Sunday 2 May 2021

ගහන් වැ‍ටුන ලංකාවට ගොනා අනියි, ඉන්දියාවෙන් පලා ආ පිරිස් ප්‍රදේශ කිහිපයකින් සොයාගනී , අයියෝ නන්දසේනගෙ ජාතික ආරක්ෂාව !

බෝට්‍ටු වලින් පලා විත් සැඟව සිටි පුද්ගලයන් බුරුතු පිටින්  පුත්තලම, වෙප්පමඩු මීගමුව, කොච්චිකඩේ  සහ මානවේරිය යන ප්‍රදේශවලින් සොයා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන්ට හැකි වී තිබේ.

එසේ පැමිණි එක් කාන්තාවක් ලංකාවට සක්‍රමණය වූ ආකාරය  සෞඛ්‍ය නිලධාරීන්ට හෙළි කොට ඇත. ඉන්දීය රු 50000 වැනි මුදලක් ගෙවීමෙන් ඕනෑම අයෙකුට  ඉන්දියාවේ සිට ලංකාවට පැමිණිය හැකි බව ඇය ප්‍රකාශ කොට ඇත .

ලංකාවේ වෙරළ තීරය ආසන්නයට පැමිනෙත්ම මෙහි සිටින නියෝජිතයන් අදාල පිරිස බාර ගන්නා බවත් ඉන් පසු ඔවුන් ‍රැගෙන ගොස් නවාතැන් සැපයිම සිදු කරන බව හෙළි කොට ඇත .

සෞඛ්‍ය පරීක්ෂකයන්ට ලැබුන තොරතුරක් මත වෙප්පමඩු ප්‍රදේශයේ සැඟවී සිට මෙම කාන්තාව ඇතුළු පිරීස සොයා ගෙන ඇත.ඇය  ඉන්දියාවේ සිට පැමිණ ඇත්තේ සිය දරු දෙදනා ද සමගිනි. දරු දෙදෙනා අවුරුදු 04 සහ 13 යන වයස්වල පසු වෙයි.මන්නාරම සිට වෙප්මඩු වලට මොවුන් පැමිණ ඇත්තේ ඇත්තේ ත්‍රිරෝද රථ වලිනි.

ඉන්දියාවේ ඇතිවී තිබෙන වසංගත තත්වය නිසා ඉන්දීයානුවන් සංක්‍රමනිකයන් බවට පත්ව ඇති බවත්  දකුණු ඉන්දීය ජනයා විශාල වශයෙන් ලංකාවට පැමිනෙන බව ඇය හෙලි කොට ඇත .

ඉන්දියාවේ චෙන්නයි කුප්පම් සිට  තලෙයි මන්නාරමට බෝට්‍ටු වලින් ඉන්දිය ජනයා ‍රැගෙන එන ජාවාරමක් ක්‍රියාතමක බව පොලීසියද සොයා ගෙන ඇත . 



No comments:

Post a Comment