Saturday 1 May 2021

කෝවිඩ් ආසාදිතයන් සහ මරණ සම්බන්ධ නිල සංඛ්‍යාලේඛණ ගැන බරපතල සැකයක්

 


කොවිඩ් ආසාදිතයන් සහ එම ආසාදිතයන් මිය යාම පිළිබඳව රජය ඉදිරිපත් කරන නිල සංඛ්‍යා ලේඛනවල නිරවද්‍යතාවය ගැන බරපතළ සැකයක් ඇතිවී තිබේ

විශේෂයෙන්ම එම සැකය ඇතිව තිබෙන්නේ වෛරසය ආසාදනයෙන් මිය යන සංඛ්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත්කරන සංඛ්‍යා ලේඛණ සම්බන්ධයෙනි. එයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගත කිරීමෙන් පසුව මියයන සංඛ්‍යාව පමණක් අදාළ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් කෙරෙන බව හෙලිවීමයි.

එහෙත් රෝහල්ගතව සිටියදී හෝ නිවාස තුළදී මිය යන පුද්ගලයන් පිළිබඳව PCR පරීක්ෂණ කිරීමෙන් පසුව කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව තහවුරු වූවත් මෙම සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවන බව තහවුරු වී තිබේ. ඒ අනුව වසංගතය හේතුවෙන් මිය යන සංඛ්‍යාව නිල සංඛ්‍යා දත්තවලට වඩා බොහෝ වැඩි විය යුතුය

එසේම PCR පරීක්ෂණ සිදුකර දින ගණනාවකට පසු අදාළ පරීක්ෂණ වාර්තා ලැබීමේදී වෛරසය ආසාදනය වී ඇතිබවට තහවුරු වන අය අදාළ නිල ලේඛනවලට ඇතුළත් කිරීමේදී බරපතළ පරස්පරතා තිබෙන බව තහවුරු වී තිබේ

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ PHI සංගමය රජයේ වාර්තා වල සැක කටයුතු බව මේ වන විටත් ප්‍රශ්න කොට ඇත 

No comments:

Post a Comment