Friday 23 April 2021

සේනාධිපති යුද්ධයට බයේ පැන ගිය කැප්ටන් කෙනෙක් - ෆොන්සේකාගෙන් කෙස් කෙලින් කරන කතාවක්


ඇවන්ගාඩ් සේනාධිපති 
නාවික හමුදාවට සහ රජයට ආදයම් ගෙන දුන් ව්‍යාපාරය ඔහු ශූක්ෂමව කොල්ල කෑවා .සේනාධිපති  යුද්දෙට බයේ හමුදාවෙන් ගියපු කැප්ටන් කෙනෙක්. දේශපාලන පලීගැනීම් වලට ලක්වූ රාජ්‍ය සේවකයට සහන දීමට පත් කළ කොමිසම ඔහු නිදොස් කොට නිදහස් කරලා. මොහුට සහන ලැබීම තියා  මෙම කොමිසමට පැමිනීමටවත් නොහැකි යයි  ආන්දෝලනාත්මක කථාවක් කරමින් ෆොන්සේකා සඳහන් කළේය

නාවික හමුදාව අපකීර්තියට පත් කළ කප්පම් කල්ලිය  පාසල් වියේ හිටපු දරුවො 11 දෙනෙක් පැහැර ගත්තා. දරුවන් නිදහස් කරන්ඩ  කප්පම් ඉල්ලුවා.දෙමාපියන්ගෙන් කප්පනුත් ගත්තා . නමුත් වැඩේ ගැස්සුනා .  නාවික හමුදාව මේ වැඩේ කළා කියලා තොරතුරු හෙළිවෙනකොට මේ ළමයි 11 දෙනාව මරලා ගල් ගැටගහලා මුහුදේ දියඹට දැම්මා. එතකොට මේවාගේ වැඩකරලා උසාවියේ නඩුවක් තියෙනකොට ඒ නඩුවෙන් නිදොස්කොට නිදහස් කරන්න කියලා මේ පිස්සු පූසා කොමිසමෙන් නිර්දේශ කරනවා. මේවා සාධාරණ නෑ, මේවා හෙණගහන අපරාධ. 

දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඔහු සමග මට කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් නෑ. ඔහු පුද්ගලිකව ඉතා සුන්දර මිනිහෙක්, මම කතා කරලා තියෙනවා. නමුත් ඒ ක්‍රියාකලාපය අපි අනුමත කරන්නෙ නෑ. රංජන් රාමනායක තින්දුවට පසුව විනිසුරුවරයෙකුට කතා කළායැයි කියලා දුමින්ද සිල්වාව නිදහස් කිරීමට තරම් මේ කොමිසමට පිස්සු තදවෙලා තියෙනවා" සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ පිළිබඳව ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

 

No comments:

Post a Comment