Saturday 24 April 2021

ඔව්, මම දන්නවා හඬ පටය විජේදාස ලග තියෙනවා ! ජනපති කියයි

 


ජනාධිපති ගෝඨාභය සහ විජේදාසා රාජාපක්ෂ අතර ඇති වූ සංවාදය පසුගිය සතියේ ඉමහත් ආන්දෝලනයට ලක් විය . ගොඨාභය වෙව්ලමින් තමන් වෙත  බැන වැදුන බවත් තමන්ද එම ආකාරයෙන්ම ඔහුට ප්‍රතිචාර දැක්වූ බව  මධ්‍ය හමුව්වේ විජේදාස ප්‍රකාශ කලේය.

මෙම සිදුවීමෙන් අනතුරුව විජේදාසට චිචී, යෝෂිත සහ මහින්ද කථා කරමින් ශෝකය බෙදා ගත් බව වාර්තා විය .  විජේදාස ගෝඨාභයට කැත්තට පොල්ල මෙන් ප්‍රතිචාර දැක්වූයේ මහින්දගේ අනුමැතිය නිසා බවද එම වාර්තා කියා සිටියේය.නමුත් එම වාර්තා  තහවුරු කොට නැත 

කෙසේ වුවද ඊයේ  ගෝඨා තමන්ගේ පාර්ශවයෙන් සිදුවීම සමබන්ධව යම් කරුණු පැහැදිලි කිරීමක් කර තිබුණි. ඔහු එම පැහැදිලි කිරීම කලේ  විශේෂ අමුත්තන් පිරිසක්  හමුවේ ජනාධිපති මන්දිරයෙදීය . අද දින ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම පුවත වාර්තා කොට ඇත .

“බලන්න මම විජේදාසට කුණුහරුපෙන් කතා කළා කියල එයා කියනවා. හැබැයි මම බැන්නෙ නෑ. මොකද මම දැනන් හිටිය එයා මේ කතාව රෙකෝඩ් කරනවා කියලා. ඒ හින්ද මම එයාට කතා කරල කිව්වෙ ඔබතුමා උගතෙක් කියනවා, ජනාධිපති නීතිඥවරයෙක් කියනවා ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ වගේ කතා කරන්නෙ කියලා. ඔබතුමා ඔය කියන කිසි දෙයක් පෝට් සිටිය ඇතුළෙ වෙන්න නෑ කියල මම එතුමට කිව්වා. හැබැයි එතුම මට ලොකු කතා, පණ්ඩිත කතා කියාගෙන ආවා. ඒ වෙලාවෙ මම අනේ ඔබතුමාගෙ උගත්කම ගැන මට කියන්න එන්න එපා. මොකද ඒ ඔක්කොම ගැන සී.අයි.ඩී. එකේ පරීක්ෂණයක් කරල දුන්න වාර්තාවක් මගේ ළඟ තියෙනවා කියලා කිව්වා. මම ඒක කිව්ව විතරයි , එයා කලබල වෙලා කෑගහන්න ගත්තා. ඕක තමයි එතැන වුණේ…” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා එම  කියා ඇත.

 නමුත් මෙතනදී ගෝඨා නොකියූ කොටසක් ඇත . විජේදාස  සමිබන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෛ්න්තුව විසින් රහස් ලිපිගොනුවක් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත .එම වාර්තාව විජේදාසගේ අධ්‍යාපන සුදුසුක්කම් සම්බන්ධයෙනි.  විජේදාස ලග හොර සහතික නැති බව ඉන් තහවුරු වී ඇත .

විජේදාස බොහෝ විට මෙම හඬ පටය ඉදිරි මැතිවරණයකදී රාජපක්ෂලාට එරෙහිව යොදා ගන්නා බව ජේෂ්ඨ ඇමතිවරයෙක් අප සමග කීවේය 

No comments:

Post a Comment