Monday 10 May 2021

යෝෂිත රාජපක්ෂගේ නඩුව විභාග කළ මහේස්ත්‍රාත්ට වැඩ වරදී.


නීතියට පටහැනි ලෙස කුමන ආකාරයේ වැරදි සිදු කළ ද ,රාජපක්ෂ රජ පවුලට එරෙහිව නඩු විභාග කිරීම හෝ ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්වී ඇත.
ඒ බව පිළිබිඹු වන්නේ අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂට එරෙහිව ඇති චෝදනාවක් පිළිබඳව නඩුවක් විභාග කළ කඩුවෙල හිටපු දිසා විනිසුරු ධම්මික හේමපාලට එරෙහිව නඩු පැවරීමට මේ වනවිට තීරණය කර ඇති බැවිනි .
කිසියම් පුද්ගලයකුට යම් චෝදනාවක් එල්ල වූ පසු ඒ පිළිබඳව පොලීසිය මගින් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරනු ඇත.
එවිට අධිකරණ විනිසුරුවරයා සිදු කරනු ලබන්නේ ඊට අදාළ චෝදනා පිළිබඳව පැමිණිලි සහ විත්ති පාර්ශවයේ සාක්ෂි විමසා අවසානයේ ඊට අදාළ නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීමයි.
එය ඕනෑම අධිකරණ විනිසුරුවරයකු ගේ සාමාන්ය ක්රියා පටිපාටියයි .අධිකරණ පද්ධතිය ලෝකයේ සෑම රටකම ගොඩනැගී ඇත්තේ ද එලෙසය.එය ලංකාවට පමණක් ආවේණික වූ අලූත් දෙයක් නොවේ .
එවිට නඩුව විභාග කළ විනිසුරුවරයාට එරෙහිව පියවර ගැනීමේ ක්රමයක් නැත .විනිසුරුවරයා යම්කිසි විසම චාරී ක්රියාවක නියැලී ඇත්නම් ,ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වෙනම ක්රියාමාර්ගයක් ගැනීමට අධිකරණ සේවා කොමිසන් සභාවට බලය ඇත.
නමුත් මෙහිදී සිදුවී ඇත්තේ එවැනි දෙයක් නොවේ .මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරන විට ඔහුගේ පුත් යෝෂිත රාජපක්ෂ සී. එස් .එන් .යනුවෙන් රූපවාහිනි සේවයක් ආරම්භ කෙරිණි .
ඒ වෙනුවෙන් යොදා ඇති මුදල රුපියල් මිලියන 500 කි .එතරම් මුදලක් ඔහු වැනි අයකුට ලැබුණේ කෙසේද ?
මේ පිළිබඳව කොළඹ මූල්ය අපරාධ කොට්ඨාසය මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වා ඇත.
එහිදී හෙළි වුණු කරුණු කාරණා වලට අනුව යෝෂිත රාජපක්ෂගෙන් 2016 ජනවාරි මස තිස් වෙනිදා දීර්ඝ වශයෙන් ප්රශ්න කර කටඋත්තර ලබාගෙන තිබේ.
පසුව ඔහුව 2016 පෙබරවාරි මස එකොළොස් වැනිදා අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්රාත් ධම්මික හේමපාල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ධම්මික හේමපාල මෙම කරන ලද නීතිමය ක්රියාවලිය රාජපක්ෂ රජ පවුලට කරන ලද අවනම්බුවකි .එම නිසා දැනට වැඩ තහනමකට ලක්ව සිටින එම විනිසුරුවරයා ට එරෙහිව නඩු පවරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නීතිපතිවරයා වෙත දැනුම් දී ඇත .
මේ මොන සමයන් විකාර වැඩක් ද?නඩුවක් විභාග කළ විනිසුරුවරයෙකුට එරෙහිව මෙලෙස ක්රියා මාර්ගයක් ගත හැකිද?මෙය වැරදි පූර්වාදර්ශයක් මෙන්ම,නීතිය සහ යුක්තිය පසිඳලීමේ ක්රියාවලිය අවමානයට ලක් කිරීමකි.
එසේම යෝෂිත රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය විභාග වන HC/8331/16 අංක දරන නඩුව ද,කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයේ ඇති B 9823/2015 අංක දරන නඩුව ද ,ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන 828/2016 යන නඩුව ද ,ඇතුළු සියලුම නඩු ඉවත්කර සියලුම චෝදනාවලින් යෝෂිත රාජපක්ෂ නිදොස් කොට නිදහස් කරන ලෙස ලෙසද නීතිපතිට දැනුම් දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව නඩු අසා තීන්දු තීරණ දෙන ස්වභාවය මින් පෙන්නුම් කෙරෙනවා නේද?මෙහෙම ගියොත් තව ටික කලක් යනවිට අපේ රටේ නීතියේ ආධිපත්යයට ඇතිවන කලදසාව කුමක්ද ?
ශ්රී ලාල්

No comments:

Post a Comment