Sunday 18 April 2021

ඥානසාර හිමි සත්තුන්ගේ නම් කියා බැසිල්ට බනින්නේ ඇයි?

 


පසුගිය 21 වැනිදා සිරිසේන සහ ඥානසාර හිමි අතර රහසිගත හමුවක් පැවැත්වී ඇති බව අප වෙත වාර්තා විය. පාස්කු කොමිසමේ විමර්ශන වාර්තාවෙන් සිරිසේනට සහ ඥානසාරට චෝදනා එල්ල කිරීම සහ ඒ පිලිබදව ඉදිරියේදී කටයුතු කරන ආකාරය එහිදී සාකච්ඡාවී ඇත.

සිරිසේන ඥානසාර හිමි සමග පැවැත්වූ සාකච්ඡාව අතර තුර මැතකදී ඥානක්කා කී කථාවක් සිරිසේන විසින් සිහිපත් කොට ඇත. ආගමක් ජාතියක් නැති , මලක් පහනක් පූජා නොකරන රාජපක්ෂ කෙනෙකු කොමිසම් වාර්තාව විකෘති කළ බව ඥානක්කා තමාට කීවේයැයි සිරිසේන හෙළිදරව් කොට ඇත

ඥානසාදු – සිරිසේන සාකච්ඡාව අවසන් වී ඊලග පැයේ සිට බැසිල්ට පහරදීම ආරම්භ විය. 2025 ජනාධිපති හෝ අගමැති ධූරය අපේක්ෂා කරන අයෙක් කොමිසන් වාර්තාව විකෘර්ති කොට ඇතැයි කියමින් ඥානසාදු බෝම්බයක් පත්තු කළේය

උසාවියට අපහාස කොට හිරේ ගිය ඥානසාර හිමි බේරා ගත්තේ සිරිසේන විසිනි. එම් හේතුව නිසා සිරිසේන සහ ඥානසාර හිමි අතර ඇත්තේ ගොනා සහ තණකොළ බැඳියාවකි

ඥානසාර හිමි බැසිල්ට එල්ල කළ පලමු ප්‍රහාරයේ උණුසුම මැකීයාමටත් පෙර අද දින තවත් ප්‍රහාරයක් එල්ල කළේය.ඥානසාර හිමි අද දින සාගර කාරියවසම්ට සහ පී.බී ජයසුන්දරට below the belt (අශිෂ්ඨ ලෙස) පහර දෙන අයුරු දැක ගත හැකි විය.

එපමනක් නොව ඥානසාර හිමි සතෙකුගේ නමක් කියා බැසිල්ට බැන වැදුනේය. ඥානසාර හිමි අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී, තිරය පි‍ටුපස සිට නූල් සූත‍්‍ර අදින ගෙම්බා ලෙසින් අදහස් කළේ බැසිල්ය

No comments:

Post a Comment