Sunday 18 April 2021

චම්පිකගේ 43 වන සේනාංකය - රදල දේශපාලනයේ අවසානය

 


හුදු ආණ්ඩු පෙරලියකින් පමනක් රට ගොඩ ගත නොහැකි බවට චම්පික කළ ප්‍රකාශය සමාජය නව මානයක් කරා ‍රැගෙන යමින් පවතියි. අතෙකින් චම්පික පිහිටවූ 43 වන සේනාංකය සජිත්ගේ දේශපාලනයේ පදනමට එල්ල වූ මරු පහරකි. ප්‍රභූ පවුල්වල දරුවන්ට සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස හිමිව තිබූ අධ්‍යාපනය පොදු මහජනතාවගේ අනුලංගනීය අයිතියක් බවට පත්වූයේ 1943 වසරේය. එනයින් 43 යනු ඉලක්කමකට වඩා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයකි. 1943 න් මතු දුවා දරුවන්ට නව මානයන් ඔස්සේ යා හැකි දුර අහස තරම් විය.

එනමුත් නෙත් පෑදූ පරපුරක දරුවන්ට සිදු වූයේ කුමක්ද ? 1943 වසර වන විට ජපානයට කොරියාවට සිංගප්පූරුවට වියට්නාමයට ඉදිරියෙන් සිටි බව නොරහසකි. කරුණු එසේ හෙයින් 43 වන සේනාංකය රට නිදහස් අධ්‍යාපනයෙන් පල නෙලූ පරපුර රට වෙනුවෙන් දැක්වූ දායකත්වය පිළිබදව ස්වයං විවේචනයකට කැඳවා සිටියි. තවත් අතෙකින් එකී පරපුරට වැරදුන තැන් නිවරදි කරගෙන ඉදිරියට යාමට අත්වැලක් සපයයි.

නිදහස් අධ්‍යාපනය පීඩිත පංතියට පහල වූ නිධානයක් බඳු විය. චම්පික 43 වන සේනාංකය හරහා එම පංතිය ආමන්ත්‍රණය කරත්ම දුප්පතාගේ හිතවතා ලෙස පෙනී සිටි සජිත්ගේ පදනම හීරු රෂ්මියට විවරවූ වෙඩරු පිඩක් සේ දියවී යාම නොවැලැක්විය හැක.

චම්පික 43 වන සේනාංකය ජනගත කරන විට සජිත් සිටියේ බුත්තල ඔක්කම්පිටියේය. ජනදුක විමසන විපක්ෂ නායක ජංගම සේවයක් එහි පැවැත්වුණි. ආණ්ඩු මාරුවත් සමග සමගි ජන බලවේගය මේ රටේ පොදු ජනතාවගේ වීරයින් බවට පත්ව ඇති බව සජිත් එහිදී කීවේය.

නමුත් එදිනම 43 වන සේනාංකය ජනගත කරමින් ගාලුමුවදොර හෝටලයේ සිට චම්පික ඊට වෙනස් කථාවක් කීවේය . හුදු ආණ්ඩු මාරු වලින් වීරයන් බිහි කරන ක්‍රම වලින් රට ගොඩ ගත නොහැකි බව කීවේය

‘කළකිරීමෙන් පසුවන පිරිසක් එකතු කරගෙන, හුදු ආණ්ඩු පෙරලියකින් පමණක් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, ප්‍රඥාව පදනම්කොටගෙන නව ජීවනයක් අත්පත් කරගැනීම ගැනීම උදෙසා පුළුල් පුරවැසි ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බව චම්පික කීවේය.

43 වන සේනාංකය යනු ප්‍රේමදාස දේශපාලනයේ පමනක් නොව වෙස් මුහුනු දරාගත් රදල බමුණු කුලයේ අවසානය විමට වැඩි වැඩි ඉඩක් ඇත.

No comments:

Post a Comment