Sunday 18 April 2021

ASP මාරු කළ තියරිය ගෝඨාට ඇප්ලයි කළ හොත් ඔහුද මාරු කළ යුතුය

වෙන්නප්පුව ASP මාරු කිරීමට හේතු වූ ලියුම මේ වන විට සමාජ ගත වී ඇත. වෙන්නප්පුව ASP ට එරෙහිව ලියුම ලියා ඇත්තේ අරුන්දික ප්‍රනාන්දුය .වෙනත් වචන වලින් කිවහොත් එය හුදෙක් මැරයෙකු බොරු කාරයෙකු ලෙස හංවඩු ගැසී ඇති අයෙක් පොලීසිය බාර ඇමතිට යැවූ ලිපියකි.

අරුන්දික යනු සිරගෙයි තැපිය යුතු අපරාධකරුවෙකි. ගෝඨාණ්ඩුව විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ එක්නැලිගොඩ තමන්ට ඉතාලියේදී හමු වූ බවට වරෙක මොහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. එවැනි සාහසික බොරු කාරයෙකුට ඕනෑම දෙයක් කිව හැක , ලිවිය හැක.

කෙසේ වුවද පොලිසිය බාර අමාත්‍යංශය අරුන්දිකගේ ලිපිය පදනම් කොටගෙන වෙන්නප්පුව ASP මේ වන විට මාරු කොට යවා ඇත.අභුත චෝදනාවක් පදනම් කොට ගෙන විනය ගරුක නිළධාරියෙකුට දඩුවම් කොට ඇත.

පසුගියදා ලංකාවට එරෙහිව රවල් 22 ක අනුමැතියෙන් යොජානාවක් සම්මත විය.එය අරුන්දිකගේ කැලෑ ලීයුම මෙන් නොව අතිශය නීතියාකූල ලියවිල්ලකි. වෙන්නප්පුව ASP මාරු කළ තියරිය ගෝඨාණ්ඩුවට ඇප්ලයි කළ හොත් නන්දසේනගේ සිට බොහෝ දෙනෙක් ගෙදර යැවිය යුතුය.

මහරගම රථ වාගන පොලීසියේ ජෝන් සීනා ප්‍රහාරය යොදා ගනිමින් වෙන්නප්පුව ASP මාරු කළ සිදුවීම යටපත් කරන උත්සාහයක් දියත් වී ඇති ඇත. වෙන්න්ප්පුව ASP ආරක්ෂා කිරීම සමස්ත පුරවැසියන්ගේ යුතුකමකි

1 comment:

  1. Hello Dear, are you in fact viiting this web site daily, if so after that you will
    without doubt obtain good experience.

    ReplyDelete