Sunday 18 April 2021

යහපාලනයට විරුද්ධව එළියට බැස්සේ විපක්‍ෂයයි – මේ ආණ්ඩුවට එරෙහිව එළියට බහින්නේ ජනතාවයි

එළැඹුණු 2021 නව වසර  මිනිසුන්ගේ ජීවිත ගැන විශ්වාසයක් නැති අවුරුද්දක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම පවසයි

‘‘පවතින රජය ගැන ජනතාව තුළ කිසිදු විශ්වාසයක් නැහැ. රජයට කොරෝනා තවමත් පාලනය කරගන්න බැරිවෙලා තියෙනවා. PCR කරන්නේ නෑ. PCR කරොත් 30 % වඩා කොරෝනා පොසිටිව්.

දවසකට මරණ පහ හය වාර්තා වෙනවා. උදාවුණු 2021 නව වසර හරිම අවිනිශ්චිත අවුරුද්දක්. කිසි කෙනෙකුට තමන්ගේ ජීවිත ගැන විශ්වාසයක් නැහැ. ව්‍යාපාර කඩාවැටුණු, රැකියාවල් නැති ජීවත්වෙන්න පරිසරයක් නැති අවුරුද්දක් මේ උදා වෙලා තියෙන්නේ.

ප්‍රශ්න වලට විසඳුමක් පවතින රජයට නැහැ. යහපාලන ආණ්ඩුව තිබ්බ වෙලාවේ පාරට බැස්සේ මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ විරුද්ධ පක්‍ෂය. නමුත් දැන් මේ පීඩනය දරාගන්න බැරුව පාරට බහින්නේ අහිංසක ජනතාව.

No comments:

Post a Comment