Sunday, 18 April 2021

නාගරික මධ්‍යම පන්තිය මඩේ හිටවපු ඉනි වගේ, “සෞභාග්‍යමත් හෙටක්” හදනකොට ධනවාදය ඇතුලෙ ගේම් ගහන්න වෙනව

 


මහින්ද පතිරණ යනු බැසිල්ගේ තින්ක් ටෑන්ක් සාමාජිකයෙකි. එමෙන්ම බැසිල්ට අතිශ්‍ය විශ්වාසවන්ත පුද්ගලයෙකි. මහින්ද පතිරණගෙන් පිටවන්ගේ බැසිල්ගේ හඬය . ඒ නිසා ඔහු නලින් සිල්වා කල්ලියේ තිරන්තර ප්‍රහාරයන්ටද ලක් වෙයි. නලින් සිල්වා නැමති පිස්සු ආචාරියාට සහ ගෝලයන් රොත්තට පාඩමක් ඉගැන්වූ අයෙක් වෙත්නම් ඒ මහින්ද පතිරණය. අද දින ඔහු මුහුණු පොතේ ආන්දෝලනාත්මක සටහනක් තබා ඇත . එය මෙසේය,

ගෝඨාභයට ඡන්දය දුන්න නාගරික මධ්‍යම පන්තියේ අති බහුතරය ගැන මම සත පහකට විස්වාස කරන්නෙ නැහැ. ඔවුන්ගේ දේශපාලනය මඩේ හිටවපු ඉනි වගේ. අනෙක ඔය ජාතිකවාදී කියල ලේබල් ගහගෙන ඉන්න සෙට් එක. අතිශයින්ම භයානක පිරිසක්. රොමැන්තික හීනවල තනිවෙලා ඉන්න මේ සෙට් එක දන්නෙ නැහැ ජාතිකවාදයේ ආර්ථික මොඩලය ධනවාදය කියල.

ධනවාදයේත් අද තියෙන්නෙ නවලිබරල් පන්නය. මේකම පරස්පරයක්. ඉතිං ඔය ජාතිකවාදීනට “සෞභාග්‍යමත් හෙටක්” හදනකොට ධනවාදය ඇතුලෙ ගහන ගේම් සේරම ආණ්ඩුවට ගහන්න වෙනව.

ධනවාදය කියන්නෙ පැකේජ් එකක් . කෑලි කඩල ගන්න බැහැ. ඉතිං ඒ “සෞභාග්‍යමත් ⁣හෙට” හැදුවෙ නැත්නම් මේ සෙට් එක ගෝඨාභයට බනිනව “අයියො කෝ ගෝඨාභය ආර්ථිකය හැදුවද? හාල් අච්චරයි පොල් මෙච්චරයි” කියල. “පඩි වැඩි ක⁣ළේ නැහැ”, බිස්නස් නැහැ” ව⁣ගේ කතා.

හැබැයි ඒ ගේම ගහනකොට ඔය නාගරික පන්තියේ සියළු සිතුවිලිවලට එකඟවත් කරන්න ඕන. නැත්නම් විසුමක් නැහැ. හැබැයි ඒ අයගේ සිතුවිලියි ඔය ධනවාදයයි කියන්නෙ ම පරස්පරයක්. ඔන්න පටන් ගන්නව ගෝඨාභය කැලෑ එළිකරනව, මස් ෆැක්ටරි දානව වගේ දේවල් ඉස්සරහට දාලා. PPP වගේ දේවල්වලට විකුණනව කියල නම් කරල බනිනව.

ඉතිං මේ සේරම කරනකොට,ඔය 69 ලක්⁣ෂෙ අර කියපු ලඟචූන් නාගරික, අතරමැදි පිරිසෙන් කොටසක් හැලෙනව.

කාර් අනං මනං පූජා කරන්නෙ නැති හින්ද සමහර හාමුදුවරුවරුත් හැලෙයි.

ඔය දැනුත් වෙලා තියෙන්නෙ. අන්න එතෙන්දි අපට ස්ථිරසාර ඡන්ද බැංකුවක් අවශ්‍යයි.

මං හිතන්නෙ මුස්ලිම් ඡන්ද අපට එවැනි විභවතාවක් පෙන්වන තැනක්. වසංගත කාලෙ මේක කොහොමහරි වත්තම් කරගෙන ගිහිල්ල ඒ අතර හැලෙන ඡන්ද ටික හැලෙන්න ඇරල, ඒ හැලෙන ඡන්ද ටික වෙනුවෙන් කවුරුහරි එකතු කර ගන්න වෙනවා. මීයො අල්ලනව නම්, පූසා ප්ලාස්ටික් වුනත් මොකද ?

No comments:

Post a Comment