Sunday, 18 April 2021

ලංකාව බංකොලොත් ගැට්ටේ

 


ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ.මෙම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන ණය ගෙවීම හැකියාව මත සිදුකරන පුරෝකතන මතයි.

මෙම ශ්‍රේණි ගත කිරීම අනුව ශ්‍රී ලංකාව විශාල ණය අර්බුධයකට ලක්ව ඇති බව ලෝකයට දැනුම් දී ඇති අතර මෙම ශ්‍රේණියට හෝ ඊට අඩු ශ්‍රේණියක් සහිත රටවල ආර්ථිකය ‍ විශ්ලේෂණය කිරීමෙන් ඔවුන් බැහැර වෙයි

කෙසේ වුවද ලංකාවේ මුදල් ඇමති මහින්ද ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ශ්‍රේණිගත කිරීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කොට ඇත.

මිට සති 2 කට ඉහතදී මාලදිවයිනද මේ ආකාරයෙන්ම CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබුනි. නමුත් ඔවුන් ‍ෆිච් ආයතනයට බැන අඬ ගැසීමට ගියේ නැත.

ලංකාවේ මුදල් ඇමතිගේ කළකිරියාව ප්‍රගති වාර්තාවේ ලකුණු වෙනස් කොට හොඳ නම ගැනීමට වෙර දරණ පාසැල් ශිෂ්‍යයෙකුට සමානය

මේ අතර ලංකාවට අත්‍යවශ්‍ය භාන්ඩ ගෙන්වීම, ණයවර ලිපි නිකුත් කිරීම වැනි ආර්ථිකයේ සියුම් සංවෙදී මර්මස්ථාන පවත්වාගෙන යාම ගැන වත්මන් මුදල් ඇමති මහින්ද හා හිටපු මුදල් ඇමතිවරයෙකු වන රවි කරුණානායක අතර සාකච්ඡාවක් පැවැත්වී ඇත.

අන්තර්ජාතික ශ්‍රේණි

  • AAA : the best quality companies, reliable and stable
  • AA : quality companies, a bit higher risk than AAA
  • A : economic situation can affect finance
  • BBB : medium class companies, which are satisfactory at the moment

Non-investment grade

  • BB : more prone to changes in the economy
  • B : financial situation varies noticeably
  • CCC : currently vulnerable and dependent on favorable economic conditions to meet its commitments
  • CC : highly vulnerable, very speculative bonds
  • C : highly vulnerable, perhaps in bankruptcy or in arrears but still continuing to pay out on obligations
  • D : has defaulted on obligations and Fitch believes that it will generally default on most or all obligations
  • NR : not publicly rated

No comments:

Post a Comment