Sunday 18 April 2021

ගෝඨාණ්ඩුව කොරෝනා වසංගතය ගරානාවක් කරගෙන – කෙස් කෙලින් කරන හෙළිදරව්ව මෙන්න by Thushara Edit

 

ගෝඨාභයගේ අනුහසින් ඔහුගේ හිතමිතුරු ව්‍යාපාරිකයන් කොරෝනා වසගතයට මුවාවී අසරණ ජනයා රවටමින් සාහසික ලෙස ගසා කන බව අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ගෝඨාභය මැද පෙරදිග ඇතුළු විදේශ ශ්‍රමිකයන්ට යලි පැමිනිය නොහැකි වනසේ ගුවන්තො‍ටුපොළ වසා දැමුවේය.ලංකාවට යලි පැමිනීම මුදල් උපයන ජාවාරමක් බවට පත් කළේය. බජට් ගුවන් යානා පැමිනීම තහනම් කළේය. ගුවන් සේවා ශ්‍රීලංකා එයාලයින් කළු කඩයක් බවට පත් කළේය. ගුවන් ටිකට් විකිනීම ආණ්ඩුවේ හෙන්චන් අතර පත් කළේය

ගෝඨාභය හෝටල් නීරෝධායන ක්‍රමයක් හදුන්වා දුන්නේය. හෝටල් නීරෝධායනය දිලිත් ජයවීර සහ නිශ්ශංක සේනාධිපති අතට පත් කළේය . හොටල් කාමරයක දෙදෙනෙකු ගාල් කළේය. එක් අයෙකුගෙන් දිනකට 15000ක් අය කළේය. ඒ අනුව අසරණ මිනිසුන්ගෙන් දිනකට රු 30000 ක් සූරා කෑවේය

හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදනය ජනාධිපති ගෝඨාභය ගෝඨාභයට හිතවත් තවත් මිතුරන් කිහිප දෙනෙකු අතට පත් කළේය.

රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ගෙන්වීම දිළිත් ජවීරට බාරදුන්නේය. ඒ හරහා දිළිත් ජයවීර හොරා කෑ හැටි මුළු රටටම හෙළිදරව් විය

නාවිකයන් නිරෝධායනය දුෂිත ඇවන්ට් ගාඩ් සේනාධිපතිගේ ඒකාධිකාරියක් බවට පත් කළේය

පාසල් දරුවන්ට මුළු මුහුණම ආවරනය වන ට්‍රාන්ස්පෙරන්ට් මාස්ක් රැගෙන එන ලෙස ආයතන මට්ටමින් නියෝග කළේය. ට්‍රාන්ස්පෙරන්ට් මාස්ක් නිෂ්පාදය සහ විකීනීම කළේද ගෝඨාගේ හෙන්චන්ය

ධම්මික බණ්ඩාර නැමති ලෝක හොරෙක් කොරෝනාවට ඖෂධයක් සොයා ගත්තා යයි ප්‍රචාරණයක් දුන්නේය. ඉන්පසු හමුදාවේ සහ පොලීසියේ ආරක්ෂාව මැද පැණි විකිනීමට අවසර දුන්නේය . විමල් වීරවංශ තක්ක්ඩි ධම්මික බන්ඩාරට රුපියල් මිලියන 60 පමන වටිනා සාදික්කා අඹරණ මැසිමක් ජනතා මුදලින් දුන්නේය.

මේවන විට ලක්ෂ 18 කට පැණි විකුනා ඇතැයි ධම්මික බණ්ඩාර පැවසුවේය. ඒ අනුව රු බිලියන 4 ක පමණ මුදලක් සංසරණය වී ඇත. ධම්මික බණ්ඩාර ආන්ඩුවට සම්බන්ධ දේශපාලකයන්ට සහ මාධ්‍ය ආයතනයකට කොමිස් ගෙවන බව මේ වන විට හෙළි වී ඇත

No comments:

Post a Comment