Sunday 9 May 2021

කොරෝනා අස්සේ ස්වර්ණවාහිණියට බඩු බනිස්


ගෝඨාභය බලයට පත්වූ විගස ඊ.ටී.අයි. (ETI) මූල්ය සමාගම බුන්වත් වීම සහ ඊ.ඒ.පි.බ්රෝඩ්කාස්ටිං අයිතිය විදේශිකයින් අතට පත්වීම විමර්ෂණය කිරීමට අති විශේෂ කොමිෂන් සභාවක් පත් කළේය. විශ්රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩී.එම්. ගුණසේකර එහි සාමාජිකයින් වූහ.


2020 අප්රියෙල් මැද එම පරීක්ෂණ වාර්තාව ජනාධිපති අතට පත් විය. ශ්රී ලංකාවේ නිශ්චල දේපළ විදේශිකයින්ට මිලදී ගැනීම තහනම් කර තිබියදී ඊ.ඒ.පී.බ්රෝඩ්කාස්ටිං විදේශික ආයතනයක් අත්පත්කර ගැනීම ගැටළු සහිත බව, මාධ්ය ආයතනයක් විදේශිකයෙකු සතු වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව, බිලියන 35 ක් තැන්පත් කරුවන්ට නොගෙවා තිබිය දී ස්වර්ණවාහිනීය විකිනීම ගැටලු සහගත බව කොමිෂන් වාර්තාවේ විය.

තවද මෙහි ආයෝජකයා කොටි ඩයස්පෝරාව සමග නම කියවෙන අල්ලිරාජා සුබාස්කරන් බවද සඳහන් විය . පසුගිය කාලයේ විමල් වීරවංශ වැනි දේශපාලකයන් මෙම ගණුදෙනුවට දැඩි විරෝධයක් එල්ල කළේය. කොමිෂන් වාර්තාවේ නිර්දේශ සහ ආශ්රිත දේශපාලන වටපිටාව ස්වර්ණවාහිණි ගණුදෙනුව සංශෝධනය කිරීමට බල කොට තිබුණි .

2013 වසරේ ලංකාවේ පැවති පොදුරාජ්ය මණ්ඩලීය සමුළුවේ ප්රධාන අනුග්රාහකයා වූයේ අල්ලිරාජා සුබාස්කරන්ය. මොහු නාමල්ගේ ආරාධනයෙන් උතුරු නැගෙනහිර ප්රජා සේවා වලටද සම්බන්ධ විය. අල්ලිරාජා නාමල්ගේ ව්යාපාරික සගයෙකි. ඒ නිසා අල්ලිරාජාට කෙළවෙන තුරු නාමල් බලා සිටින්නේ නැති බව මීට පෙර ලියුම් කරු සදහන් කළේය

පසුගියදා සුදේව සහ කිංස්ලි ජනාධිපති ජනාධිපති මාධ්‍ය අංශයේ වැඩ බාර ගන්න විට අමුත්හෙකු එහි පැමින සිට්යේය.ඒ නීලකාස ජාවාරම් ලේබලය වැදී ඇති නිස්සංක සේනාධිපතිය.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වන පරිදි සේනාධිපති ස්වර්ණවාහිණිය අත්පත් කරගැනීමට දැල එලා ඇත.සේනාධිපතී යනු මුදල් හිග අයෙක් නොවේ. අල්ලිරාජාට ගානක් වීසි කිරීම ඔහුට කජ්ජක් නොවේ.

සුදේව සහ කිංග්ස්ලී පි‍ටුපස සේනාධිපති සිටියේ ඇයි කියා දැන් පැහැදිලිය. ඒ අනුව සුදේව ස්වර්ණවාහිණි ප්‍රධානියා වන අතර කිංග්ස්ලී රේඩියෝ නාලිකාවේ ප්‍රධානියා වීමට නියමිතය.

කරවටක් මඩේ එරී සිටින ජනපතිගේ කුණු රෙදි සෝදා ඔහු ගොඩ දැමීම රූපවාහිනි සහ රේඩියෝ නාලිකා වලට කළ හැකි යයි ගෝඨාභයලා සේනාධිපතිලා සිතීම ගැන පුදුම විය යුතු නැත.

නමුත් ලංකාවේ සියළු මාධ්‍ය මිලදී ගත්තද යලි ගෝඨා ගොඩ දැමිය නොහැකි බව බත් කන මිනිසුන්ට රහසක් නොවේ






No comments:

Post a Comment