Sunday 18 April 2021

වලගම්බා මාලිගාවේ චීන ගල් කොරියක්, ආඳගල ගමක් නැගිටියි, නූතන දියසේන ඇඳ යට, වොයිස් කට් සාදුලා මීක් නෑ

 

වලගම්බා රජ සමයට අයත් පුරාවිද්‍යා භූමියක චීන ජාතිකයන් පිරිසක් ගල් කොරියක් දමා ඇති පුවතක් අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

ශ්‍රේෂ්ඨ නරපතියෙකුගේ ශෛලමය මාලිගාව සුනු විසුණු කරමින් චීන ගල් කොරියක් දැමීම ඛේදවාචකයක් බව ගම් වාසීන් පවසයි.

පෘතුගීසි , ලන්දේසි සහ ඉංග්‍රිසි යටත් විජිත කාලවල පවා ආරක්ෂා වූ පුරාවිද්‍යා බිම් චීන්නු විසින් විනාශ කිරීම අදහා ගත නොහැකි බව ප්‍රදේශ වාසීන් පවසයි.

ඊයේ මෙම අපරාධයට එරෙහිව මුළු ගමම විරෝධාතාවක් පවත්වා ඇත. රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් චීන ජාතිකයන්ගේ අල්ලස් වලට යටව ඇතැයි ඔවුන් චෝදනා කළහ.

යම් කිසි හෙයකින් පුරාවිද්‍යා බිමක මුස්ලිම් ජාතිකයෙකු උදැල්ලකින් කෙ‍ටුවේ නම් වොයිස් කට් සාදුලා සිවුරු කරට ගෙන උද්ගෝෂණ පැවැත්වීම නියතයකි. නමුත් චීන්නු පුරාවිද්‍යා බිමේ ගල් කොරියක් දැමුවද වොයිස් කට් සාදුලා මීක් නැත.

එසේ වන්නේ වොයිස් කට් සාදුලා චීන අල්ලස් වලට සහ නාරි මාංශ වලට යටව ඇති නිසාය. ලංකාවේ ප්‍රකට වොයිස් කට් සාදු කෙනෙක් වන මැදගොඩ අබේතිස්ස සාදු චීනුන්ගෙන් මිලියන 3 අල්ලස් ගෙන අතේ මාට්‍ටු විය . චීන්නු කරන කුප්ප වැඩක් හමුවේ මොවුන් මුනිවත රකින්නේ එහෙයිනි

ගෝඨා බලයට ආවේ රට ජාතිය ආරක්ෂා කරන දියසෙන් කුමරු මෙන් රඟපාමිනි . ගෝඨා දිවුරුම් දුන්නේ රුවන්වැලි සෑ මළුවේ දු‍ටුගැමුනු පිළිරුව ඉදිරියේය .ගෝඨා බලයට පත් වූ විගස ගැසට්‍ටුවක් ගහමින් පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට විශේෂ කාර්ය සාධක බලකායක් පත් කළේය. ආරක්ෂක ලේකම් කමල් ගුනේද එහි සාමාජිකයෙකි. නමුත් වලගම්බා මාලිගයේ චීන්නු ගල් කොරියක් දමා ඇත

No comments:

Post a Comment