Sunday 18 April 2021

රන්ජන් සියදිවි හානි කර ගනීද ?


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේද නැද්ද යන්න පිළිබඳ නීතිපතිවරයාගේ මතය මේ වන විට ප්‍රකාශ කොට ඇත . නඩුතීන්දුව සමග රන්ජන්ගේ ධූරය අහෝසි වන බව නීතිපතිගේ මතය විය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලීමේන්තු සබා වාර වලට මාස තුනක් නොපැමිනිම මන්ත්‍රී ධූරය අහෝසි වීමට හේතුවකි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලද තීන්දුව අනුව රන්ජන්ට පාර්ලීමේන්තුවට පැමිනීමටද නොහැකිය

අද දිනයේ රන්ජන්ට මාස තුනක නිවාඩු අනුමත කරගැනීමට කථානායකයා වෙත මෝසමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

වත්මන් කථානායකයා සිටින්නේ නීති සාදන පාර්ලීමේන්තුව උත්තරීතරය යන ස්ථානයේ නොව ශ්‍රේෂ්ඨාධිකරණය උත්තරීතරය යන ස්ථානයේය.නමුත් ව්‍යවස්ථාදයකයේ පුර්ව නිදර්ශන න්‍යාය අනුව බලන කල පාර්ලීමේන්තුව උත්තරීතරය යන මතය යුක්ති යුක්ත වන්නේය.

කෙසේ වුවද වත්මන් කථානායකයාගේ පක්ෂපාතී ස්වභාවය අනුව රන්ජන්ට සහනයක් අපේක්ෂා කළ නොහැක

රන්ජන්ට නිවාඩු ඉල්ලුම් කරන අයදුම්පත ඡන්ද විමසීමකට ලක් කළ හොත් අණ්ඩුවේ මතය ජයග්‍රහණය කිරීම නියතයකි.

ඒ අනුව රන්ජන්ට මාස තුනක නිවාඩු ලබා ගැනීමේ උත්සාහය අසාර්ථක වනු ඇත . ඒ අනුව පාර්ලීමේන්තු සභාවාර වලට පැමිනීමට නොහැකි වෙයි . එනයින් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වී යනු ඇත.

සජිත් එජාපය කඩා බිද දමා හුදෙක් නායකයා වීමේ අපේක්ෂාවේන් විපක්ෂය දුර්වල කිරීමේ ආදීනව දැන් ඔහුටම පලදී ඇත. එජාපය දෙකඩ නොකලේ නම් නිසැකවම විපක්ෂයට ආසන 80ක් පමන ලබා ගත හැකිව තිබූ අතර ශ්‍රිලනිප සමග එක්වී අන්ඩුවේ මතය පරාජය කළ හැකිව තිබුණි

රන්ජන්ගේ හැසිරීම නිරික්ෂණය කරන මානසික වෛද්‍යවරු පවන්නේ රන්ජන් සියදිවි හානිකර ගැනීමක් දක්වා යා හැකි බව ය

No comments:

Post a Comment