Sunday 18 April 2021

මුස්ලිම් ජාතිකයෙකු යයි කියාගන්නා අයෙක් ආගමික ස්ථානයකට පහර දෙයි, false flag ops එකක්දැයි සැකයක් !

 


සැක කටයුතු පුද්ගලයෙක් ක‍තෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කොට ඇත. ප්‍රහාරය එල්ල වී ඇත්තේ කල්පිටිය ඒතාලේ කොළණියේ පිහිටි වේලක්කන්නි දේවමාතාවගේ පිළිරුව සහිත සුරුවමටය.

ප්‍රදේශවාසීන් පහරදීම සිදු කළ බවට සැක පිට එක් අයෙක් අල්ලා පොලිසියට භාර දී ඇත.ප‍්‍රදේශවාසීන් විසින් පොලිසියට අල්ලා දුන් සිද්ධියට සම්බන්ධ සැකකරු දැනට පුත්තලම පොලිසියේ රඳවා ගෙන තබා ඇත.ඔහු මුස්ලිම් ජාතිකයෙකු බව කියවෙයි

මීට පෙර හිඟුලේ බුදු කුටියකට පහර දීමක් වාර්තා වූ අතර එය ප්‍රකට බෞද්ධ භික්ෂූන් දෙනමකගේ ඉල්ලීම අනුව එම ප්‍රහාරය එල්ල කරන ලද බව සැකකරු පසුව ප්‍රකාශ කළේ යයි මාධ්‍ය වාර්තා කොට තිබුණි

මෙම පුද්ගලයා ඊට සති 2 කට පසු පොලිස් අත් අඩංගුවේ සිටියදීම මිය ගියේය

No comments:

Post a Comment