Tuesday 20 April 2021

ප්‍රතිරූප යනු මායාවන්ය, යුක්තිය අත්හල නොහැකි වගකීමකි! පාලකයන්ට සහ පුරවැසියන්ට කිරුළේ අරුත කියා දෙමින් සැබෑ ‍රැජිණ බැස යයි

කැරොලින් ජූලී ස්වේච්ඡාවෙන් සිය කිරූළ අත්හැරිය  බව මිස් වර්ල්ඩ් ආයතය  නිවේදනය කොට ඇත. ඒ අනුව 2020 අනුශූරතාවය දිනූ අයර්ලන්ත ජාතික Kate Schneider වෙත කිරුළ හිමි වීමට නියමිතය . 

සේ වුවද කැරොලින් යුක්තිය වෙනුවෙන් සිය කිරුළ පූජා කළ සැබෑ ‍රැජිනක් බව දක්වමින් ඇයට ලොව නන්දෙසින් ප්‍රසංශනාත්මක  ඇගයීම් ලැබෙමින් පවතියි. විශේෂයෙන්ම Mrs world inc නිල පි‍ටුව  සහ Kate Schneider ගේ මුහුණු පොත  එවැනි සටහන් වලින් පිරී ඇත 

කැරොලින් යුක්තිය වෙනුවෙන් පූජා කළ කිරුළ ප්‍රතිරූපයක් වෙනුවෙන් පිලිනොගන්නා ලෙස අයර්ලන්ත ජාතික Kate Schneiderගෙන් සුවහසක් ජනයා ඉල්ලා ඇත

ලෝක ප්‍රජාව යුක්තිය වෙනුවෙන් සටන් කළ  කැරොලීන් ජූලි වැළද ගනිද්දී ,  අවුලේ මුල වූ හාන්සි ‍රැජින පුෂ්පිකා ඊලග  පලාත් සභා මැතිවරණයට සූදානම් වෙමින් ගෙන් ගෙට ඇවිදින  අයුරු  දැක ගත  හැක 

ලංකාවේ ජනයා ඉල්ලන්නේ  හාන්සි ‍රැජිණියන් , කුවේට් කුමාරියන් මිස නීතියේ පාලනය  වෙනුවෙන් පෙනී සිටින අභීත ‍රැජිණියන් නොවේ. අද ලංකාව  ලෝකයේ ආසාර්ථක රටක් බවට පත්වීමට මූලික හේතුව එයයි


No comments:

Post a Comment