Thursday 6 May 2021

ඇත්ත මෙන්න ! - ජිම් ප්‍රොජෙක්ට් එක ගැන GR Media නීල ප්‍රකාශක කිංග්ස්ලිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

 


තරුණ ක්‍රීඩා කාමි ක්‍රීඩා ඇමතිවරයෙක් ලැබුනේ ඉතිහාසයේ පලමු වතාවටය . එම සංධිෂ්ථානය අර්ථවත් කිරිමට නාමල්ගේ ක්‍රීඩා අමාතංශයට  කෝටි 700 කට ආසන්න මුදලක් අයවැයෙන් ලැබුනි. පසුගිය අයවැයෙන් අමාතංශයයකට ලැබුන වැඩිම මුදල ලැබුනේ නාමල්ගේ ක්‍රීඩා අමාත්‍යංශයටය.

තමන්ගේ වැය ශීර්ෂය අනුමත කළ දා පටන් නාමල් දිවා රෑ නොබලා එම මුදල වියදම් කරන අන්දම ගැන කල්පනා කළේය. නාමල්ගේ ක්‍රිඩා අමාත්‍යධූරය රෝස මල් යහනාවක් නොවූ බව සඳහන් කළ යුතුය 

නාමල් වරෙක හෝමාගම  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගනයක සැලසුමක් ගෙන ආවේය. නමුත් දුෂ්ඨ මිනිසුන්ගේ විරෝධය හේතුවෙන් එය හකුලා ගැනීමට සිදු විය. ගුගල් සෙවුම් යන්ත්‍රයේ  sex  සෙවීමේ වාර්තාව හිමි හෝමාගම ජනයා පෞර්ශවත් පිරිසක් බවට පත් කිරිමට ගෙන ආ සැලසුම අඩාල කිරීම කනගා‍ටුවට කරුනකි

මෙම සතියේ දෙකෝටියක් ලාංකීය ජනයාගේ බලාපොරොත්තු සුන් කරන සිදුවීමක් වාර්තා විය . ධම්මික පැණිය සායනික වාර්තාව ෆේල් විය .හොදට හෝ නරකට  එන්නත්කරණයද  නැවතුනි.

නමුත් විජාතික කුමන්ත්‍රණවලට  පින් බිමේ  වාසනාව පරාජය කළ නොහැකි ව්ය.කොරෝනා පරාජය කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමට පින්වත් නාමල් කුමරු සමත් විය 

 GYM හරහා ප්‍රතිශක්තීකරණය ඉහල නැංවීමට හැකි යයි පින්වත් නාමල් කුමරු සොයා ගත්තේය.Six pack බොඩියක් හදා ගන්නා ගමන් කොරෝනාවද පරාජය කළ හැකි බව  ඔහු ඉතා තාර්කිකව ඔප්පු කළේය ඔහු නීති විද්‍යාලයේදී ලබා ගත් පරීචය ඊට ඉවහල් වූවාට නිසැකය 

 අසුරු සැනින්  ක්‍රියාත්මක වූ ජනපති ගෝඨාභය   නාමල්ගේ ජිම් ප්‍රොජෙක්ට්  එකට කැබිනට් අනුමැතියකින රුපියල් ලක්ෂ 6250 දුන්නේය .ඒ අනුව  කන්ටේනර් වල  දැමූ ජිම්  500 ක් රට පුරා ස්ථාපිත කිරීම ආරම්භ කළේය .

නමුත්  නාමල් රට ජාතිය සහ වෙනුවෙන් දිවි පරදුවට තබා කරන සේවය ජේවීපී  සහ සජබ  වටහා නොගත්තේය. නාමල්ගේ තීන්දු තීරණ ගැන ප්‍රගතීශීලී ජනයාට නම් විශ්වාසය  

එපමනක් නොව ලංකාව පින් බිමක් බව යලි පසක් කරමින් සද්ගුණවත් ව්‍යාපාරිකයෙකු නාමල්ගේ පිහිටට ආවේය.ඒ අන් කිසිවෙකු නොව   දිලිත් ජයවීරය . 

නාමල් සහ දීලිත් ජයවීර රට ජාතිය වෙනුවෙන්  මේ කරන   සේවය ඉතිහාසයේ රන් අකුරින් ලිවීම කිසිවෙකුට වැලකිය නොහැක .

GR Media  නීල ප්‍රකාශක කීංග්ස්ලි

No comments:

Post a Comment