Sunday 18 April 2021

බැසිල්, විමල්, ගම්මන්පිල ගැන ආන්දෝලනාත්මක කථාවක්


රාජිත සේනාරත්න අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් බැසිල්, විමල් සහ ගම්මන්පිල ගැන ආන්දෝලනාත්මක කථාවක් කීවේය. මැදමුලන පරපුරේ ඔ‍ටුණු නොපැලදූ රජු බැසිල් යයි කීවේය. පොදුජන පෙරමුණේ මොළකරු බැසිල් රාජපක්ෂ බවද කීවේය. බැසිල්, මැදමුලන පවුලේ අන්තවාදී නොවන එකම පුද්ගලයා බවත් රට හදන සැලසුම ඇත්තේ ඔහු සතුව බවත් රාජිත කීවේය

විමල් වීරවංශගේ පාස් පොර්ට් නඩුවේදී විමල්ගේ අඹුවට පිහිට වූයේ සුජාතා අක්කාය. නමුත් රාජිතට නඩු වැටෙන විට විමල් කළේ කුමන්ත්‍රණ කාරී ලෙස ඒවා තවත් හිර කිරීමය.මීට මාස කිහිපයකට පෙර රාජිත බැසිල්ගෙන් ඇමති තනතුරක් ද ඉල්ලු බව විමල්ගේ වෙබ් අඩවිය වාර්තා කළේය.

රාජිත සේනාරත්න, ගම්මන්පිල සහ විමලෙ නිර්වචනය කළේ ව්‍යංගාර්ථයෙනි. නූතන ලාකීය දේශපාලනයේ සිටින අංක එකේ ‘ජුදාස්’ ගම්මන්පිලය. සානුකම්පිත හේතු මත ගම්මන්පිලට ‍රැකියා දුන් ඔස්ට්‍රේලියන් ජාතිකයාගේ සබ්බ සේතම හොරා කා චරිතයද ඝාතනය කළේය. කොටින් කිවහොත් කන්ඩ දුන් අතට දෂ්ඨ කළේය.මැතිසබේ දෙපත් නයා යන ”කෝඩ් වර්ඩ් ” එකෙන් හදුන් වන්නේ ගම්මන්පිලය.

” හයිනා ” යනු වීරවංශගේ කෝඩ් වර්ඩ් එකය. හයිනා අප්‍රිකානු කැලෑ වල සිටින සතෙකි . හයිනා සතුන් ගැවසෙන්නේ සිංහයන් පසුසය. මක්නිසාදයත් හයිනාවන්ට තනියම දඩයමක් කළ නොහැක. සිංහයා දඩයමක් කරන තෙක් බලා සිට ඉන් කොටසක් සොරකම් කිරීම මුගේ පුරුද්දය.

හයිනාවුන් කුණු මස් බුදින ජාතියකි. අපිරිසිදු කුණු ගඳ වර්ගයකි.සිංහයා තණකොල කෑවත් ගඳ නිසා හයින් මස් කන්නේ නැත. ඒ නිසා හයිනා, සිංහයා වටේ කැරකෙමින් සෙල්ලම් පායි .

කුණු ගඳ නිසා මූන්ට අනෙක් විලෝපීයන්ගෙන්ද තර්ජනයක් නැත. නමුත් හයිනා යනු චාන්ස් එකක් ලැබුන හොත් සිංහයා හෝ මාරගෙන කන ජාතියකි. එදා වේල මිස, දෙපත් නයි සහ හයිනා සතුන්ට වනාන්තරයේ කළ හැකි පෙරළියක් නැත.

No comments:

Post a Comment