Sunday 18 April 2021

නන්දසේන අපිට බොරු කළා.., ETI තැන්පත්කරුවන් රජයට විරෝධය පායි !

මහජනයාට පොලු තබා ඇති මූල්‍ය ආයතන ගණන 100 කට වැඩිය. ලියාපදිංචි කළ සහ නොකළ දෙකම ඒ අතර ඇත. සමුපකාර ණය දෙන සමිතිද ඒ අතර ඇත. විගොඩ සණස බැංකුවේ සභාපති සමීර සේනානායක තැබූ පොල්ල කෝටි 80 කට වැඩිය.

පුරවැසියෙකු ලේ, දහදිය වගුරුවා ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් මූල්‍ය සමාගමක තැන්පත් කරන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ඔවුන්ගේ ජීවිතය ‍රැඳෙන්නේ එම මුදල මතය. එම ඉතුරුව අහිමි වීම ජීවිතයම කඩා වැටීමකි.

මූල්‍ය ආයතන පොලු නිසා සිය දිවි හානි කරගත් පුද්ගලයන් ගණන සියයකට වැඩිය, අකාලයේ මියගිය ගණන දහසකට වැඩිය, කැඩී බිඳුනු පවුල් ගණන මෙතෙකැයි කිව නොහැකිය.

මහජන මුදල් රුපියල් බිලියන 35ක මුදලක් වංචාකිරීමේ චෝදනාව මත එදිරිසිංහ පවුලේ සහෝදරයන් අත්අඩංගුවත ගත් අතර උසාවිය එවැනින් ඔවුන් ඇප පිට නිදහස් කලෝය.

ඊයේ (01) දින මහ බැංකු පරිශ්‍රය ඉදිරිපිටදී සිය තැන්පතු මුදල් ලබා නොදීමට විරෝධය පළකරමින් ETI සහ ස්වර්ණමහල් තැන්පතුකරුවන් නිහඬ විරෝධයක නිරත විය.

පසුව විරෝධතාකරුවන් 7 දෙනෙකුට මහ බැංකුවේ නියෝජිතයෙකු හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුවත් එම සාකච්ඡා ද අසාර්ථක වූ බව විරෝධතාකරුවන් පැවසූහ.

තවද ඇතැම් තැන්පත්කරුවන් යක්ෂාවේශව මෙන් වත්මන් රජයට විරෝධය දැක්වූහ. රජය තමන් ‍රැවටූ බව හඬා වැටෙමින් ඔවුන් ප්‍රකාශ කළහ. ඊටීඅයි තැන්පත් කරුවන්ට මුදල් ගෙවන බව ජනාධිපතිවරණයට පෙර ගෝඨාණ්ඩුව ප්‍රකාශ කලේය

මූල්‍ය ආයතන පොළු වලින් අසරණ වූ තැන්පතු කරුවන්ගේ මුදල් 100% පියවූයේ යහපාලන ආණ්ඩුව පමනි. රවී කරුණානායක මුදල් ඇමතිව සිටියදී ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ගේ මුදල් මුළුමනින්ම පියවූයේය.

ලංකාව අරුම පුදුම රටකි . මහජන මුදල් කොල්ල කෑ එදිරිසිංහලාට කොතලාවලලාට ලංකාවේ කිසිවෙකු බැංකු කැඩුවා කියන්නේ නෑත. ලංකාවේ උන් බැංකු කැඩුවා කියන්නේ, කැඩූ බැංකුවකුත් නැති සහ බැංකු හොරුන්ගෙන් පීඩාවට පත් ජනයාට සෙත සැලසූ රවී කරුණානායකටය.

මෙහි ඊටත් වඩා ඛේදජනක පැතිකඩක් ඇත. පසුගිය කාලයේ සජිත්ගේ ගෝලයන් රනිල් රවි බැංකු කැඩුවා කියා අසද්ද බොරුවක් ජනගත කළහ. නමුත් සත්‍ය ලෙසම බැංකු මංකොල්ල කෑ ETI , ද ‍ෆිනෑන්ස් ගැන මීක් නැත. ගෝඨාණ්ඩුවේ මහාභාණ්ඩාගාර සුද්දය ( සීනි , පොල්තෙල් බදු මගඩිය ) ගැන මීක් නැත

No comments:

Post a Comment