Sunday 18 April 2021

බැසිල් රාජපක්ෂ වැඩ බැරි රොෂාන් ගුණතිලකට අම්ම මෝ නැතිව බැන වදියි

 


ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ අරලියගහ මන්දිරයේ පැවැත්වූ  රැස්වීමකට බස්නාහිර පළාතේ අදාල නිලධාරීන් ගෙන්වා නොගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික ගුවන් හමුදාපති මාර්ෂල් රොෂාන් ගුණතිලකට බැණවැදී ඇති බව අපට වාර්තා විය.

හිටපු ගුවන් හමුදා ප්‍රධානියෙකු වන හැරී ගුණතිලක රොෂාන් ගුණතිලකගේ පියාය. හැරී ගුවන් හමුදාපතිවරයෙකු වුවද දේශපාලන පක්ෂ වලට කඩේ ගිය අයෙකි. හැරීගේ දේශපාලන කඩේ යාම කොතෙක්ද යත් එකල මඩ පත්තරක් වූ රාවය පුවත්පතටද සම්බන්ධ වී වැඩ කළේය

හැරී ගුණතිලකට පුතුන් දෙදෙනෙකු වූ විය . ශිරන්ත ලොකු පුතා විය . ඔහු ඉතා දක්ෂ කීර්තිමත් ගුවන් නියමුවෙක් විය. ශිරන්ත ගුණතිලක 1995 වසරේදී ක්‍රියාන්විත රාජකාරියෙදී රට වෙනුවෙන් දිවි පිදුවේය. ශිරන්ත රණ බිමේ නියම සිංහයෙකු වූ අතර සංග්‍රාමික පදක්කම් ගණනාවක් ඔහු සතු විය

රොෂාන් ගුණතිලකද ඒවන විට ගුවන් හමුදාවේ සේවය කළේය . නමුත් රොෂාන් හා ශිරන්ත සසදන විට සත්තිගුම්භ ජාතකයේ අනෙක් ගිරවා මෙන් විය . නමුත් හුළගට තරු වැදීම හමුදාවේ ස්වභාවය නිසා රෝෂාන්ද ඉහලට ගියේය. හමුදා ඉතිහාසයේ අඩුම සංග්‍රාමික පදක්කම් ප්‍රමාණයක් හිමි හමුදාපති රොෂාන් ගුනතිලකය.

ආඥාදායකයේ යකඩ සපත්තුව නොහොත් හමුදා නීතියේ පිහිටින් ඕනෑම ගොනෙකුට හමුදාවේ survive විය හැක . රෝෂන් ගුණතිලකද එනයින් survive විය . කොකාගේ සුද පෙන්නෙන්නෙ ඉගිලෙන විට කීවාක් මෙන් රොෂාන්ගේ නියම රූපය මතුවූයේ නිළ ඇඳුම ගැල වුන පසුය.

බස්නාහිර පලාත් ආණ්ඩුකාර ධූරය එනම් සිවිල් තනතුරක් ලද විගස රොෂාන් ඇණ ගත්තේය.ලබා ගන්න වැ‍ටුපටවත් සාධාරණයක් කිරීමට ඔහු අපොහොසත් විය. ” කරන්න බැරිනම් අයින් වෙන්න.”යනුවෙන් බැසිල් රාජපක්ෂ බැණවැදී ඇත්තේ වැ‍ටුපන සරිලන වැඩක් ඉ‍ටු නොවීමටත් වඩා අභියෝගාත්මක වකවානුවක රොෂාන්ගේ ධුරණ්දරය රාජ්‍ය යාන්ත්‍රණයට සෘනාතමකව බල පෑමය

නන්දසේන විසින් රේගුවට පත් කළ ‘මිලිටරි මෑන්’ FAIL බව ඔහු විසින්ම ඊයේ පිළිගෙන තිබුනි. කරුණු එසේ හෙයින් සිවිල් සේවයට කැදවා ඇති පැන්ෂන් ගිය හමුදා මහත්තුරු සිය මිලිටරි පට්ටන්දරය පසෙක තබා විනය ගරුකව සහ කලමනාකරණ මූලධර්ම වලට අනුකූලව සිවිල් සමාජය සමග වැඩ කළ යුතුය . එසේ නො මැති නම් බැසිල් රාජපක්ෂ කී පරිදි වහාම ගෙදර යා යුතුය

No comments:

Post a Comment