Wednesday 5 May 2021

එදත් ලොකුgay අදත් ලොකුgay....නන්දසේනටම හරියන බඩුව


ඒ 2009 වසරයි. එවකට ගාමිණි ලොකුgay සංචාරක ඇමති විය. පින්නවල අලි අනාතාගාරය බාර ඇමති වූයේ ලොකුගේයි.
පින්නවල අලි අනාගාතරයේ උපන් ඇත් පැටව් දෙදෙනෙක් මව් ඇතින්නන්ගෙන් කිරිබොමින් කෙලි දෙලෙන් වැඩුනේ මේ කාලයේය. ලංකාවේ උපන් පලමු හීලෑ ඇත් පැටවුන් දෙදෙනා වූයේ මේ පින්නවල උපන් ඇත් පැටවුන් දෙදෙනා වූ සිංදු සහ රාජුය.
සාමාන්යයෙන් ඇත් පැටවෙක් වයස අවුරුදු හය දක්වා මව් ඇතින්නන්න්ගෙන් මව් කිරි ලබාගත යුතුය. උන්ගේ ප්රතිශක්තීකරනය වර්ධනය වන්නේ එවිටය. අනෙක කුඩා පැටව් අලි සිරිත් ඉගෙන ගන්නේ වයස අවුරුදු හය දක්වා කාලයේදීය.
මේ සියල්ලටම වඩා කුඩා කිරි බොන වයසේ අවුරුදු දෙකේ තුනේ පැටව් මවගෙන් වෙන් කිරීම අහස පොලොව නුහුලන අපරාධයක් විය.
සියලු සතුන්ට කරුණාව දැක්වූ බුදු රජානන් වහන්සේට පුදපූජා පැවැත්වීම උදෙසා මේ මව් ඇතින්නන්ගේ තුරුල්ලේ කිරි බොමින් සිටි ඇත් පැටවුන් පැහැරගෙන අස්ගිරි මල්වතු විහාර දෙකට පූජා කෙරිනි.
මව් නැති ශෝකයෙන් කුඩා ඇත් පැටවුන් දෙදෙනා විලාප තබන්නට විය. මව් ඇතින්නියන් හිස් පොලොවේ ගසමින් තමන් වෙතින් පැහැර ගත් පැටව් ඉල්ලා ශෝක වන්නට විය.
රටේ ජනතාවගෙන් විශාල විරෝදයක් ඇතිවිය. වයස සම්පූර්ණ වනතුරු ඇත් පැටව් නැවත මව් ඇතින්නියන් වෙත රැගෙන යන්නයි අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන්ද පැවසීය.
ඒත් සංචාරක ඇමති ගාමිනි ලොකුගේ කියා සිටියේ කිසිසේත් ඇත් පැටවුන් නැවත පින්නවලට නොයවන බවත් මව් ඇතින්නියන්ද අස්ගිරි මල්වතු විහාර වලට පූජා කරන බවත් ය.
දෙස් විදෙස් සත්ව සංවිදාන මේ අවිචාරවත් අශීලාචාර ඇමතියාගේ ප්රකාශය පිලිබද දැඩි විරෝදය එදත් ලංකා ආන්ඩුවට දැන්වීය.
උපුටා ගැනීම -හිරන්ත හේරත්-

No comments:

Post a Comment