රෝහලේදී ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් පුද්ගලයන් 20 දෙනකු එක රැයකින් මියගිය බව ඊයේ මාධ්‍ය වාර්තා කළේය

ඉන්දියාව්වේ කොරෝනා තත්වය තව දින කිහිපයකින් ලංකාවේ දෛනික කටයුතු වලටද විශාල බලපෑමක් එල්ල කරනු ඇත .මක්නිසාදයත් ලංකාවට අත්‍යවශ්‍ය පාරිබෝගික භාණ්ඩ බොහොමයක් ගෙන්වන්නේ ඉන්දියාවෙනි

ලංකාවේ පාලකයා වන ගෝටාබය යන්නේ මෝඩි ගිය පාරේමය. ඔහු මේ දක්වා සෞඛ්‍ය පහසුකම් වැඩි කොට නැත  . අයි.සී.යූ ඇඳන් වැඩි කොට නැත.  කොරෝනා රෝහල් සියල්ල පිරී ඇති අතර රෝහල වලට රෝගීන් බාර නොගැනීම ගැ‍ටුම් දක්වා වර්ධනය වී ඇත. ඊයේ හෝමාගම රෝහලට පැමිනි රෝගියෙකූ බාර නොගැනීම විශාල ගැ‍ටුමක් දක්වා වර්ධනය විය.

ගෝටා ගම වටා පිළිසදර පවත්වමින් රට වටා යාම නිසා  ජනයා තුල කොරෝනා කෙරේ තිබු  විනය හීන  විය .සෞඛ්‍ය පහසුකම් වලට මුදල් වෙන් නොකලද අතවශ්‍ය  නොවන  වෙනත් කටයුතු වලට මුදල් වෙන් කරන අයුරු සෑම දිනකම  දැකිය හැක .

රියදුරන්ගේ  මත් දව්‍ය භාවිතය ගැන ස්ථානීය පරීක්ෂණ සිදූ කිරීමට අති විශාල මුදලක් වැය කොට ගෙන්වීමට යන උපකරණ කට්ටල  ඊට හොද උදාහරණයකි. දැන් අවශ්‍ය වන්නේ මත්දව්‍ය භාවිතය ගැන ස්ථානීය පරීක්ෂණ නොව  PCR පරීක්ෂණ බව  මෙරට පාලකයාට නොතේරීම අවාසනාවකි.සෞඛ්‍ය පහසුකම් වැඩි කළ යුතු බව මෙරට පාලකයාට නොතේරීම  රටේ අවාසනාවකි


පාස්කු ප්‍රහාරයේ සහ විමර්ශන වල සැක තැන් පිලිබදව පාර්ලීමේන්තුවේදී අසන ලද ප්‍රශ්න


 හරින් ප්‍රනාන්දු ,මනූෂ නානායක්කාර පාස්කු ප්‍රහාරය සහ විමර්ශන වල සැක කටයුතු තැන් පිලිබදව පාර්ලීමේන්තුවේදී අසන ලද ප්‍රශ්න  පහත පරිදිය .


1.  පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස ආණ්ඩුව තෝරාගෙන තිබෙන නවුෆර් මවුලවිගෙන් සාක්ෂි ලබාගැනීම සදහා පාස්කු කොමිසම හමුවට කැදවූයේ නැත්තේ ඇයි? පාස්කු කොමිසමේදී ඔහු මහ මොළකරු ලෙස හදුනාගැනීමට නොහැකිවුනේ ඇයි?

2.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර විසින් කළ පරීක්ෂණ අනුව අයි.පී. ලිපිනයක් හරහා ගොස් අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියාගෙන් කටඋත්තරයක් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේදී හමුදා බුද්ධි අංශ පැමිණ ‘‘මෙය අපේ ව්‍යාපෘතියක්’’ යැයි පවසමින් එම බුද්ධි අංශ නිලධාරියා රැුගෙන ගියේ ඇයි?

3.  මේ වන විට අපරාධ පරීක්ෂණ ෙදාපාර්තමේන්තුවට පත් කළ අධ්‍යක්ෂවරු හතර දෙනෙක්ම මාරු කර තිබෙන්නේ ඇයි? මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජයසිංහ,තිසේරා, ලොකුහෙට්ටි, කළණසිරි, රංජිත් වෙදසිංහ, සහකාර පොලිස් අධිකාරීවරුන් වන නුවන් අසංක, කාන්තා පොලිස් පරීක්ෂකවරුන් වන දර්ශිකා කුමාරි, හෙල්ලඋඩගේ, හේවාපතිරණ, දීපානි මැනිකේ, පොලිස් පරීක්ෂකවරුන් වන කීර්තිසිංහ, ඇල්ලෙපොල සහ විජේතුංග යන නිලධාරින් මාරු කර යැව්වේ ඇයි?

4 මාතලේ පොඩි සහරාන් නමින් අත්අඩංගුවට ගත් පුද්ගලයා හමුවීමට ගිය සොනික් සොනික් නමින් හැදින්වෙන නම භාවිතා කළ බුද්ධි අංශ නිලධාරියා කවුද?

5 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු ගැන නීතිපතිවරයා සමග සාකච්ඡුා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහාභාගීවිය යුතුව තිබියදී එයට හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් සහභාගී වන්නේ ඇයි? එසේ සහභාගී වන හමුදා බුද්ධි අංශ නිලධාරියා කවුද?

6 ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරවාගැනීමට උත්සාහ ගත්, එම උත්සාහය අසාර්ථක වූ පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේදී බෝම්බය පුපුරවාගත් පුද්ගලයාගේ නිවසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ ත‍්‍රස්ත විමර්ශණ එ්කකයේ නිලධාරීන් කවුද? එ් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබෙනවාද?

7 ප‍්‍රහාරකයෙක්ගේ බිරිද වන සාරා නැමති කාන්තාව මිය ගිය බවට සාක්ෂි නොමැතිව තිබියදී සහ ඇය ජීවතුන් අතර ඉන්නා බවත් ඉන්දියාවට ගොස් ඇති බවත් අර්ජුන් හීන්කෙන්ද නැමති නිලධාරියා අනාවරණය කර තිබියදී සාරා මිය ගිය බව පවසමින් ඇය ගැන තොරතුරු වසන් කිරිමට සරත් වීරසේකර ඇමැතිවරයා උත්සාහ ගන්නේ ඇයි?

8 සාරාට විදේශගතවීමට උපකාර කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබියදීත් එ් ගැන පරීක්ෂණ නොකරන්නේ ඇයි?

9 අපේ‍්‍රල් මස මැදදී සහරාන්ගේ ගිණුමට රුපියල් ලක්ෂ හාරසියයක් ලැබෙන්නේ කාගෙන්ද?

10 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අපේ‍්‍රල් 4 වැනිදා ලැබුණ තොරතුර ලබාගත් නිලධාරියා කවුද? එසේ තොරතුරු තිබියදී එ් ගැන වැඩිදුර විමසීමට එය හඹා නොගියේ ඇයි?

11 ප‍්‍රහාරයකයින් ත‍්‍රිමා නැමති දුරකතන ඇප් එක හරහා කතා කරන විට ප‍්‍රහාරය ප‍්‍රමාදවීම පිළිබද බොස් සිටින්නේ අසතුටින් බව පවසා තිබෙන බව හෙළිදරව් නොකරන්නේ ඇයි? මේ අසතුටින් සිටින බොස් කවුරුන්ද?

12 රජයේ මෙහෙයවීමට බාහිරව කටයුතු කරන බුද්ධි අංශ නිලධාරීන් කවුරුන්ද?

විශේෂඥ වෛද්‍යවරු කියන්නේ පට්ටපල් බොරු….! කොවිඩ් වාතයෙන් පැතිරෙන කතාවත් බොරුවක්….! රවී කුමුදේශ්….


 කොවිඩ් වෛරසය වාතය ඔස්සේ පැතිරෙන බවට මෙරට සිදුවන ප්‍රකාශයන අසත්‍ය බව වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් පල කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

වාතයෙන් බෝ වෙන නව කොවිඩ් වෛරසයක් රට තුල ව්‍යාප්ත වී ඇති කථාව, බොරුවක්!

වාතයෙන් බෝවෙන නව කොරෝනා වෛරසයක් ව්‍යාපත වී ඇති බව පැවසෙන සියලු වාර්තා සත්‍යයෙන් තොරයි. කොරෝනා වෛරසය වාතයෙන් පැතිරෙන්නේ ද යන්න පිළිබඳව විවාදාත්මක තත්වයක් වෛරසය පැතිරුණු මුල් ඔහු වකවානුවේ සිට බොහෝ පර්යේෂකයන්ගේ අවධානයට යොමු වී තිබුණු අතර ඒ පිළිබඳව තවමත් ස්ථිර නිකමනයකට එළඹී නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ආධාර සහිතව සිදු කෙරෙන පරීක්ෂණයක් මගින් එම වෛරසය වාතය මගින් පැතිර හැකි බවට කිසියම් කථිකාවක් පසුගිය ඔක්තෝබරයේ සිට ලොව පුරා සාක්ච්චා වෙමින් පවතින අතර, හිටි හැටියේම එය අද ඊයේ කරලියට පැමිණි අදහසක් ලෙස විශාල ප්‍රචාරයකට ලක් කරමින් තිබෙන්නේ, පසුගිය මාර්තු මාසයේ සිට PCR පරීක්ෂණ නොකරමින් අත්තනෝමතිකව ගණු ලැබූ තීරණවල වරද සඟවා ගන්න්නට විය හැකිය.

කොරෝනා වාතයෙන් පැතිරීමේ අවධානමක් සහිත රෝගයක් විය හැකි බැවින් ඊට පූර්ව වශයෙන් සූදානම් වීම වැදගත් බව අපද පිළි ගන්නා අතර, ඒ සදහා සූදානම් විය යුතු තත්වයන් පිළිබඳව වාර්ථාවක් අප පසුගිය ඔක්තෝබරයේ ලබා දුන් වාර්ථා කිසිදු අවධානයකට ලක් නොකරමින්, හිටි හැටියේ “එයර් බෝන් වසංගතයක්” කරලියට ගැනීමෙන් අප වරදා ගත් තැන නිවැරදි කිරීමට නොහැකි වන බැවින්, වසංගත පාළණයේ ඉදිරිය සදහා එය බරපතල බාධාවකි.

නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට අලුතින් ඇතුලු වූ කථාවද එවැනිම ප්‍රලාපයක් වන අතර, ප්‍රභේද හදුණා ගැනීමට අවශ්‍ය උපකරණ ඉල්ලන විටදී එය මග හරිමින් සිට් සෞඛ්‍ය බලධාරීන්, නොකල පරීක්ෂණ වල ප්‍රතිඵල කියන්නට හදිසිවී තිබේ. ශ්‍රී ලංකාව තුල ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කල හැකි එකක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති අතර අවම තරමින් ප්‍රභේද අනුමාන කල හැකි PCR කට්ටල පවා භාවිතයට ගැනීමට PCR ප්‍රතික්‍රීයක මාෆියාකරුවන්ගෙන ඉඩ ලැබී නැත. PCR පරීක්ෂණ අවම කිරීම හේතුවෙන්, ප්‍රභේද හදුනා ගැනීමට පරමාණවත් තරම් නිදර්ශක ප්‍රමාණයක් නොලැබීම හේතුවෙන් ප්‍රභේද පිළිබඳ ඔවුන්ද මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදු කර නොමැත.

හමු වන රෝගීන්ගේ රෝග ලක්ෂණ “එංගලන්ත ප්‍රභේධයට” සමානකම් පවතින නමුත් එය ශ්‍රී ලංකාව තුල පවතින බව අවථා කිහිපයකදීම තහවුරු කර ඇති බැවින්, එය රට තුලට හිටි හැටියේ අළුතින් ඇතුලුවීමක් ලෙස සැලකිය නොහැක.

එනයින් විධිමත් පරීක්ෂාවකින් තොරව, රටට නව ප්‍රභේධයක් ඇතුළු වී ඇති බව හා එය වාතයෙන් බෝවන් බව ප්‍රචාරය කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇත්තේ, මාර්තු සහ අප්‍රේල් මාසයන්හිදී PCR පරීක්ෂණ අඩාල කල නිලධාරීන්ගේ වැරදි වසා ගැනීමටය.

Saturday 24 April 2021

ඥානක්කා ගැන අප අසන පැණයට නිවරදි පිළිතුර ලබාදී වටිනා ත්‍යාගයක් දිනා ගන්න


පෙරේදා ඥානක්කාගේ උපන් දිනය  යෙදී තිබුණි , ඒ වෙනුවෙන් මනරම් උපන්දින සාදයක් පැවත්වුනි. එම උපන්දින සාදය පැවැත් වූනේ කොහේද  ?

1. ඥානක්කගේ ගෙදර 

2. තරු පහේ හෝටලයක

3. රජ වාසල තුල

4. වැඩිහිටි නිවාසයක 


එම උත්සවයට නොපැමිනි පුද්ගලයා කවුද ?

1. රජතුමා  සහ බිසව 

2. වතුර වඩන නිලමේ

3. මහ සෙනෙවි 

4. රනිල්


 


ඔව්, මම දන්නවා හඬ පටය විජේදාස ලග තියෙනවා ! ජනපති කියයි

 


ජනාධිපති ගෝඨාභය සහ විජේදාසා රාජාපක්ෂ අතර ඇති වූ සංවාදය පසුගිය සතියේ ඉමහත් ආන්දෝලනයට ලක් විය . ගොඨාභය වෙව්ලමින් තමන් වෙත  බැන වැදුන බවත් තමන්ද එම ආකාරයෙන්ම ඔහුට ප්‍රතිචාර දැක්වූ බව  මධ්‍ය හමුව්වේ විජේදාස ප්‍රකාශ කලේය.

මෙම සිදුවීමෙන් අනතුරුව විජේදාසට චිචී, යෝෂිත සහ මහින්ද කථා කරමින් ශෝකය බෙදා ගත් බව වාර්තා විය .  විජේදාස ගෝඨාභයට කැත්තට පොල්ල මෙන් ප්‍රතිචාර දැක්වූයේ මහින්දගේ අනුමැතිය නිසා බවද එම වාර්තා කියා සිටියේය.නමුත් එම වාර්තා  තහවුරු කොට නැත 

කෙසේ වුවද ඊයේ  ගෝඨා තමන්ගේ පාර්ශවයෙන් සිදුවීම සමබන්ධව යම් කරුණු පැහැදිලි කිරීමක් කර තිබුණි. ඔහු එම පැහැදිලි කිරීම කලේ  විශේෂ අමුත්තන් පිරිසක්  හමුවේ ජනාධිපති මන්දිරයෙදීය . අද දින ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම පුවත වාර්තා කොට ඇත .

“බලන්න මම විජේදාසට කුණුහරුපෙන් කතා කළා කියල එයා කියනවා. හැබැයි මම බැන්නෙ නෑ. මොකද මම දැනන් හිටිය එයා මේ කතාව රෙකෝඩ් කරනවා කියලා. ඒ හින්ද මම එයාට කතා කරල කිව්වෙ ඔබතුමා උගතෙක් කියනවා, ජනාධිපති නීතිඥවරයෙක් කියනවා ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ වගේ කතා කරන්නෙ කියලා. ඔබතුමා ඔය කියන කිසි දෙයක් පෝට් සිටිය ඇතුළෙ වෙන්න නෑ කියල මම එතුමට කිව්වා. හැබැයි එතුම මට ලොකු කතා, පණ්ඩිත කතා කියාගෙන ආවා. ඒ වෙලාවෙ මම අනේ ඔබතුමාගෙ උගත්කම ගැන මට කියන්න එන්න එපා. මොකද ඒ ඔක්කොම ගැන සී.අයි.ඩී. එකේ පරීක්ෂණයක් කරල දුන්න වාර්තාවක් මගේ ළඟ තියෙනවා කියලා කිව්වා. මම ඒක කිව්ව විතරයි , එයා කලබල වෙලා කෑගහන්න ගත්තා. ඕක තමයි එතැන වුණේ…” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා එම  කියා ඇත.

 නමුත් මෙතනදී ගෝඨා නොකියූ කොටසක් ඇත . විජේදාස  සමිබන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෛ්න්තුව විසින් රහස් ලිපිගොනුවක් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත .එම වාර්තාව විජේදාසගේ අධ්‍යාපන සුදුසුක්කම් සම්බන්ධයෙනි.  විජේදාස ලග හොර සහතික නැති බව ඉන් තහවුරු වී ඇත .

විජේදාස බොහෝ විට මෙම හඬ පටය ඉදිරි මැතිවරණයකදී රාජපක්ෂලාට එරෙහිව යොදා ගන්නා බව ජේෂ්ඨ ඇමතිවරයෙක් අප සමග කීවේය 

සජිත්ගේ කුලී ලියන්නාගේ පුපේ ඉත්තෑවෝ ගියේ ඇයි ?


 තව නොබෝ දිනකින් රනිල් වික්‍රමසිංහ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ දීවුරුම් දීමට  නියමිත බව සමීප ආරංචි මාර්ග කියා සිටියි.එම පුවත පැතිර යත්ම සජිත්ගේ කුලී ලියන්නා වන උපුල් ජෝසප් ප්‍රනාන්දු රනිල් අවමානයට ලක් කරමින් ලිපියක් ලියා ඇත . සජිත්ගේ කුලී ලියන්නා  හො‍ටු පෙරමින්  කියන කරුණු පහත පරිදිය 

1.ලංකාවේ ප්‍රධාන වීපක්ෂය වන සජබ Fail  නැත, සජිත් මාර වැඩ්ඩෙකි

2. ගෝඨාගේ රජය Fail ය 

3. රනිල් ඉතිහාසයේ සිටි දුර්වලම  නායකයාය , දැන් රනිල් මල කඳකි


නමුත් ඇත්ත කතාව පහත පරිදි නිවරදි විය යුතු යයි  යෝජනා කරමි

1. ගෝඨාභයට මෙන්ම සජිත්ට ඇත්තේ පාර්ලීමේන්න්තු ඔළු ගෙඩි පමනී.දැන් ජනතාව ඔවුන් සමග නැත.ඊට සාක්ෂි ඇත.  එක් සාක්ෂියක් පහත පරිදිය 

පරිසර හානිය සමාන්‍ය ජනයාට ගෝඨාගේ රජය එපා වීමට බල පෑ ප්‍රධාන හේතුව  විය. පැහැදිලීවම එම විරෝධය සජිත් හෝ ජවිපෙ දියත් කළ එකක් නොවීය . එම විරෝධය  පක්ෂ භේදයකින් තොරව පුරවැසියන් දියත් කළ එකක් විය. එම විරෝධයට සජබ සහ ජවිපේ දේශපාලකයන්  එක් වනවාට පූරවැසියන් විරුද්ධ විය.ජනතාව විපක්ෂය සමග නැති බව පෙන්වීමට මෙය කදිම සාක්ෂියකි.

2. ලංකාවේ ඉතාම කෙටි කාලයක් තුල ජනයාට තිත්ත වූ රජය  ගෝඨාණ්ඩුවය . නමුත් ඊට වඩා වැඩී වේගයකින් සජිත්ගේ වීපක්ෂය ජනයාට තිත්ත වී ඇත

3. රනිල් මළ කඳක් නම් සජිත්ගේ කුලී ලියන්නා මේ තරම් කළබල වී ඇත්තේ මන්ද ? රනිල් ඉතිහාසයේ දුර්වලම  නායකයා නම් සජිත්ට  එජාපය  දිනා ගැනීමට තවමත් නොහැකි වූයේ මන්ද ?සජිත් යනු පක්ෂයක් නොමැතිව අහසේ පාවෙන ග්‍රහයෙකු නොවේද ?සජබ පක්ෂයේ අයිතිය ඇත්තේ ඩයනාට සහ සේනකට නොවේද ? 


ගෝඨා ගැන කලකිරී ඔහුව විවේචනය කරන මිනිසුන්  ආකර්ශනය කර ගැනීමට සජිත්ට වැඩ පිළීවෙලක් නැත .පසුගිය මැතිවරණයේදි   ගෝඨාභයට ඡන්දය දී මේ වනවිට ඔහුව විවේචනය කරන මිනිසුන් ලක්ෂ ගණනින් ඇත. නමුත් එවැනි එක් අයෙක්වත්  සජිත් සරණ ගොස් නැත. 

පසුගිය මැතිවරණයේදී ලක්ෂ 25 පමණ එජාප  ජනකායක් ඡන්ද පොලට ආවේ නැත. ඔවුන්ගෙන් එකෙක් සජිත් පිල සමග එක් වී නැත . මේ අයුරුන් රනිල්ට දෝෂාරෝපනය කිරීමෙන් එජාප පාක්ෂිකයන් කිසි දිනක දිනා ගත නොහැක .

ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ පරිදි විපක්ෂය භේද භින්න වී ඇත . විපක්ෂය සමගි කිරීමට සජිත්ට සැලසුමක් නැත . තමන්ගේ නායකත්ව භූමිකාවට තර්ජනයක් වේය යන බිය නිසා විපක්ෂය සමගි වනවාට සජිත් අකමැතිය. එම කරුනු සිහිතබා ගනිමින් සජිත්ගේ කුලී ලියන්නා මේ සතියේ ලියූ ගුරුදා විග්‍රහය කියවන්න 

------ ------------------------------------------------------------------------------------------------------------------

ස.ජ.බෙ. ෆේල්..

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පරාජය වී පාර්ලිමේන්තුවට යා ගන්න බැරි වූ දින සිට හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමැති වත්මන් යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ පත්තර කොම්පැනිය මතුරන මන්ත්‍රය ඕකය. ඒ පත්තර කොම්පැනියේ සිංහල, ඉංග්‍රීසි පත්තර දෙකටම අද රටේ තියෙන ලොකුම ජාතික ප්‍රශ්නය ස.ජ.බෙ. නොහොත් සමඟි ජන බලවේගයය.

“සජබෙ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නේ නැහැ”

මේ වගේ නිවුස් හෝ ආටිකල් හැමදාම මේ පත්තර කොම්පැනියේ සිංහල සහ ඉංග්‍රීසි පත්තරවල මාරුවෙන් මාරුවට පළ වෙයි.

“ඇත්තටම ස.ජ.බෙ. ෆේල්ද?”

සජබෙට පක්ෂයක් හැටියට වයස තවම අවුරුද්දක් පමණය. විපක්ෂයක් හැටියට වයස තවම මාස 8ක් පමණි. මේ ආණ්ඩුවට වයසත් තවම මාස 8ක් පමණි.

ලංකාවේ ආණ්ඩු ඉතිහාසයේ මාස 8ක් තුළ මෙලෙස ජනතා අප්‍රසාදයට පත් වූ ආණ්ඩුවක් නැත. මෙයට හේතුව ලෙස ජනාධිපති ගෝඨාභය කියන්නේ තමන් කරන හැම වැඩක්ම ෆේල් කියා විපක්ෂය පෙන්වනවා කියාය. තමන් ෆේල් කියා, තමන් කැලෑ වනසනවා කියා විපක්ෂය බොරු කතා පතුරනවා යැයි ගෝඨාභය ගම සමඟ පිළිසඳරෙදී පවසා තිබිණි. ඔහු එහිදී කෙළින්ම චෝදනා කළේ හරීන් ප්‍රනාන්දු ඇතුළු ස.ජ.බෙ.ටය. ගෝඨා සතිඅන්තයට ගමට ගොස් පවත්වන හැම ගම සමඟ පිළිසඳර වැඩසටහනකදීම තමාට එරෙහි විපක්ෂයේ කැම්පේන් එක ගැන රටට කියයි. සාමාන්‍යයෙන් ගෝඨාභය දේශපාලන සතුරන් ගැන කතා කරන අයෙක් නොවේ. ඔහු අද හැම ගම සමඟ පිළිසඳරකදීම විපක්ෂයට බනින්නේ ස.ජ.බෙ. ‘සර් ෆේල්’ ප්‍රහාරය ඔහුට හොඳට තදින් දැනී ඇති නිසාය.

“විධායක ජනාධිපති ක්‍රමය යටතේ ඇති ආණ්ඩුවක් මාස 8ක් වැනි කාලයක් තුළ මෙලෙස අප්‍රසාදයට පත්කරපු විපක්ෂයක් තිබුණාද?”

1978 විධායක ජනාධිපති වූ ජේ.ආර්.ගෙන් පටන්ගත් විට ඇත්තටම 1978 සිට 1987 වන තෙක් රටේ ශක්තිමත් විපක්ෂයක් තිබුණේ නැත. 1978 සිට 1987 තෙක් එවකට විපක්ෂය දෙකට තුනට බෙදී පක්ෂ ලාංඡනයට, කාර්යාලයට ගහමරා ගත්තා මිස ජේ.ආර්. හෝ ජේ.ආර්.ගේ ආණ්ඩුව රට තුළ අප්‍රසාදයට පත් කරන්න කිසිවක් කළේ නැත. එවකට අනුරගේ විපක්ෂ නායකත්වයෙන් යුත් විපක්ෂය කළේ පාර්ලිමේන්තුව ඇතුළේ දක්ෂ ලෙස ආණ්ඩුවට එරෙහිව කතා කිරීම පමණි. ගහමරා ගත් විපක්ෂයට පණ ආවේ 1987 ජවිපෙ ආයුධ අතට ගත්තාට පසුවය. එතැන් සිට විපක්ෂය ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව මහා අරගලයක් දියත් කළේය.

1988 ප්‍රේමදාස ජනාධිපති වීමෙන් පසු බණ්ඩාරනායක මැතිනියගේ විපක්ෂයට ආසන 67ක් ලැබුණත් ආණ්ඩුව පිහිටුවා මාස 8ක් නොව වසර ගණනක් යන තෙක් ප්‍රේමදාසට අභියෝග කරන්න බැරි විය. විපක්ෂ නායිකා මැතිනිය ගියේ රෝද පුටුවෙන්ය. ඇය දිගු කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට විදේශගත වී සිටියාය. ඒ කාලය තුළ අනුර සහ චන්ද්‍රිකා පක්ෂයේ බලය සියතට ගන්න යුද්ධයක් පටන් ගත්හ. විපක්ෂයට පණ ආවේ 1991 සැප්තැම්බරයේ ලලිත් සහ ගාමිණී ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට ආණ්ඩුවෙන් එළියට ආවාට පසුවය. මහින්ද පාදයාත්‍රා ගියේත් ඉන් පසුවය. එතැන් සිට විපක්ෂය ප්‍රේමදාස විරෝධී රැල්ලක් රටේ නිර්මාණය කළේය.

1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයට ආසන 105ක්, විපක්ෂයට ආසන 94ක් තිබිණි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයේ හිටියේ එක් වැඩි ඡන්දයකිනි. ඕනෑම මොහොතක ආණ්ඩුව පෙරළිය හැකි වුවද එවකට විපක්ෂ නායක රනිල් කිව්වේ ආණ්ඩුවට වසර දෙක තුනක් රට පාලනය කරන්න ඉඩදිය යුතු බවය. හිටපු එජාප මහ ලේකම් සිරිසේන කුරේ ආණ්ඩුව 113 හදා ගන්න මන්ත්‍රිවරු දුන්න මුස්ලිම් කොංග්‍රසය සමඟ ආණ්ඩුව පෙරළන්න යද්දී රනිල් එය කඩාකප්පල් කළේය. අන්තිමේදී සිරිසේන කුරේ නිවාස අඩස්සියට පත්වූයේ ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණය කළ වරදටය.

චන්ද්‍රිකා 1999 ජනාධිපතිවරණය ජයගත් විට යළි විපක්ෂ නායක ධුරයට පත් රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න සාකච්ඡාවලට ගොස් චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමඟ සටන් විරාමයකට ගියේය. මේ අවස්ථාවේදීද මුස්ලිම් කොංග්‍රසයේ එවකට නායක රාවුෆ් හකීම් ආණ්ඩුවෙන් ඉවත් වී ආණ්ඩුවට බහුතරය නැති කිරීමට කල්යල් බලමින් සිටියේය. රනිල් එය නොතකා නෝර්වේ සංචාරයකට ගියේය. පක්ෂ නියෝජ්‍ය නායක කරු සහ උප නායක ගාමිණී අතුකෝරල රනිල්ට එරෙහිව පක්ෂය තුළ කැරැල්ලක් ගැහුවේ රනිල් ආණ්ඩුව පෙරළීමට උනන්දු නොවන බවට චෝදනා කරමින්ය. ඒ කැරැල්ලේ බලපෑමට රනිල් 2001 ආණ්ඩුව පෙරළීය.

2001 රනිල්ගේ ආණ්ඩුවේ විපක්ෂයත් ශක්තිමත් විපක්ෂයක් නොවේ. මහින්ද රාජපක්ෂව විපක්ෂ නායක කළේ රනිල්ගේ ආණ්ඩුවේ මැදිහත් වීමෙනි. ශ්‍රීලනිපයේ කොටසක් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කරමින් සිටියහ. ශ්‍රීලනිපයේ මංගල කල්ලිය විපක්ෂ නායක මහින්දට එරෙහිව ජවිපෙ සමඟ කුමන්ත්‍රණය කළේය. ඒ විපක්ෂයට පණ දුන්නේ ජවිපෙය.

2004 මහ මැතිවරණයෙන් රනිල් යළි විපක්ෂ නායක විය. 2005 ජනාධිපතිවරණය රනිල් පරාජය වී මහින්ද ජනාධිපති විය. ඉන්පසු රනිල්ට එරෙහිව යූ.ඇන්.පී.යේ කැරැලි පටන් ගත්හ. රනිල් කළේ කැරැලිකරුවන් ආණ්ඩුවට යවා මහින්දත් එක්ක ඩීල් එකකින් විපක්ෂ නායක ධුරය ආරක්ෂා කර ගැනීමය. 2007 මංගල සහ ශ්‍රීපති විපක්ෂයට පැමිණ විපක්ෂයට ශක්තිය දී 2008 අය – වැයේදී ආණ්ඩුව පෙරළන්න වැඩ කළත් එය අසාර්ථක විය. එතැන් සිට රනිල් වැඩි කාලයක් හිටියේ විදේශ සංචාරවල යෙදෙමිනි. 2010 ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවී ෆොන්සේකාව දමා ෆොන්සේකා පරාජය වූවාට පසු ෆොන්සේකා විපක්ෂ නායක වේ යැයි බියෙන් රනිල් ෆොන්සේකාට යූ.ඇන්.පී.යෙන් නාම යෝජනා දුන්නේ නැත. මහින්ද ෆොන්සේකාව හිරේට යැව්වාට පසු රනිල් ෆොන්සේකා සමඟ ගනුදෙනු කිරීම නතර කළේය.

2010 රනිල් යළි විපක්ෂ නායක විය. මහින්දට යළිත් වරක් ජනාධිපතිවරණය තරග කරන්න 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එද්දී ඔහු මහින්දට යූ.ඇන්.පී. මන්ත්‍රිවරු බිලිබා ගන්න ඉඩ දී රට ගියේය. ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේදීත් රට ගියේය. යළි පැමිණ ශීරාණිට එරෙහිව ආණ්ඩුවට පක්ෂව කතා කළේය. ඉන්පසු ඇමෙරිකාවේ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න යනවා කියමින් මාස ගණනක් ඇමෙරිකාවට වී සිටියේය. ඒ කාලය තුළ ඔහු මාස දෙකකට වරක්වත් විදේශ සංචාරයක නිරත විය. වසර දෙකක් යන තෙක් පාර්ලිමේන්තුවේ කතා කළේ නැත. 2010 සිට 2015 වන තෙක් යූ.ඇන්.පී. බළකොටුව වූ කොළඹ මැයි රැලියත්, පෙළපාළියත් පැවැත්වූයේ නැත. 2010 මැයි දිනයදා පන්සල්වලට ගොස් ආගමික වතාවත් කළේය. මැයි රැලි පැවැත්වූයේ නැත. 2011 මැයි දිනය යාපනයේ පැවැත්වූයේ ටී.එන්.ඒ. පිහිටෙනි. 2012 මැයි දිනය අම්පාරේ මුස්ලිම් පක්ෂවල පිහිටෙන් පැවැත්වූයේය. ඊළඟ මැයි රැලිය බදුල්ලේ වතු කම්කරු පක්ෂවල පිහිටෙන් පැවැත්වීය.

එහෙත් අද ස.ජ.බෙ. පක්ෂය පිහිටුවා වසරක් තුළ කොළඹ මහා මැයි රැලියක් සහ පෙළපාළියක් පැවැත්වීමට සංවිධානය කොට තිබිණි. ආණ්ඩුව කොරෝනා කියා මැයි රැලි තහනම් කළේ ස.ජ.බෙ. රැලියට සහ මෛත්‍රිගේ ශ්‍රීලනිප රැලියට බයෙන්ය. මාස අටක ආණ්ඩුවක් මැයි රැලියක් තියාගන්න බැරි තත්ත්වයට ගෙන ඒම ලෙහෙසි පහසු නොවේ.

රාජපක්ෂලා කොළඹට සෙනඟ ගෙනෙන්න පළාත් සභා, පළාත් පාලන ඡන්ද තියන්න සූරයින්ය. 2005 සිට රාජපක්ෂලා අවුරුද්දෙන් අවුරුද්දට ඡන්ද තිබ්බේ ජය පිට ජය ලබමින්ය. ඒත් අද රාජපක්ෂ ආණ්ඩුවට පළාත් සභා ඡන්දය තියාගන්න බැරි වෙන තැනට ස.ජ.බෙ. ආණ්ඩු විරෝධය රට පුරා අවුලා ඇත. අනෙක මේ ආණ්ඩුව 1978 ජේ.ආර්.ගේ ආණ්ඩුවටත් වඩා ශක්තිමත් ආණ්ඩුවකි. ජේ.ආර්. තුනෙන් දෙක ගත්තේ කොට්ඨාස ක්‍රමයටය. මේ ආණ්ඩුව තුනෙන් දෙක ගත්තේ කවදාවත් කාටවත් තුනෙන් දෙකක් ගන්න බැරි යැයි ජේ.ආර්.ම කී සමානුපාතික ක්‍රමයටය. අනෙක ස.ජ.බෙ. තම හයිය පෙන්වන්නේ ස.ජ.බෙ. මන්ත්‍රිවරු අත්අඩංගුවට ගැනීම්, රහස් පොලිසියට කැඳවීම් මධ්‍යයේය. ස.ජ.බෙ.ට කිසිදු මාධ්‍යයක් නැත. සිරස හැර මාධ්‍ය කඩේ යන්නේ ආණ්ඩුවට සහ යූ.ඇන්.පී.යටය.

ඒත් ස.ජ.බෙ. මාස 8න් ආණ්ඩුව හතර ගාතෙන් වට්ටවන්න සමත් වී ඇත. රජන්ජන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි වීම ස.ජ.බෙ.ට වැදුණු මරු පහරක් විය. මේ වගේ රනිල් විපක්ෂ නායක කාලයේ 2004 එස්.බී.ටද, 2010 ෆොන්සේකාටද මන්ත්‍රි ධුර අහිමි විය. එස්.බී.ව නිදහස් කරන්න එකල යූ.ඇන්.පී.ය පෙළපාළි යද්දී රනිල් කීවේ රටේ ප්‍රධාන ප්‍රශ්නය ජීවන වියදම මිසක් එස්.බී. නොවේ කියාය. එස්.බී.ගේ මන්ත්‍රි ධුරය අහිමි වූ විට පාර්ලිමේන්තුවේ විරෝධයක්වත් පළ වූයේ නැත. ෆොන්සේකාගේ මන්ත්‍රි ධුරය අහිමි වූ විට විරෝධය පළ කළේ ජවිපෙය. 2005 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා එස්.බී.ව නිදහස් කරන්න යද්දී රනිල් එය නතර කළ බව එස්.බී. ප්‍රසිද්ධියේ කීවේය. අනෝමා ෆොන්සේකාව නිදහස් කර ගන්න යද්දී රනිල් තම මාධ්‍යවලින් එයට පහර ගැසීය.

හැබැයි සජිත් රන්ජන් රාමනායක වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු හඬක් නැඟීය. අද ඔහු රන්ජන්ගේ ඉල්ලීමට ඔහුව නිදහස් කර ගැනීමට ගෝඨාට කතා කිරීමට පවා මැළි නොවීය. රන්ජන්ගේ ආසනය බේරා දීමට ඔහු රන්ජන්ගේ නීතිඥ සුමන්තිරන් සමඟ වෙහෙසුණේය.

අනික ස.ජ.බෙ. ඉතා සූක්ෂමව දක්ෂ ලෙස පාස්කු බෝම්බයේ මහ මොළකරු හොයන්න කියමින් පාස්කු බෝම්බය ආණ්ඩුවටම බූමරංගයක් වන ලෙස කටයුතු කරමින් සිටී. අද කාදිනල් හිමි පවා චෝදනා කරන්නේ ආණ්ඩුවටය. බෝම්බය පිපුරුණ වේලාවේ රනිල් කළේ බෝම්බයේ වගකීම මෛත්‍රි පිට පැටවීමය. එසේ නොකොට බෝම්බයේ වාසිය ගන්නේ විපක්ෂය කියා රාජපක්ෂ ආණ්ඩු කාලයේ මුස්ලිම් අන්තවාදීන් සමඟ ආණ්ඩුවට තිබුණ සබඳතා හෙළි කරමින් ප්‍රචාරක මෙහෙයුමක් දියත් කළා නම් මෛත්‍රි – රනිල් ආණ්ඩුවට මෙවැනි විනාශයක් වන්නේ නැත. රනිල් මෛත්‍රි එක්ක වෛරය පිරිමහ ගන්න බෝම්බය මෛත්‍රි පිට දැමුවේය. අද ස.ජ.බෙ. රාජපක්ෂවරු තමන්ට දමාගැසූ පාස්කු බෝම්බ වගකීම රාජපක්ෂවරුන්ටම දමා ගහන්න සමත් වී තිබේ.

ආණ්ඩුව අද පාර්ලිමේන්තුවේ සජිත්ට පිස්සා කියන්නේ, සජිත් පිස්සා කියා පුවරු ඔසවාගෙන ඉන්නේ පාර්ලිමේන්තුව තුළ සජිත් ආණ්ඩුව දණගස්සලා තියෙන නිසාය. විධායක ජනාධිපති ක්‍රමය තුළ ශක්තිමත්ම විපක්ෂයක් තිබුණෙත් මෛත්‍රි – රනිල් කාලයේය. ඒ ඒකාබද්ධ විපක්ෂයය. හැබැයි ඒ විපක්ෂයට ජනාධිපති මෛත්‍රිගේ ආරක්ෂාව සහ රැකවරණය තිබිණි. එසේ තිබියදීත් ඒකාබද්ධ විපක්ෂයට ස.ජ.බෙ. තරම් පාර්ලිමේන්තුව ගිනියම් කරන්න බැරි විය. රන්ජන්ගේ අසුන අහිමි කරපු දින සිට පසුගිය සතියේත් ස.ජ.බෙ. පාර්ලිමේන්තුව දෙවනත් කළේ ආණ්ඩුව අසරණ කරමිනි.

රනිල් වික්‍රමසිංහ අද නැත්නම් හෙට පාර්ලිමේන්තු එනවා යැයි රාජපක්ෂවරුන්ගේ විපක්ෂයේ ආරක්ෂකයා ලෙස ප්‍රකට වජිර අබේවර්ධන කියන්නේ ආණ්ඩුවේ වුවමනාවටය. සජිත්ට පිස්සා කියලා ගහන ගමන් ආණ්ඩුව කියන්නේ විපක්ෂය පණමදි, රනිල් ඕනෑ කියාය. මහින්ද රුවන්ගේ පත්තරේට සම්මුඛ සාකච්ඡාවක් දී රනිල් පාර්ලිමේන්තු ආ යුතු යැයි කියා තිබිණි. රාජපක්ෂලාට ඕනෑ රනිල්ට ඔක්සිජන් දී රනිල්ව පාර්ලිමේන්තු ගෙනැවිත් ස.ජ.බෙ.ට ගස්සවන්නටය. ඒකට දැන් රනිල් බැඳුම්කර හොරකමට ගෑවිලාවත් නැහැ යැයි ආණ්ඩුව කියයි. පාස්කු ප්‍රහාරය ඉදිරියේ රනිල් සහ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් අහිංසක නොදරුවන් යැයි ආණ්ඩුව කියයි. ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය වෙලාවේ ආරක්ෂාව අනතුරේ දැම්මා කියල විපක්ෂය චෝදනා කළේ ජාතික ආරක්ෂක ඇමැති ඇතුළත්මුදලිටය.

චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ දළදා මාලිගාවට කොටි ගැහුවාම වගකීම භාර ගෙන අයින් වුණේ රාජ්‍ය ආරක්ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේය. පාස්කු ප්‍රහාරය වන වෙලාවේ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන්ට ආණ්ඩුවෙන් කිසිදු චෝදනාවක් නැත. දැන් රනිල්ගේ මඩ ටික හෝදලා පාර්ලිමේන්තු ගෙන එන්න රාජපක්ෂලා දත කට මැදගෙන සිටී. රනිල් කියන්නේ දේශපාලන වශයෙන් මියගිය චරිතයක් බව රාජපක්ෂලාටත් දැන් තේරුමක් නැත. ප්‍රධාන පක්ෂයක නායකයෙක් පාර්ලිමේන්තු ඡන්දය ඉල්ලා ඡන්ද 25,000ක් ගෙන පරාජය වූ ඉතිහාසයක් ලංකාවේ නොව ලෝකේවත් නැත. මියගියාම කරන්න පුළුවන් හොල්මන් කිරීම පමණි. රනිල්ටත් පාර්ලිමේන්තු ආවාට එයට වැඩි දෙයක් කරන්න බැරිය.

Friday 23 April 2021

ජාතික ආරක්ෂාවේ නාමයෙන් ජාතික ආරක්ෂාවට හානි නොකරන්න, ජනයා ‍රැවටීමට උත්සාහ නොකරන්න -අත්අඩංගුවට ගැනිමට පෙර රිෂාඩ් කියයි


 රිෂාඩ් බදුර්දීන් අද හිමිදිරී උදයේ 2ට පමන  CID අත්අඩංගූවට පත් වීය . බෞද්ධාලෝක මාවතේ රීෂාඩ්ගේ නිවස අසල  පාන්දර 1 සිට ආරක්ෂක අංශ ‍රැදී සිටි බවත් ඉන් පැයකට පමන පසු  අත්අඩංගුවට ගත් බව සමාජ මාධ්‍ය හරහා ඔහු කියා සිටියේය .තමා කිසිම චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගත් බවද ඔහු කියා සිටියේය . 

අත් අඩංගුවට ගැනීමට පෙර දිනයේ පාස්කු විමර්ශන කමී‍ටු වාර්තාව  පිලිබද වීවාදයට එක් වෙමින් රිෂාඩ් ආන්දෝලනයට ලක්වන කථාවක් කළේය. විනාඩී 30 පුරා ඔහු කළ එම කථාව මෙරට සෑම දේශප්‍රේමියෙක්ම අනිවාර්යෙන්ම ඇසිය යුතු එකකි. 

ඔහු එම කථාවවෙන් වත්මන් රජයට ප්‍රභල චෝදනා ගණනාවක් එල්ල කළේය 

1. ගෝඨාණ්ඩුව  ඉතා කූට ලෙස  සිංහල ජනයා රවට්ටමින් සිටින බව කීවේය 

2. ජාතික ආරක්ෂාවේ නාමයෙන් ගෝඨාණ්ඩුව  ජාතික ආරක්ෂාවට  විනාශ කරන බව

3. අන්තවාදී අදහස් දරන අය පුනරුත්ථාපනය කරන මුවාවෙන් ඔවුන් ත්‍රස්තවාදීන් බවට පත් කරමින් සිටින බව 

4.සහරාන් අත්අඩංගුවට ගතයුතු බව ප්‍රකාශ කළ අසාත් සාලි අභූත ලෙස අත් අඩංගුවට ගත් බව 

5. අයි.එස් අන්තවාදීනට එරෙහිව කවියක් ලියූ අෆ්නාෆ් අභූත ලෙස අත් අඩංගුවට ගත් බව

6. හෙට්ටීපොල මුස්ලිම් කඩවලට පහරදුන් සිංහල මැරයන් නිදහස් කිරීමට දයාසිරි ජයසේකර මූලිකවූ බව කොමිසන් වාර්තාවේ ඇති බව සදහන් කළේය.යන ආදී චෝදනා ඇතුළු තවත්   චෝදනා රාශියක් එල්ල කළේය


රජය ඉතා කුමන්ත්‍රණකාරී වැඩ පීලිවෙලක නිරත බව රිෂාඩ් කීවේය.  රජයේ පාර්ෂවයක් වන  විමල් වීරවංස යොදවා පහර දීම කූමන්ත්‍රණයක් බව ඔහු කීවේය  . විමල් හරහා තමන්ට අභූත චෝදනා එල්ල කළ බව කිවේය.එම චෝදනා අසත්‍ය බවත් හැකිනම් ඒවා ඔප්පු කරන ලෙස අභියෝග කළේය.එම චෝදනා පහත පරිදීය

1. සහරාන්ට ඉන්දියාවට යාමට උදව් කල බව 

2. සහරාන්ට සතොස වාහන ලබා දුන් බව 

3. බෝම්බ ඊබ්‍රහීම්ට තඹ ලබා දීමට තමා මැදීහත් වූ බව

4. මුස්ලිම්  සැකකරුවෙකු නිදහස් කිරීමට මහේෂ් සේනානායකට බලපෑම් කල බව

 

රිෂාඩ් අත් අඩංගුවට ගැනීමට පෙර  ''ජාතික ආරක්ෂාවේ නාමයෙන් ජාතික ආරක්ෂාව හානි නොකරන්න, ජනයා ‍රැවටීමට උත්සාහ නොකරන්න'', ලෙසින්  කළ කථාව බැරෑරුම් එකකි. එනම් දැන් රීෂාඩ්  එහාට මෙහාට විසිවන පා පාපන්දුවක් බවට පත්ව ඇත.රිෂාඩ් ගෝඨාණ්ඩුවේ වැඩ වලට අකමැති වුවද  ඔහුගේ පැවැත්මට රාජප්ක්ෂ සරණ යා යුතුය. මෙම අත්අඩංගුවට ගැනීම  මනා ලෙස සැලසුම්  කල  නාටකයක් විමට බොහෝ ඉඩ  ඇත .මේ අප  දකින්නේ එම රූපාන්තරය විය හැක