Sunday 23 May 2021

පාස්කු පර්යේෂණයෙන් සාර්ථක වූ බැසිල් කොරෝනා පර්යේෂණයෙන් ඇණ ගනීද ?


බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානියාව සිටියදී  
ජාතික වැදගත්  කමකින් යුතු පර්යේෂණ තුනක් සිදු කොට ඇති බව GR Media  වෙත වාර්තා විය . ඔහු සිදුකළ පර්යේෂණ සහ එළඹුන නිගමන පහත පරිදිය.

පර්යේෂණය 1 - කොරෝනා වැළදුන සංචාරකයන් හරහා  සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හොත් එය  සෞඛ්‍යට තර්ජනයක් වේද යන්න

නිගමනය  -එමගින් වෛරසය පැතිරීම වැඩි වන අතර අනුක්‍රමිකව විශාල සෞඛ්‍ය තර්ජනයක් මතුවන බව ඔප්පු විය


පර්යේෂණය 2ආර්ථිකය ‍රැක ගැනීමට මුල් තැන දී කොරෝනා පාලනය කළ හැකිද යන්න

කෝරෝනා වසංගතයට අඩු වැදගත් කමක් දී ආර්ථික කටයුතු වලට වැඩි වැදගත් කමක් දුන හොත්  විශාල ජීවිත සහ ආර්ථික  හානියක් වන බව ඔප්පු වී ඇත


පර්යේෂණය 3වසංගත  තත්වය තුල වි‍රැකියාව දුරු කීරීම සිදු කළ හැකිද යන්න

 විශාල මිනිසුන් ප්‍රමාණයක්  මිය ගිය හොත් ඉතිරි වන මිනිසුන්ට මිය ගිය අයගේ අනුප්‍රාප්තිකයන් විය හැකි බවත් ඒ හරහා  වි‍රැකියාවට විසදුමක් ලැබෙන බව ඔප්පු වී ඇත

බැසිල් රාජපක්ෂ මෙම පර්යේෂණ තුන  ඉතා සාර්ථකව නිම කිරීමෙන් පසු අදාල නිබන්ධන බාරදීමට ඇමෙරිකාව බලා ගියේය

බැසිල් මීට පෙරද මෙවැනිම පර්යේෂණයක් කළේය. ජනාධිපතිවරණය අභිමුවේදී  අයි.එස් ලේබලයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය දේශපාලනයට බලපාන අන්දම ගැන පර්යේෂණයක් කළේය 

GR Media 


Wednesday 19 May 2021

නන්දසේන අන්න නිරෝෂන් පාරේ මාළු විකුණනවා ... ඔහේ දැක්කෙ නැතෙයි ?


 නිරෝෂන් ප්‍රේමරත්න යනු බොරුවෙන් ජීවිතය ජය ගැනීමට වෙර දරන දකුණේ පුතෙකි. නිරෝෂන් මුලින්ම රටේ  කතා මාතෘකාවක් වූයේ ට්‍රේන්ඩි ‍රැල්ල නිසාය 

නිරෝෂන් මන්ත්‍රියෙකු ලෙස සිටියදී  තලවතුගොඩ තෙමහල් ගොඩනැගිල්ලක 'ට්‍රෙන්ඩි' නමින් ව්‍යාපාරයක් පටන් ගත්තේය .

එය නවීන විලාසිතා වලින් යුතු ඇඳුම් පැළදුම් අලෙවි සලක් විය. මන්ත්‍රී පඩියෙන් ඒ සා විශාල ව්‍යාපාරයක් පටන් ගැනීම කාටත් ප්‍රේහෙළිකාවක විය. 

 ට්‍රෙන්ඩි  ව්‍යාපාරය පටන් ගත් ආකාරය  ගැන නිරෝෂන් පත බෑ අමු කෙබර කීසිවෙකු පිළිගත්තේ නැත. මේ අතර නිරෝෂන්  මාකඳුරේ මදූෂ්ගේ කළු මුදල් සුදු කරන බවට චෝදනාවක් එල්ල විය. 

නීරෝෂන් පසුගිය මැතිවරනණයේදී  පරාජය විය. ඒ සමගම ''මහින්ද සුළග'' මෙන් 'නිරෝෂන් සුළගක්' ගැන ඔහු සිහින මැව්වේය. ඔහු මාධ්‍යවේදීන් සොයා ගොස් interview  දුන්නේය.  

ඒ අතර ඔහු ලංකාදීප පත්‍රයට දුන් සම්මුඛ සාකච්ඡාව අපූරු එකකි. මන්ත්‍රී ධූරය අහිමිවූ පසු ව්‍යාපාර ගණනාවක් කළ බව ලංකාදීපයට කිවේය

 සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා  ආරම්භ කළ “හොට් හට්” ව්‍යාපාරයේ පළමු මාසය තුළ පමණක්  රු ලක්ෂ 24ක ලාභයක් ලැබූ බව කීවේය. 

තවද  තමා  වෙළඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යන යන බවද කීවේය.  ඉන් මාසයකට රුපියල් ලක්ෂ 50 – 60 පමණ ආදායම් ලැබූ කාලයක් ද තිබුණු බව කීවේය. 

පරාජය වූ මුල් කාලයේ ඔහු රඟදැක්වූයේ අති සාර්ථක ව්‍යාපාරිකයෙකුගේ භූමිකාවය. ඒ අන් කිසිවෙකට නොව තමන් ශ්‍රී ලන්කන් එයා ගුවන් සේවයේ සභාපතිකමට වුවද සුදුසු බව පෙන්වීමටය. 

නිරෝෂන් නිතරම  රජයේ ඉහලම ඇවරියට කතා කොට '' හොද පෝස්ට්'' එකක් ඉල්ලුවේය. නිරෝෂන්  ඉල්ලු තනතුරු  පොඩි නැත. ඔහු ඉල්ලුවේ ශ්‍රී ලංකන් එයා,  ITN , රූපවාහීණි සභාපතිකම වැනි සුපිරි ඒවාය. 

නිරෝෂන් වරක් නාමල්ට කතා කොට එක් සුපිරි ආයතනයක සභාපතිකම ඉල්ලු බවත්  එවිට  ධනසිරිවත් එවැනි සුපිරි තනතුරු ඉල්ලන්නේ නැතැයි කියා නාමල් ප්‍රතිචාර දැක්වූ බවට රාවයක් විය.

 පසුගිය සතියේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මුල් පු‍ටු 3කට නව පත්වීම් කළේය.කිංග්ස්ලි සහ  සුදේවට ජනාධිපති කාර්යාලයේ තනතුරු ලැබුණි.නිරෝෂන් බලාපොරොත්තුවෙන් සිටි රූපවාහිනියේ සභාපතිකම රෙජිනෝල්ඩ් කුරේට ලැබුණි

රූපවාහිනි සභාපතිකම රෙජිනෝල්ට ලැබීම නිරෝෂන්ට දරා ගත නොහැකි විය. 

නිරෝෂන් පසුගිය කාලය පුරා නිෂ්පාදනය කොට පෙන්වූ  වණිජ්‍යමය  චිත්‍රරපටි වලින් සෙතක් නැති බව  ඔහුට අවබෝධ විය. තමා කෝටිපතියෙකු ලෙස රඟපාන චිත්‍රපටි දුවන්නේ නැති බව ඔහු තේරුම් ගත්තේය. 

ඒ අනුව නිලතල සියල්ල අහිමිවූ ප්‍රභූ අයෙක්  හව්හරනක් නැතිව මාළු විකුනන  දුක් මුසු  චරිතයකට ඔහු ප්‍රවිශ්ඨ විය . 

ඔහු  ''මාළු මාළු''   කලාත්මක චිත්‍රපටිය නිෂ්පාදනය කළේය. මාළු මාළු චිත්‍රපටිය බලා කඳුලක් නොහෙළු බයියෙක් නැති තරම්ය. නන්දසේන අන්න නිරෝෂන් පාරේ මාළු විකුණනවා ... ඔහේ දැක්කෙ නැතෙයි ? කියා විමසූ බයියෙක් නැති තරම්ය,



Monday 17 May 2021

Sajith and SLFP on the verge of three deaths - a national government is imminent


Basil has decided to take stern action against the SLFP or any other party representing the government in case opposing  the Port City bill. 

Learned by reliable sources, Basil  plans to form a national government and necessary  groundworks in this regard already  being prepared. National government composition is individuals  depart from SJB and minority parties.

 Basil Rajapaksa has held relevant discussions before leaving to  United States

Further in case Sirisena's group leaves  the government, they will be arrested on the charges of corruption and dereliction of duty.

 Even if Sirisena goes to the opposition, there is nothing he can do. Because Basil has tied Sajith's hands . 

Sajith , Jalani, Hema and Hemani have agreed to eat and live on what falls  to the fish tank like goldfish . At least now public to understand Break out of the UNP , succeeding the opposition leader position is  not just happenings but discretion and agreements with the Basil Rajapaksa's.  
   

In case Sajith cross the  red line marked by the  Basil,  he will be arrested in the next hour. 

It is worthy to note 2 Serious allegations have been made against Sajith. 

1. Spending Rs. 640 million for Udagam commemorative plaques 

2. Misappropriation of Rs. 108 crores from the Central Cultural Fund 

සජිත් සහ ශ්‍රිලනිප මරණ තුනක් අභියෙස - ජාතික ආණ්ඩුවක් අතලග


ශ්‍රිලනිප හෝ ආණ්ඩුව නියෝජනය කරන වෙනත් පාර්ශවයක් පෝට් සිට් පනතට විරුද්ධ වුවහොත් එම පාර්ශවයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බැසිල් තීන්දූ කොට ඇත. 

තවද  පොදුජන පෙරමුණ මූලික කරගනිමින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බැසිල් සැලසුම් කොට ඇත.   සජිත්ගෙන් බිඳී එන පිරිස සහ සුළු ජාතික පක්ෂ එක්කරගනිමින් ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවීමට සියල්ල සූදානම් කොට ඇත 

බැසිල් රාජපක්ෂ  අමෙරිකාව බලා පිටත්ව යාමට ප්‍රථම මිට අදාල සාකච්ජා පවත්වා ඇත

යම් හෙයකින් සිරිසේනගේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඔවුන් එරෙහි දූෂණ සහ රාජකාරි පැහැර හැරිම් පිළිබද චෝදනා වලට අත්අඩංගුවට ගැනීමටද සැලසුම් කොට ඇත.

සිරිසේනලා විපක්ෂයට ගියද කළ හැකි කිසිවක් නැත . මක්නිසාදයත් බැසිල් විසින් සජිත්ගේ දෑත් බැඳ ඇත

සජිත් සහ ජලනී  හේමා සහ හේමනී මාළු ටැකිංයේ ගෝල් ‍ෆිෂ් මාළුවන් සේ වැටෙන දේ අනුභව කොට වාසය කිරීමට එකග වි ඇත. බැසිල්  සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධූරය ලබා දුන්නේ එම කොන්දේසිය පිටය. 

ඊට පිටීන් ගිය හොත් ඊලග පැයේම සජිත්  අත්අඩංගුවට පත් වනු ඇත . සජිත්ට එරෙහිව බරපතල චෝදනා දැකක් ඇත. 

1. උදාගම් සමරුපලක වලට කෝටි 64 ක්  වියදම් කිරිම 

2. මධ්‍යම සංස්කෘතීක අරමුදලින් කෝටී 108 ක්  අවභාවිතා කිරිම 


 


හොර ගල් අහුලන ආණ්ඩුවට බර අවි ප්‍රහාරයක්- නන්දෙට සහ වීරෙට බර හානී !


 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය හෙවත් SIS ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන බවය.

මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය විසින් මහමොලකරු යැයි පවසන නවුෆර් මවුලවී ඇතුළු සැකකරුවන් රැසක් පිළිබඳව අවධානය යොමුකර ඇති බව පැවසූ නීතිපතිවරයා කියා සිටියේ නවුෆර් මව්ලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් මෙන්ම කණ්ඩායමේ නායකයා වුවත් මහමොලකරු මොහු බවට නිශ්චිතවම තවමත් කිව නොහැකි බවය.

කුමන්ත්‍රණය සිදුකළ පුද්ගලයින් වෙනම තලයක් සිටින බවත් සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළ ද ඔහුත් මෙම කුමන්ත්‍රණකාරී පුද්ගලයින්ගෙන් එක් අයෙකු පමණක් බවත් නීතිපතිවරයා නිව්ස්ෆස්ට් සමග කළ සාකච්ඡාවේදී කියා සිටියේය.

මේ දක්වා විදේශීය පුද්ගලයින් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති අතර නීතිය ඉදිරියට ගෙනඒම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයින් ලෙස දැනට සලකන බව ද නීතිපතිවරයා පැවසුවේය.

දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ ඇතැම් විට කිසිදු අවස්ථාවක විදේශීය පුද්ගලයින් හෙළි නොවනු ඇති බවය.

බෙන්ස් ඇම්බියුලන්ස් එකක් ලක්ෂ 80යි…! ආණ්ඩුව ගේන ඇම්බියුලන්ස් එකක් ලක්ෂ 194යි…!

 


කොවිඩ් මැඩලීම සඳහා ගොඩනැඟූ ඉටුකම අරමුදලින් මිලියන 194ක් ගිලන් රථ සඳහා වෙන් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පවසයි.

ඒ අනුව එක් ගිලන් රථයක් සඳහා මිලියන 19.4ක් නොඑසේ නම් ලක්ෂ 194ක් වැය කර ඇති බව ඔහු සඳහන් කරයි.

ටොයෝටා බෙන්ස් ඇම්බියුලන්ස් රථයක සාමාන්‍ය වටිනාකම ඩොලර් 40 000ක් නැත්නම් රු. ලක්ෂ 80ක් බව ද ඔහු ප්‍රකාශ කරයි.

එසේ නම් ලක්ෂ 194ක් ගෙවා ගෙන ආ ඇම්බියුලන්ස් රථ මොනවා දැයි දුමින්ද නාගමුව ප්‍රශ්න කරයි.

වැඩ කරන ජනතාවගේ දවසක වැටුප ද කපා ගෙන ඉටුකම අරමුදලින් කළේ මේවා දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

කොවිඩ් පාලන සැලසුම් තවත් දැඩි කරයි….! ඊළඟ සති අන්තයේත් දින පහක් සංචරණ සීමා….!

 


කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ඉදිරි සති අන්තයේ ද සංචරණ සීමා පනවන බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව 21වැනි දා සිකුරාදා රාත්‍රී 11.00 සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවෙනු ඇත.

නැවත 25 වැනි අඟහරුවාදා රාත්‍රී 11.00 සිට 28 වැනි සිකුරාදා දක්වා සංචරණ සීමා බලාත්මක වනු ඇත.

කෙසේ වුව ද පසුගිය සංචරණ සීමා බලනොපෑ කණ්ඩායම් සඳහා සිය කටයුතු සඳහා අවස්ථාව ලැබෙනු ඇත.

Friday 14 May 2021

වර්ග දෙකකින් එන්නත් විද්දොත් මෙන්න වෙන දේ ..

 


කොවිඩ් එන්තත් මාත්‍රා දෙක එකිනෙකට වෙනස් එන්නත් වර්ගවලින් ලබා දීමෙහි ප්‍රති විපාක ගැන   බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වාර්තාවක් නිකුත් කොට ඇත 

එයට අනුව  එන්නත් මාත්‍රා දෙක ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් යන එන්නත්වලින් ලබා දුන් විට වැඩි දෙනකු අතුරු ආබාධවලට ලක් වීමට ඉඩ ඇති බව  වාර්තා කොට ඇත 

 ඇඟ සීත කිරීම, හිසරදය, මස්පිඬුවල වේදනාව ආදී ලක්‍ෂණ පළ කළ පිරිස මෙහි දී වැඩි වී තිබිණි.

 ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන්ම මාත්‍රා දෙකම ලබා දුන් විට අතුරු ආබාධවලට ලක්ව තිබුණේ සියයට 10 ක පමණ ප්‍රතිශතයක් පමණි. නමුත් එන්නත් මිශ්‍ර කළ විට එම ප්‍රතිශතය සියයට 34 ක් දක්වා වැඩි වූ බව ඉහත පර්යේෂණ වාර්තාව අනාවරණය කර තිබිණි.

 යම් එන්නත් වර්ගයක සැපයුමෙහි අඩුවක් සිදු වුවහොත් දෙවැනි මාත්‍රාව සඳහා වෙනත් එන්නත් වර්ගයක් ලබා දිය හැකි ද යන්න පිළිබඳව සොයා බැලීමට ද විශේෂඥයන්ට අවශ්‍ය විය.

Aruna newspaper 

ජොලි සීයගේ කොරෝනා කෙරුවාව රෙද්ද පල්ලෙන් බේරෙයි


 කොරෝනා ආසාදිතයන් යැයි හඳුනාගනු ලබන සියලු දෙනා රෝහල් ගත කිරීමට පහසුකම් නැති බව  කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දැන් තේරුම ගැන ඇත .

මුල් කාලේ බුද්ධි අංශ දාලා ආශ්‍රීතයොත් කඳවුරු ගත කළා. බුද්ධි අංශ  ගේමක් දෙන ලෝකයේ එකම රට කියලා පම්පෝරි ගැහුව 

දැන් බුද්ධි අංශ මෙහෙයුම් ඉවරයි,ආශ්‍රිතයෝ වීතරක් නෙවේ ආසාදිතයොත්  ගෙදර 

එතකොට ඇයි සීයේ අර අසරණයන්ගෙන් ගසා කෑවේ ?  PCR රිපෝට් 2ක් නෙගටිව් වුන විදේශ ශ්‍රමිකයෝ හොටල් නිරෝධායනයට යවලා ගසා කෑම හෙණ ගහන අපරාධයක්

සුදර්ශනි දැන් මෙහෙම කතාවක් කියනවා. සංකූලතා ඇතී කොරෝනා රෝගීන් නිවසේ තබා ප්‍රතිකාර කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කරනවලු

හත් දෙයියනේ ඕවා මීට කලින් තේරුම් ගන්ඩ කරන්ඩ  තිබ්බ දේවල් 

අනේ ජොලි සීයේ වැස්ස වෙලාවට එලියට යන්නේ බලා ගෙන !

අම්මට සිරි ....ලෝකෙටම එකයි ! දෙමාපියන්ට කොවඩි නම් දරුවන් පරිවාසයට…! සබරගමු ආණ්ඩුකාරයා කියයි


 මව්පියන් දෙදෙනාම කෝවිඩ් ආසාදිත බව තහවුරු වී විට ඔවුන් රෝහල් වලට යවන බවත්  එවිට ඔවුන්ගේ දරුවන්ට නිසී ආරක්ෂාවක් නැති නම් සබරගමු පළාතේ පරිවාස දෙපාර්තමේන්තුවේ බාරයට පත්කරන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි.

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට, ගොමාඩුව පිහිටි පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ පූර්ණ ආරක්‍ෂාව යටතේ ඇති මධ්‍යස්ථානය ඒ සඳහා තොරාගෙන ඇති බව පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

රත්නපුර දිස්ත‍්‍රික් කෝවිඞ් මර්දන කමිටුවට සූම් තාක්‍ෂණය ඔස්සේ පසුගිය 133දා පැවති අවස්ථාවේ පළාත් ආණ්ඩුකාරවයා මේ බව නිවේදනය කළේය.

ඇතැම් පවුල්වල මව්පිය දෙදෙනාම කෝවිඩ් ආසාදිතව ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යාමේ දී ඔවුන්ගේ දරුවන්ට රැකවරණ දීම පිළිබඳ ගැටලුව පැන නැගුණු අවස්ථාවේ ඊට පිළියම් යෙදීමට ආණ්ඩුකාරවරයා මෙසේ මැදිහත්විය.

20000 මැරෙනවා කියා තානපති වන්දනාවේ ගිය අයගේ යට කලිසමත් අහිමි වෙයිද ?


 කොරෝනා වසංගතය මෙරට තුල පැතිරීම අනුව මසකට රෝගීන් හයසීයක් පමණ මරණයට පත් වීමේ ලකුණු පෙනෙන්නට ඇතැයි GOM අද ප්‍රකාශ කළේය. එනම් මසකට 20 ක පමන ප්‍රමාණයකි. 

GMO සංගමයේ විධායක කමිටු සාමාජික ප‍්‍රසාද් කොලඹගේ  අද කියන කතාව අනුව ලංකාවේ කොරෝනා ගැන යකා කියන තරම් කළු නැත 

එනම් වොෂින්ටන් වාර්තාව හුදු බිල්ලෙක් මැවීමකි. 

20000 මැරෙනවා කියා තානපති වන්දනාවේ ගිය අයගේ යට කලිසමත් අහිමි වනවා ඇත 


කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා පැදුරටත් හොරෙන් රට පැන්නා !

 


අද මාධ්‍ය හමුවක් පවත්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල බැසිල්ගේ හදිසි රට පැනීම සහ රටේ තත්වය ගැන අදහස් පල කළා

කොවිඞ් අර්බුදයට මුහුණ දෙන්න ජනාධිපති කාර්ය සාධක  බලකායක් නිර්මාණය කෙරුවා, එකේ ප‍්‍රධානියා පෙරේදා පාන්දරම රට පැන්නා !

 අසනීපයකට බෙහෙත් ගන්න ගියා කියනවා. නමුත් ලංකාවේ වෛද්‍යවරු නැද්ද?

 එදා ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණ වේලාවේ එවකට රජයෙන් සුදානම් කලා එතුමා ඇමරිකාවට ගෙනිහිල්ලා ප‍්‍රතිකාර කරන්න. නමුත් එතුමා කිව්වා ලංකාවේ වෛද්‍යවරු පිළිබද විශ්වාසයි කියලා.

 යුද්ධයේ උච්චතම අවස්ථාවකත් ද්‍රවිඩ වෛද්‍යවරයෙකු තමා එතුමාට ප‍්‍රථිකාර කෙරුවේ.

 පාලකයෝ හැටියට අපේ රටේ වෛද්‍යවරු පිළිබද විශ්වාසයක් නැතිනම් අපි කොහොමද අපේ රට පාලනය කරන්නේ?

 රජයේ අලූත්ම තර්කය තමයි ජනතාවට දොස් පැවරිම. විනය ගැන කථා කරනවා, නමුත් මම අහනවා විනය ගැන රජය ආදර්ශයක් දෙන්න ඕන. රටේ ඇතුලේ සංචරණ සීමා පනවලා, කොව්ඞ් කාර්්‍ය සාධක මණ්ඩලයේ ප‍්‍රධානියා රට අත්හරලත් ගියා. ?.

ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා එන්නත් කවලම් කරලා පාවිච්චි කරන්න පුළුවන් කියලා, නමුත් වෛද්‍ය සුදර්ශණි ප‍්‍රනාන්දුපුල්ලේ මැතිනිය කිව්වා එය අවදානම් කියලා.

අද රට අවුල් ජාලාවක් වෙලා

 

Thursday 13 May 2021

අර්බුධයේ උච්ච අවස්ථාවේදී ජාතියේ පුනර්ජීවන බළකායේ සභාපති බැසිල් - රට පැන්නා - සජිත් කියයි


  ජාතියේ පුනර්ජීවන වගකීම භාර දුන් නායකයන් කොරෝනා වසංගතය හමුවේ ජනතාව අතරමං කර දමා විදේශ ගත වන තත්වයක් නිර්මාණය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සඳහන් කරයි.

පසුගිය මැතිවරණ කාලවලදී නිරතුරුවම ජනතාව සමඟ සිටි මෙම අය රටට නායකත්වයක් අත්‍යවශ්‍යව ඇති මොහොතක ජනතාව අතරමං කර රටින් පළා යාම ගැන කිසිදු ජනතා ප්‍රසාදයක් හිමි නොවන බවද ඔහු පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය පැන නැගී තිබුණද වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ අයාලේ යන තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කළේය.


Wednesday 12 May 2021

ලංකාව කොරෝනා මාරයාගේ මුව අභියෙස , කෙස් කෙලින් කරන ඇත්ත මෙන්න !

 


මෙරට ජනගහනයෙන් මිලියනයකට අධික සංඛ්‍යාවකට කොවිඩ් මර්දන එන්නත දී ඇති බව රජය පැවසුවද සත්‍ය එය නොවේ  . ලංකාවේ තිත්ත ඇත්ත පහත පරිදිය 

දෙවැනි මාත්‍රාව ලබා  දී ඇති පිරිස =  233 992 

ලංකාවේ ජනගහනය =  21 413 249

එන්නත ලබා දී ඇති ප්‍රතිශතය  233 992 / 21 413 249 X 100=  1 %

ෆයිසර් එන්නත සොයා ගත්තේ  පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය . නමුත් ලංකාවේ රජය මේසෙන් බාස් පැණියක්  පෙන්වමින් නාඩගම් නැ‍ටුවා මිස එන්නත්කරණය ගැන උනන්දු නොවීය.

මේ අතර එන්නත්වල වාස්ථවික බව බරපතල ලෙස ප්‍රශ්නකාරී වී ඇත  . ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙක ගත් ලබා ගත් පුද්ගලයින්ගෙන් 1/3කට කොරෝනා වළදී ඇති බව ඔප්පු වී  ඇත . (Seychelles දිවයිනේ දත්ත මගින් මෙය ඔප්පු වී ඇත )

එනම් ලංකාවේ 1% වත් ආරක්ෂිත නැත. දෙකෝටියක් ජනයා කොරෝනා මාරයා අභියෙස සිටියි

තවද ලංකාවේ රෝහල් පද්දතිය සතුව ප්‍රමාණවත් ICU  ඇඳන් , ඔක්සිජන් , ඖෂධ,  රොහල් කාර්ය මණ්ඩල සදහා ඇඳුම් ආයිත්තම් නැති  බව වෛද්‍යවරු විසින්ම  ප්‍රකාශ කොට ඇත 

මූලාශ්‍රය - https://www.epid.gov.lk/web/




තහනම් කළ අන්තවාදි සංවිධාන වෙනත් නම්වලින් ක්‍රියාත්මක වෙනවා ද?


 පාස්කු කොමිසමේ නිර්දේශවලට අදාළව ශ්‍රී ලංකාවේ තහනමට ලක් කෙරුණු ඉස්ලාම් අන්තවාදී සංවිධාන එකොළහ වෙනත් නම්වලින් යළි ආරම්භ කර ඇද්ද යන්න සොයා බැලීමට පුළුල් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ආරම්භ කර තිබේ.

රහසිගත ලෙස  මෙම සංවිධානය පවත්වාගෙන යන්නේද යන්න සොයා බැලීමට මෙරට බුද්ධි අංශ කණ්ඩායම් ගණනාවක් ඔස්සේ විමර්ශන සිදු කරන බවත් මෙම රහසිගත සංවිධානයවලට විදේශ මුදල් ලැබෙන්නේ ද යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව බුද්ධි අංශ ප්‍රධානියෙක් පැවැසීය.


නැගෙනහිර ආණ්ඩුකාරවරියටත් කොරෝනා

 


නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සිදුකරන ලද පරීක්ෂණවලින් ආසාදිත යයි තහවුරු වූ බව ද ඇය පැවසුවාය.

ඒ අනුව ඉතා ඉක්මනින් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු වන බවද පැවසූ ඇය ආසන්න කාලයේ තම ආශ්‍රිත යනු සියලු දෙනා නිරෝධායන වන ලෙසද ඉල්ලා සිටියාය.

කෙසේ වුවද මේ වනවිට ඇගේ VIP සමීපතමයින් සොයා මෙහෙයුමක් ආරම්භ කො ඇති බව දැනගන්නට තිබේ.

Tuesday 11 May 2021

ධම්මික පැණි ප්‍රධාන විධායක ලෙස වැඩ කළ විමල්ට හැදුනේ කොරෝනා උණද ?


 ඊයේ (11) දින රාත්‍රියේ අගමැති මහින්ද රාජපක්ෂ  සමග අරලිය ගහ මන්දිරයේ පැවැති පක්ෂ නායක රැස්වීමට අමාත්‍ය විමල් වීරවංශ  සහභාගී වී නැති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා දෙකකදී පක්ෂ නායක රැස්වීම් කැදවා තිබුණද ඒ දෙකටම විමල් සහභාගි නොවුනි.විමල් ‍රැස්වීම් වලට නොපැමිනේනේ ඔහුට උණ රෝගය වැළදී ඇතැයි කියමිනි. විමල් මෙම කාලය තුල වෙනත් උත්සව වලටද සහභාහි වි නැත 

පසුගිය කාලයේ රෙදි නැතිව ධම්මික පැණිය ප්‍රමෝට් කළ විමල් හොර රහසේ කොරෝනා එන්නත විදගෙන ඇති බවද වාර්තා වේ.

තැන තැන කයිවාරු ගහ ගහ ඇවිදින්න එපා….! කොවිඩ් පරදන සැලැස්මක් ඇත්නම් කියන්න…! – නාමල් සජිත්ට කියයි…

 


රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සතුව සැලැස්මක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි විපක්ෂ නායකතුමාට ආරාධනා කරනවා තැන් තැන්වල කියවන්නෙ නැතුව එන්න වාඩිවෙලා සාකච්ඡා කරලා, ඔබට සැලැස්මක් තියෙනවා නම් අපට කියන්න, අපි එකතුවෙලා මේක කරමු.

මොකද මේක කෝවිඩ් වසංගතය. මේක මැතිවරණය නෙවෙයි. මැතිවරණයෙ දි අපි ඡන්දෙ කරනවා. ඉතිං විපක්ෂ නායකතුමාටත් මං ආරාධනා කරනවා, මං කලිනුත් ආරාධනා කළා එන්න ඔබතුමා කියන විදියට ඔබතුමාට ඔය සැලැස්මක් තියෙනවා නම් ඇවිල්ලා වාඩිවෙලා සාකච්ඡා කරලා ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපි සහයෝගය දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නෑ.”

අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ දින දහයෙන් ඇඳන් දසදහසක් වැඩසටහනේ කටයුතු පිළිබඳව ඊයේ (10) ගාල්ලේ දී නිරීක්ෂණය කරන අතරේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Emanisa web

Monday 10 May 2021

පාස්කු වගේ නෙමෙයි. මොකුත් හංගලා නෑ. දැන් හැමෝම ගහන දවසත් දන්නව. මැරෙන ගාණත් දන්නව !

 


IHME දත්ත ප්රක්ෂේපණ අනුව 2021 සැප්තැම්බර් වන විට කොරෝනා වසංගතය හේතුවෙන් මැලේසියාවේ සිදුවියහැකි මරණ ගණන 9142 කි.

මැලේසියාව ඊයේ දින (10/05/2021) සිට මුළුමණින්ම Lock down කර ඇත.

ප්රාන්ත තුළ හා ප්රාන්ත අතර ගමනාගමනය මුළුමණින්ම නවතා ඇත.සියළු අධ්යාපන ආයතන වසා දමා ඇත.

ආර්ථිකයට අත්යවශ්ය ක්රියාවලියන් පමණක් ක්රියාත්මකය.

IHME දත්ත ප්රක්ෂේපණ අනුව 2021 සැප්තැම්බර් වනවිට ලංකාවේ සිදුවීමට නියමිත මරණ ගණන 20876 කි.

මුහුණු පොතේ පලවූ අදහසක් අනුසාරයෙනි

යෝෂිත රාජපක්ෂගේ නඩුව විභාග කළ මහේස්ත්‍රාත්ට වැඩ වරදී.


නීතියට පටහැනි ලෙස කුමන ආකාරයේ වැරදි සිදු කළ ද ,රාජපක්ෂ රජ පවුලට එරෙහිව නඩු විභාග කිරීම හෝ ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්වී ඇත.
ඒ බව පිළිබිඹු වන්නේ අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂට එරෙහිව ඇති චෝදනාවක් පිළිබඳව නඩුවක් විභාග කළ කඩුවෙල හිටපු දිසා විනිසුරු ධම්මික හේමපාලට එරෙහිව නඩු පැවරීමට මේ වනවිට තීරණය කර ඇති බැවිනි .
කිසියම් පුද්ගලයකුට යම් චෝදනාවක් එල්ල වූ පසු ඒ පිළිබඳව පොලීසිය මගින් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරනු ඇත.
එවිට අධිකරණ විනිසුරුවරයා සිදු කරනු ලබන්නේ ඊට අදාළ චෝදනා පිළිබඳව පැමිණිලි සහ විත්ති පාර්ශවයේ සාක්ෂි විමසා අවසානයේ ඊට අදාළ නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීමයි.
එය ඕනෑම අධිකරණ විනිසුරුවරයකු ගේ සාමාන්ය ක්රියා පටිපාටියයි .අධිකරණ පද්ධතිය ලෝකයේ සෑම රටකම ගොඩනැගී ඇත්තේ ද එලෙසය.එය ලංකාවට පමණක් ආවේණික වූ අලූත් දෙයක් නොවේ .
එවිට නඩුව විභාග කළ විනිසුරුවරයාට එරෙහිව පියවර ගැනීමේ ක්රමයක් නැත .විනිසුරුවරයා යම්කිසි විසම චාරී ක්රියාවක නියැලී ඇත්නම් ,ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වෙනම ක්රියාමාර්ගයක් ගැනීමට අධිකරණ සේවා කොමිසන් සභාවට බලය ඇත.
නමුත් මෙහිදී සිදුවී ඇත්තේ එවැනි දෙයක් නොවේ .මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරන විට ඔහුගේ පුත් යෝෂිත රාජපක්ෂ සී. එස් .එන් .යනුවෙන් රූපවාහිනි සේවයක් ආරම්භ කෙරිණි .
ඒ වෙනුවෙන් යොදා ඇති මුදල රුපියල් මිලියන 500 කි .එතරම් මුදලක් ඔහු වැනි අයකුට ලැබුණේ කෙසේද ?
මේ පිළිබඳව කොළඹ මූල්ය අපරාධ කොට්ඨාසය මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වා ඇත.
එහිදී හෙළි වුණු කරුණු කාරණා වලට අනුව යෝෂිත රාජපක්ෂගෙන් 2016 ජනවාරි මස තිස් වෙනිදා දීර්ඝ වශයෙන් ප්රශ්න කර කටඋත්තර ලබාගෙන තිබේ.
පසුව ඔහුව 2016 පෙබරවාරි මස එකොළොස් වැනිදා අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්රාත් ධම්මික හේමපාල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ධම්මික හේමපාල මෙම කරන ලද නීතිමය ක්රියාවලිය රාජපක්ෂ රජ පවුලට කරන ලද අවනම්බුවකි .එම නිසා දැනට වැඩ තහනමකට ලක්ව සිටින එම විනිසුරුවරයා ට එරෙහිව නඩු පවරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නීතිපතිවරයා වෙත දැනුම් දී ඇත .
මේ මොන සමයන් විකාර වැඩක් ද?නඩුවක් විභාග කළ විනිසුරුවරයෙකුට එරෙහිව මෙලෙස ක්රියා මාර්ගයක් ගත හැකිද?මෙය වැරදි පූර්වාදර්ශයක් මෙන්ම,නීතිය සහ යුක්තිය පසිඳලීමේ ක්රියාවලිය අවමානයට ලක් කිරීමකි.
එසේම යෝෂිත රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය විභාග වන HC/8331/16 අංක දරන නඩුව ද,කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයේ ඇති B 9823/2015 අංක දරන නඩුව ද ,ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන 828/2016 යන නඩුව ද ,ඇතුළු සියලුම නඩු ඉවත්කර සියලුම චෝදනාවලින් යෝෂිත රාජපක්ෂ නිදොස් කොට නිදහස් කරන ලෙස ලෙසද නීතිපතිට දැනුම් දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව නඩු අසා තීන්දු තීරණ දෙන ස්වභාවය මින් පෙන්නුම් කෙරෙනවා නේද?මෙහෙම ගියොත් තව ටික කලක් යනවිට අපේ රටේ නීතියේ ආධිපත්යයට ඇතිවන කලදසාව කුමක්ද ?
ශ්රී ලාල්

දුමින්ද සිල්වා නිදොස්කොට නිදහස්


මරණ දඬුවමට ලක්ව දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වාව නිදොස් කොට නිදහස් කරන ලෙස නීතිපතිවරයා වෙත උපදෙස් ලැබී ඇත .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නීතිපති දප්පුල ලිවේරා වෙත යවා ඇති 1969/2020 අංක දරන ලේඛනයට අනුව මෙම කරුණු අනාවරණය වෙයි .
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කරමින් තවත් පිරිසකට තුවාල සිදු කිරීම පිළිබඳව දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව කොළඹ අංක 2 ප්රධාන මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ ඉදිරියේ කරුණු ගොනු කෙරිණි .
පසුව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් ඉදිරියේ H C /8331/16 අංක යටතේ නඩු විභාගය පැවැත්විණි .ඉන් අනතුරුව එය කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විභාග කිරීමට තීරණය විය .
එහි සභාපති ධුරය දැරුවේ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නය .පද්මිණි රණවක සහ එම්. සී .බී .එස් .මොරායස් සෙසු විනිසුරුවෝ වූහ .එහි නඩු අංකය HC/7781/15 ලෙස සඳහන් වෙයි .
2016 සැප්තැම්බර් මස 8 වෙනිදා ප්රකාශයට පත් කෙරුණු එම නඩු තීන්දුව බෙදුනු එකකි .එහිදී විනිසුරු ශිරාන් ගුණරත්නගේ මතය වූයේ දුමින්ද සිල්වා ඇතුළු පිරිස සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ යුතු බව ය.
නමුත් සෙසු විනිසුරුවන් දෙදෙනා වන පද්මිණි රණවක හා එම් .සී .බී .එස් .මොරායස් ගේ තීන්දුව වූයේ සියළු චෝදනාවලට ඔවුහු වැරදිකරුවන් බැවින් මරණ දඬුවම හිමිවන බවය .
ඒ අනුව ඔවුන් මරණ දඬුවමට නියම වී තවමත් සිරගතව සිටිති .මෙම දඬුවමට එරෙහිව විත්තිකරුවෝ ශ්රේෂ්ඨාධිකරණයට ගියේ සහනයක් බලාපොරොත්තුවෙනි .
එහිදී ශ්රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය විභාග කළ ද ,විත්තිකරුවන් ඉල්ලන ලද සහන ඉවත දමමින් මහධිකරණය විසින් දෙන ලද මරණ දඬුවම ස්ථීර කරනු ලැබීය .ඒ 2018 ඔක්තෝබර් මස එකොළොස් වැනි දා ය .
නමුත් දුමින්ද සිල්වා නොකළ වරදකට ඔහුව පටලවා රහස් පොලිසියෙ හිටපු අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අසත්ය සාක්ෂි නිර්මාණය කරමින් සාවද්ය මනුෂ්ය ඝාතනයකට පසුකර මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක සමග එකතුවී ඔහුට මරණ දඬුවම ලබා දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නීතිපතිවරයා වෙත යවා ඇති එම ලිපි ලේඛන වල සඳහන් වෙයි .
එබැවින් මෙම ක්රියාවට සම්බන්ධ වූ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවකට හා ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව අධිකරණයේ නඩු පවරන ලෙස ද නීතිපතිවරයා වෙත උපදෙස් ලැබී ඇත .
එම ලේඛන වල සඳහන් වන්නේ භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතනයට දුමින්ද සිල්වාව අත් අඩංගුවට ගෙන රහස් පොලිසියේ තබා ගැනීම පවා බරපතල වරදක් බවය .
මෙය ඉතාමත් අපූරු දෙයකි .2011 ඔක්තෝබර් මස 8 වැනිදා සිදු වූ භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතනය වෙනුවෙන් පරීක්ෂණ පැවැත්වීම සහ නඩු විභාග කිරීම පවා රාජපක්ෂ ආණ්ඩුවට බරපතල වරදක් වී ඇති බව පෙනේ .
එබැවින් දුමින්ද සිල්වාව නිදහස් කරන ලෙස පසුගියදා පාර්ලිමේන්තු මන්ත්රීවරු 115 දෙනෙකුගෙන් යුත් අත්සන් ලේඛනයක් ද ජනාධිපතිවරයා වෙත භාරදී තිබිණි .
එයට විපක්ෂය නියෝජනය කරන සජිත් ප්රේමදාසගේ පාර්ලිමේන්තු මන්ත්රීවරු හය දෙනෙක් ද අස්සන් කර තිබිණි .එමගින් විපක්ෂයේ ස්වභාවයද කාට කාටත් පෙනෙනු ඇත .
එම මන්ත්රීවරුන් එම ලේඛනයට අත්සන් කර ඇත්තේ දුමින්ද සිල්වා පාර්ශවයෙන් ලැබුණු මුදල් ගනුදෙනුවට අදාළව බව ද කියැවෙයි .එක් අයෙකුට රුපියල් ලක්ෂ 40 බැගින් එලෙස ලැබුණු බව ද ප්රචාරය විය.එහෙත් එය තහවුරු කර ගැනීමේ හැකියාවක් නැත.
කොරෝනා වසංගතය අස්සෙ රන්ජන් රාමනායකට ජනාධිපති සමාවක් දීමේ ස්වභාවයක් ඇත .ඊට සමගාමීව දුමින්ද සිල්වාට ද ජනාධිපති සමාවක් ලබාදී නිදහස් කිරීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බව නිල නොලත් කතාබහකින් කියවුනු දෙයකි .
මෙලෙස බලන විට භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දුමින්ද සිල්වා ඇතුළු පිරිස නොවේද ? එසේනම්, කවුද ? මෙයත් හරියට ඝාතකයෙක් නැති ,ඝාතනයක් වැනිය .
එසේනම්, භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතනය සියදිවි නසා ගැනීමක්ද ? දුමින්ද සිල්වා අහිංසකයෙක් ද ? මේවට උත්තර දෙන්නේ කවුද ? පිළිතුරක් නොමැති ප්රශ්නයක් අප ඉදිරියේ හොල්මන් කරනු ඇත .
ශ්රීලාල් ප්රියන්ත