Sunday 18 April 2021

රඹකැන් ඔය සංහාරයට හරස් වූ ආදිවාසී නායකයාට අල්ලස් දීමට තැත් කළ සේනාධිපතියා වහා අත් අඩංගුවට ගනු!

 


නිස්සංක සේනාධිපති යනු බිස්නස් කර දියුණු වූ අයෙක් නොවේ.ජාවාරම් වලින් ගොඩ ගිය අයෙකි.එකල සේනාධිපතිගේ ගොඩබිම් ආරක්ෂක සේවය දිව්වේ රිම් එකෙනි. එකල සේනාධිපති නිකුත් කළ චෙක් උපලබ්ධි වනවාට වඩා අගරු විය. රට පුරා නඩු වැටී තිබුණි. ආරක්ෂක ලේකම් ගෝඨාභය සමග සම්බන්ධ වීමත් සමග එම තත්වය වෙනස් විය.

ඇවට්ගාඩ් මැරිටයිම් ව්‍යාපෘතිය සේනාධිපතිගේ අදහසක් නොවේ. ගොඩබිම සටන් කළ සේනාධිපති නාවික කටයුතු ගැන දන්නා කෙන්ගෙඩියක් නැත. ඇවන්ට් ගාඩ් මැරිටයිම් ව්‍යාපෘතිය ලියූවේ ලංකාවේ කීර්තිමත් නාවික නිළධාරියෙකි . සේනාධිපති එය කොල්ල කෑවේය. එකී maritime සංකල්ප පත්‍රිකාව ආරක්ෂක ලේකම් ගෝඨාභය සමග එක්ව ක්‍රියාත්මක කළේය .

ලංකාවේ හමුදා නිලධාරීන් බහුතරය විනය ගරුකය. කුප්ප වැඩ කරන අයෙක් වේ නම් ඌ කුප්ප වැඩ කරන්නේ කලාවකටය. නමුත් ඇවන්ට්ගාඩ් සේනාධිපතිගේ කළකිරියාව අප්‍රිකානු ගෝත්‍රික හමුදාකාරයෙකුටත් වඩා අන්තය.

ලංකාවේ නීතිය අනුව අල්ලස් දීම මෙන්ම ලබා ගැනීමද අපරාධ වරදකි. නමුත් සේනාධිපති මෝලා තමන් දේශපාලකයන්ට අල්ලස් දුන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.පසුගිය මැතිවරණය අභියෙසදී චම්පික රණවක සහ අනුර කුමාර පරාජය කිරීමට රුපියල් කෝටි 10 ක් වෙන්කොට ඇති බව උජාරුවෙන් කීවේය. තමන් සෙල්ලම් කලේ රටේ මුදුන්මල්කඩ වන් වූ මහජන පරමාධිපත්‍ය සමග බව මේ ගොන් වාහේ අදටත් නොදන්නවා ඇත.

මොහු ජවිපෙට මඩ ගැසීමට ” නිරුවත් ජෙප්පො” නමුන් මඩ පි‍ටුවක් පවත්වාගෙන ගියේය. යූ ටියුබ් කාරයන්ට මිලියන ගණනින් මුදල් ගෙව්වේය. බුලිත ප්‍රදීප් කුමාර වැනි මාධ්‍යවේදීන් පවා සේනාධිපතිගේ වැ‍ටුප් ලැයිස්තුවේ විය.

ගෝඨාභය යලි බලයට පැමිනීම සේනාධිපතිට සෝමාලියාවට පාන් වැ‍ටුනා මෙන් විය. හොරා කෑම ගසා කෑම යලි පටන් ගත්තේය. සේනාධිපති කොරෝනාව ගරානවක් කර ගත්තේය. රජයට සොච්චම් මුදලක් ගෙවා අක්කර දහස් ගණනක් තමන් සතු කරගත්තේය . කෑලෑ කපමින් මහා වන සංහාරයක් කළේය.

ඓතිහාසික රඹකැන්ඔය සිදු කළ වන සංහාරය ඒ අතර ප්‍රධානය. එය ආදිවාසීන්ගේ නිජබිම විය.රඹකැන්ඔය ජලාශයට වසර 2000 පමන ඉතිහාසයක් ඇත.මේ වන විට රඹකැන් ඔය ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය විනාශ කොට ඇත.

මෙම මහා වන සංහාරයට ආදී වාසී නායකයන් , පූජ්‍ය පක්ෂය , නැගෙණහිර ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය. විරෝධය හකුලා ගන්න ලෙස ඉල්ලමින් ආදී වාසී නායකයාට සහ පූජ්‍ය පක්ෂයට අල්ලස් දීමට උත්සාහ කොට ඇත.එම කථාව ආදිවාසී නායකයාගේ හඩින්ම දැන ගැනීමට පහත දිගුව ඔබන්න

https://youtu.be/jVSRS5PY0fY

No comments:

Post a Comment