Sunday 18 April 2021

සිරිසඟබෝගේ බෙල්ල කැපූ ගෝඨාභයවත් මෙතරම් දුෂ්ඨ නොවුනි

 

අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බව රාජ්‍ය ඇමැති දයාසිරි සඳහන් කරයි. රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් ඔහු කියා සිටියි. කොරෝනා ආසාදිතයන්ට නිවෙස්වලම නිරෝධායනයට ඉඩ සලස්වන ලෙස දයාසිරි ඉල්ලීමද කළේය.

මේ වන විට, අහඹු පරීක්ෂණ වලදී කොරෝනා පොසිටිව් වීමේ ප්‍රතිශතය මේ වන විට 20% දක්වා ඉහල ගොස් ඇත . විශේෂයෙන් විදේශ සංචාර සදහා පිටව යාමට පෙර පී.සී.ආර් පරීක්ෂණ අනිවාර්ය අතර එවැනි පරීෂණ වලදී ආසාදිතයන් හමු වීම ඉතා ඉහල බව වාර්තා වෙයි.( එයද අහඹු නිදියකි)

දිනකට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන දහසකට අඩු මට්ටමේ පවතින්නේ දිනකට කරන PCR ප්‍රමණය ඉතා අඩු බැවිනි. මේ වන විට ලංකාව අඩුම PCR පරීක්ෂණ සිදු කරණ රටවල් අතරට වැටී ඇත.

මේ වන විට කොරෝනා රට පුරා පැතිරී ඇත . එය පාලනය කිරීමට රජයට නොහැකි විය.නමුත් කොරෝනා පාලනය කරන මුවාවෙන් විදේශ ශ්‍රමිකයන්ට ගුවන් තො‍ටුපොල වැසුවේය. ඔවුන් මැද පෙරදිග අනාථ කළේය. ඉන් පසුව හෙන ගහන මුදලක් අයකරමින් ශ්‍රමිකයන්ට ලංකාවට ඒමට ඉඩ දුන්නේය . නීරෝධායනය කරන මුවාවෙන් අසරණ ශ්‍රමිකයන් ගසා කෑවේය

මෙවැනි දුෂ්ඨ ආන්ඩුවක් ඉතිහාසයේ කිසිම දිනක අප අසා නැත . සිරිසඟබෝ රජතුමාගේ බෙල්ල බෙල්ල කැපුවේ ඔහුගේ සහොදරයා වූ ගෝඨාභය කෙනෙකි .එම ගෝඨාභයවත් මෙතරම් දුෂ්ඨ නොවුණි

No comments:

Post a Comment