Sunday 18 April 2021

වැඩ කරණ විරුවා දායාද කළ අපරාධ විශුද්ධිකරණය

 


අද ලෝකයේ සිද්ධ වෙන ගොඩක් අපරාධ වලට මුල් වෙන්නෙ මුදල්.සමාජයට එරෙහිව සිදුකරන අපරාධ හරහා කෝටි ගණන් මුදල් උපයනවා. නිති විරෝධි ක්‍රම වේද හරහා මුදල් ඉපයීම මැඩපැවැත්වීමට විවිධ ආකාරයේ නිති රීති පනවා ඇත. මුදල් බැංකු ගත කිරීමේදී ඒවා ඉපයූ ආකාරය විමසීම කළු මුදල් නියාමන උපක්‍රමයක්. නමුත් පවතින නීතියට කොකා පෙන්වා කළු මුදල් භාවිතා කරන ක්‍රම තිබෙනව. Money laundering මුදල් විශුද්ධිකරණය කියලා කියන්නෙ එවැනි ක්‍රමයක්.

අන්තර්ජාතික නීතිය අනුව මනි ලොන්ඩරින් නිර්වචය කරන්නේ මෙන්න මෙහෙම “The processing of criminal proceeds to disguise their illegal origin in order to legitimize the ill-gotten gains of crime” සිංහලෙන් කිව්වොත් , අපරාධ වලින් අයථා ලෙස උපයා ගන්නා ලද ධනය, නීත්‍යානුකූල කිරීම වෙනුවෙන් ඒවායේ නීති විරෝධී සම්භවය සහ කරන ලද අපරාධ සැඟවීම සඳහා උපක්‍රම සැකසීම

හුග දෙනෙක් හිතුවේ නන්දසේන ජනාධිපති වුනේ රට හදන්ඩ කියලා. නමුත් ඇත්ත කථාව ඒක නෙවේ. නන්දසේනට මුලින්ම ඕනෑ වුනේ තමන්ගේ නඩු ටික ගොඩ දා ගැනීම. ඊලගට ඕනෑ වුනේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල නිලධාරින්ගෙන් පලිගැනීම. නන්දසේන දේශපාලනයට නොගැලපෙන කෙනෙක් විදියට රාජපක්ෂ පවුල විසින්ම කොන් කරලා හිටපු කෙනෙක් .ඉතින්, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන රටේ මුල් පුරවැසියා වෙන එකත් නන්දසේන අරමුනක් වෙන්න ඇති.

නන්දසේන ජනපති වූ විගස, 2015 ජන 08 – 2019 නොවැ 16 අතර සිදුවූ දේශපාලන පළිගැනීම් විමර්ශනයට කියලා කොමිසමක් පත් කළා. මේකෙන් සිදුවුනේ අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කිරීම. හරියට මනි ලොන්ඩරින් වගේ , අපරාධ ලොන්ඩරින් කිරීම.

හැබැයි නන්දසේනගේ අපරාධ ලොන්ඩරි කිරීම මනි ලොන්ඩරි කිරීමට වඩා භායානකයි. මොකද, අපරාධකාරයො තමන්ගේ කළු සල්ලි ටික හෝදගෙන පැත්තකට වෙනවා. නමුත් නන්දසේන තමන්ගේ අපරාද ටික හෝදගෙන පැත්තකට වුනේ නෑ . තමන්ට නීතිය ක්‍රියාතමක කළ විනයගරුක මිනිසුන්ගෙන් පළිගන්ඩත් උත්සුක වුනා.

දේශපාලන පලිගැනීම් විමර්ශනය කිරීමට පත්කළ කොමිසමේ වැඩ මේ වනවිට ඉවරයි. කොමිසන් වාර්තාව ඊයෙ පෙරේදා ගෝඨාභයට බාර දුන්නා ( පිල්ලෙයන්ගේ ඉදලා ගෝඨාභය දක්වා තිබුන අපරාධ case ඔක්කොම වතුරේ කියලා දන්නවනෙ )

දැන් ඉතිරි වෙලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන් සහ එහි දෛනික ප්‍රගතිය සොයා බැලූ ( Diary of action ) සොයා බැලූ දේශපාලකයන්ගෙන් පළිගැනීම. නන්දසේන කියන්නේ ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසල් දෙන මිනිහෙක්. එයා කොමිසමෙ නිර්දේශ ක්‍රියාත්මක කරන්ඩ තවත් කොමිසමක් දැම්මා.

නන්දසේන කියන්නේ මහජන මුදලින් අම්මගෙ සොහොන හදපු කෙනෙක්. ලංකාවේ 62ක් ජනයා මේ ජරා වැඩ අනුමත කළේ නෑ. ඔවුන් රාජපක්ෂලා පැන්නුවා. ජනවරමට සාධාරණය ඉ‍ටුකීරීම සහ මූලික නීතියට අවනත වීම අත්හල නොහැකි වගකීමක්. නන්දසේන කළ කී දෑ වලට වග උත්තර බඳින්ඩ වුනා.අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ ශානි වගේ නිලධාරීන් ගෝඨාගෙන් පැය ගණන් කට උත්තර ගත්තා. ඔහුගේ ගෝලබාලයන්ටත් ඒ ඉරණම අත්වුනා.

නීතියේ පාලනය ගැන අනුර කුමාර, චම්පික රණවක , සුමන්තිරන්, මංගල, රාජිත වගේ දේශපාලකයන් නිරන්තරයෙන් සොයා බැලුවා. දැන් මේ අයට බැස්ටිය දෙන්ඩ තමා විශේෂ ගැසට්‍ටුවක් ගහලා ලක ලෑස්ති වෙන්නේ. රටේ පවතින අධිකරණ පද්දතිය හරහා ශානිලා, අනුර කුමාරලා චම්පිකලා හිර කරන්ඩ බැරි නම් නන්දසේනට අළුත් එකක් හදන්ඩ වෙනවා. ඉතින් ඒක තමා ඔය හැදුවේ. එක අතකට මේව ගැන පුදුම වෙන්ඩ දේකුත් නෑ. මෙසිරි ලංකාව කියන්නේ කිං කැකිල්ලේ හිටිය රටනෙ.

No comments:

Post a Comment