වතුපිටිවල රෝහල කියන්නේ කොරෝනා සංකුලතා දක්වන රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් නොවයී. ඒක කොරෝනා ආසාදිත එහෙත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන අය රඳවා තබාගන්නා එක් මධ්‍යස්ථානයක් පමණ යී. සෑබෑ රෝගීන් වන්නේ ආසාදනය වී රෝග ලක්ෂණ හා සංකූලතා පෙන්වන කණ්ඩායම යී. සත්‍යය එසේ තිබිය දී ආසාදිතයන්ට (හොඳට ඉන්න අයට) තමන්ගේ ඖෂධය ලබා දී ඔවුන් සුවපත් කළ බව පවසන පුද්ගලයකු මේ කරන්නේ කුමක්ද ? එහෙම කරන්න ඇයි රජය ඉඩදෙන්නේ….? ඇයි ඇතම් මාධ්‍ය මේ මනුස්සයාව පුම්බන්නේ…?
ඒකට ඇත්ත කතාව දැනගන්න අපට ඉන්දියාවට යන්න වෙනවා… ඉන්දියාවට…? ඔව් මෙහෙමයී, පටංජලී කියන්නෙ ඉන්දියාවේ ප්‍රකට ආයුර්වේද නිශ්පාදන සමාගමක් එකේ අයිතිකාරයා තමයි ආචර්යා බාලක්රිෂ්නා, ඔහුගේ හවුල්කරු වන්නේ ස්වාමි රාම්දේව්! ඔව් රාම්දේව් කියන්නේ එහේ ජනප්‍රිය ප්‍රසිද්ධ යෝග ගුරුවරයෙක්. එයාට එහේ දේශපාලන, ක්‍රීඩා හා සිනමා ආදී තරු එක්ක සමීප සම්බන්ධකම් තියෙනවා, පසුගිය ජූනි මාසේ පටංජලී සමාගම නිවේදනය කරනව ඔවුන් 100%ක් covid 19 සුව කරන්න පුළුවන් බෙහෙතක් සොයාගත්තා කියලා! හරියට ලංකාවේ ධනපාල බාසුන්නැහේ කිව්ව වගේ… ඔවුන් ඒ සදහා සායනික පරීක්ෂණ සාක්ෂි පවා ඉදිරිපත් කරනවා. ( ධනපාල බාසුන්නැහේ වතුපිටිවලින් ඉදිරිපත් කරනවා වගේම)
නමුත් ඉන්දියාවේ ආයූෂ් කියල අමාත්‍යාංශයක් ඔය නිෂ්පාදනයට විරුද්ධ වෙනවා…එහේ ආයූෂ් කියන්නෙ අපේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වගේ එකක්….(මේ දවස්වල ලංකාවේ තියෙන්නේ මේ ගැටුම මතක තියාගන්න ඒකත් පෑලැන් එකේම කොටසක් තමා…) කොහොම හරි ඔන්න මාසයක විතර මහා කසු කුසුවකින් පස්සේ දිව්‍යා කියන “කොරෝනා කිට්” එක වෙළදපොලට එනවා… කසුකුසුව නිසාම ඒකට බිලියන ගාණනක් වැය කරලා ගන්න ඕනී ප්‍රචාරණයක් නොමිලේම ලැබෙනවා.. එකේ තියෙන්නෙ පෙත්තකුයි, තෙලකුයි, නහයට දාන බෙහෙතකුයී විතරයී.
හැබැයි මාර වැඩේ කියන්නේ කලින් පොර ටොක් දුන්නත් දැන් මේකට covid 19 සදහා බෙහෙතක් කියන කතාව නිෂ්පාදනයේ නෑ…සායනික පරීක්ෂණ වල කතාවකුත් නෑ… ප්‍රතිශක්ති වැඩි කරන ආහාරමය සංයෝගයක් කියල තමයි එන්නේ! කලින් නොමිලේ ලැබුන ප්‍රචාරණය නිසා ඉන්දියානු රුපියල් 500-800 අතර මිලක් (ලංකා රුපියල් 1250-2000ක් ) වෙන මේ බෙහෙත් කට්ටල එහේ මසකට මිලියන ගානක් විකිණෙනවා ලු! දැන් පේන විදියට ලංකාවේ මේ විකාශනය වෙන්නේත් ඉන්දියාවෙ තිරගත වුන නාටකයේම කොපියක් තමයි…
ආ..තව පොඩි කතාවක් තියෙනවා කලින් කිව්ව “ස්වාමි රාම්දෙව්” කියන පුද්ගලයා පටංජලී සමාගමේ නිල කොටස් කරුවෙක් නෙවෙයී. මොකක්…? ඔව් ඒ වුනාට සමාගම රැදිලා තියෙන්නෙ මොහුගේ උපාය සහ සම්බන්දතා මත. ලංකාවේ සදික්කා අරිශ්ටය ඔය විදියට වෙළදපොලට ආවොත් ධනපාල බාසුන්නැහේ පේන්න හිටියට ඒකේ නිල නොවන කොටස්කරුවෝ කවුරු වෙයි ද…..? ධනපාල බාසුන්නැහේ වගේ කට්ටඩි කෙනෙක්ට වතුපිටිවලින් සායනික පරික්ෂා කළා කියල පුර්ව ප්‍රචාරණ අවස්ථා ලබාදෙන බලගතු හස්තය හරහා දැනටමත් එය පැහැදිලියී නේද….?
Sagara diyagama
පසුසටහන – කොරෝනා පැණි කථාවේ මහ මොළකරු දෙරන දිලිත් ජයවීර වුවද වීමට හැකිය. විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමදී හෝටල් වල නීරෝධායනය කරන මුවාවෙන් අසරණයන් ගසා කෑ ප්‍රධානතම පුද්ගලයා මොහුය . බාල වර්ගයේ ටෙස්ට් කිට් ගෙන්වා මුදල් ගසා කෑ බවට චෝදනා එල්ල වූයේද මොහුටය
No comments:
Post a Comment