Sunday 18 April 2021

ජයසුමනට නඩුව බැක් ෆයර් වෙයි, ප්‍රඥාවන්තයින් වෛද්‍ය චනිත් සමග එක් වෙයි, මුග්ධ වියත්මගේ රෙදි ගැලවෙයි

 


මිත්‍යා පැණිය නම් කූඤ්ඤය සමග සෙල්ලම් කළ වඳුරාට අත්වූ ඉරණම

කුට්ටි අප්පුගේ ධනපාල යනු කෑගල්ල ප්‍රදේශයේ දේවාලයක් අටවාගෙන අවුරුදු ගණනාවක් තිස්සේ අංහිසක මිනිසුන් ‍රැවටූ තක්කඩියෙකි. ජනයා රවටා මුදල් ගැරීම අදකාලේ කට්ටඩි බොහොමයකගේ වෘත්තිය වෙයි. හොර කට්ට්ඩියන් කොරෝනා වසංගතයද ඉල්ලමක් කර ගත්තේය.

තමන් ලග කොරෝනා වලට බෙහෙත් ඇතැයි හොර කට්ටඩි කීහ. දියේ ගිලෙන එකා පිදුරු ගහේත් එල්ලෙන්නා සේ මං මුලාවූ ජනයා කට්ටඩියන් හොර වෙදුන් සරණ ගියහ. කුට්‍ටු අප්පුගේ ධනපාල නොහොත් මේසෙන් බාස් ධම්මික බන්ඩාරද මෙම ප්‍රෝඩාව කළ අයෙකු විය.

ධම්මික බන්ඩාරගේ දේවාලයට මිත්‍යාය දෘෂ්ඨික දේශපාළුවන් නිතර පැමිණියහ .ඒ නිසා මිත්‍යා දෘෂ්ඨික දේශපාළුවන් සමග මොහුට හිතවත්කම් විය. එහි ආනුභාවයෙන් කොරෝනා බෙහෙත් ප්‍රෝඩාව රාජ්‍ය අනුග්‍රහය යටතේ මොහුට කළ හැකි විය.

ලංකාවේ නමගිය මිත්‍යාය දෘෂ්ඨිකයෙකු වන චන්න ජයසුමන ධම්මික බන්ඩාරගේ කොරෝනා බෙහෙත් ප්‍රෝඩාවට සහයෝගය දුන්නේය.මහාචාර්ය වරයෙක් කියා ගන්නා අයෙක් මිත්‍යාව වපුරමින් සාහසික ලෙස ජනයා ‍රැවටීම බොහෝ දෙනෙකුට පිළිකුල දනවන සිදුවීමක් විය.

ජයසුමනගේ මිත්‍යාය දෘෂ්ඨික,පිළිකුල් සහගත හැසිරීමට එරෙහිව ප්‍රඥාවන්ත පුරවැසියන් නැගී සිටියහ. වෛද්‍ය චනිත් පේදුරුආරච්චි එහි පෙර ගමන්කරුවෙකු විය. Chanith Peduruarachchi. නූගත් තක්කඩියන්ට වඩා උගත් තක්කඩියන්ගෙන් සමාජයට වන හානිය විශාල බව ඔහු පෙන්වා දුන්නේය.

සත්‍යයේ හඬට බිය වූ ජයසුමන චනිත්ට එරෙහිව කඩුවෙල උසාවියේ නඩුවක් දැම්මේය.නමුත් නඩුව පැවරීමත් සමග සිදුවීයේ නොසිතූ දෙයකි. චනිත් වෙනුවෙන් ප්‍රඥාවන්තයන් පෙලගැසුනහ. ජයසුමන ගලේ පැහැරූ බලලෙකු මෙන් අසරණ විය

No comments:

Post a Comment