කොරොනා රෝගය පිටපළාත්වලට පැතිරීයාම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද සිට පුද්ගල පරීක්ෂා කිරිමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .
සෞඛ්‍ය අංශ , පොලීසිය , ත්‍රිවිධ හමුදාව යොදවා මෙම පරීක්ෂණ සිදුකරන බව ද හෙතෙම කියා සිටියේය.
ස්ථාන 12 දී වසංගත රෝග නිවාරනය සම්බන්ධ නීති රෙගුලාසි ප්‍රකාරව පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක් කරන බව ද හෙතෙම කීය.
No comments:
Post a Comment