ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය සතිය වනවිට රුපියල් 204ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර මේ සතිය ආරම්භයේ එය රුපියල් 191ක් දක්වා පහත වැටිණි.ඩොලරයේ අගය අඩුවූ දින දෙක තුළ ආණ්ඩුවට හිතවත් ගජ මිතුරු ව්‍යාපාරිකයකු අති විශාල වාසියක් අත්පත් කරගෙන ඇති බව ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.
අදාළ ව්‍යාපාරිකයා විසින් මෙරටට ආනයනය කළ භාණ්ඩ සඳහා දින 180ක පදනමින් නිකුත් කර තිබුණු ණයවර ලිපි සඳහා ගෙවියයුතු මුදල් එම දින දෙක තුළ පියවා ඇති බව සඳහන්. එහිදී ඔහුගේ මිලදී ගැනීම් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් සඳහා ඇමරිකානු ඩොලර් මිලදී ගැනීමේදී ඔහුට ඩොලරයකට රුපියල් 12ක පමණ වාසියක් ලැබී තිබෙන බව පෙනේ. ඩොලර් මිලියන ගණනක ගනුදෙනු පිළිබඳ සලකා බැලීමේදී ඔහුට රුපියල් මිලියන සිය ගණනක වාසියක් ලැබී ඇත.
LNW
No comments:
Post a Comment