Monday 3 May 2021

ගෝඨා හිට්ලර් කෙනෙකූ විය යුතු යයි කී දිලුම්ට තවත් ඇමති ධූරයක්, මුරුත්තෙට්‍ටුවේ හිමි (මද) කිපේ

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ ගෝඨා හිට්ලර් කෙනෙකු වනු ඇති යයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ දිළුම් අමුණුගමට ප්‍රජා පොලිස් අමාත්‍ය ධුරය ලබාදීමෙන් සිදුව ඇත්තේ එම කතාව තහවුරු කිරීමක් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. 

" කවුරුහරි කියනවා නම් මෙයා හිට්ලර් කෙනෙක් වියයුතුයි කියලා, ඒ කිව්ව පලියට එයාට තවත් තනතුරු දෙනවා නම් ඒක ඉතිං වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද මේ අමාරුව කියන්න තමා තියෙන්නෙ" මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේය

දිලුම් සහ ගෝඨා හිට්ලර්ට ආවැඩුවද  හිට්ලර් උපන් රටේ තනාපතිවරයා දිළුම්ගේ ප්‍රකාශය හෙලා දැක්කේය.ජර්මන් තානාපති ට්විටර් පනිවිඩයක් නිකුත්කර හිට්ලර් කිසිම රටක් ආදර්ශයට ගත නොගත යුතු දුෂ්ඨයෙකු යයි කීවේය 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ දිළුම් අමුණුගම මහතාට ප්‍රජා පොලිස්අමාත්‍යාංශය ලබාදීම ගැන මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට ඊයේ (03) පිළිතුරු ලබාදෙමිනි. 


No comments:

Post a Comment