Sunday 2 May 2021

විරෝධතා තහනම් කොට වරාය නගර පනත 5 දා එක දවසින් සම්මත කරන්න යයි


කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සියලු උත්සව ,රැස්වීම් තහනම් කොට ඇති ආණ්ඩුව ඒ අස්සේ වරාය නගර පනත් කෙටුම් පත එක දවසකින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට තීරණය කොට ඇත . 

ලබන 5 දා මෙම පනත විවාදයට ගෙන එදින ම සම්මත කිරීමට ඊයේ පැවතී පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කොට ඇත . 

පනත විවාදය සඳහා අඩු තරමින් දින දෙකක් ලබා දෙන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල සහ  අනුර කුමාර දිසානායක  කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

 කොවිඩ් 19 පැතිරීම නිසා සියලු උත්සව සහ වෙනත් අවස්ථා 3 දා සිට සති දෙකකට තහනම් කිරීමට රජය කටයුතු කොට ඇත.

 ඒ අනුව අඩු තරමින් පනත ගැන මාධ්‍ය සාකච්ඡාවක් හෝ පැවැත්වීමට ඉඩ නොලැබෙනු ඇත

 පනතට විරෝධය පල කරමින් අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් පිලිබඳ තීන්දුව 5 වැනිදාට පෙර  කතානායක  වෙත  ලැබීමට නියමිත ය. 

මෙම පනතට අනුමැතිය ලැබිමෙන් අනතුරුව ඉදිරි ගණුදෙණු සදහා චින විදේශ ඇමතිවරයාද පැමිනීමට නියමිතය

No comments:

Post a Comment