Sunday 18 April 2021

ගෝඨාභය 2025 ජනාධිපතිවරණයට නොඑන බවට කී කථාව බොරුවක්

 

2025 ජනාධිපතිවරණයට තමන් එන්නේ නැතැයි කියා ගෝඨා කියූ ප්‍රවෘත්තියක් මේ වන විට වෙබ් අඩවි ගණනාවක් වාර්තා කොට ඇත. පොහොට්‍ටුවේ නොවන ආණ්ඩුවේ කොටස්කාර අනෙක් පක්ෂ නායකයන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ගෝඨා එලෙස ප්‍රකාශ කළ බව එම වෙබ් අඩවි වාර්තා කොට ඇත.

එම සමස්ථ ප්‍රවෘත්තිය අමු කෙබරයක් බව පොහොට්‍ටුවේ ජේෂ්ඨ දේශපාලන්ඥයෙක් අප සමග පැවසුවේය.

සිංහළ බෞද්ධ ස්වෝත්නමවාදය ගෝඨාගේ ජයග්‍රහනයේ රහස විය . ගෝඨා ජනාධිපති පු‍ටුවට පැමිණියේ නලින් සිල්වා සහ සිවුරු කාර අන්තවාදින්ගේ කර මතිනි. ජාතිවාදය බලය ලබා ගැනීමට හොද ඇමක් වුවද රජ්‍ය පාලනය කිරීමේදී හෙණයකි

ජාතිවාදින්ගේ සහයෝගය මැතිවරණ කාලයේදී ආශිර්වාදයකි. නමුත් රට පාලනය කරන විට වහා ඉවත්කළ යුතු විශබීජයකි.

මැතිවරණ කාලයේ සුරතල් කළ ජාතිවාදින් සමග රට දිරියට ගෙන යා නොහැකි බව ගෝඨාබයට සක්සුදක් සේ පැහැදිළි වී ඇත. ගෝඨා දැන් ජාතිවාදීන්ගෙන් නිදහස් වීමට දිවා රෑ වෙහෙසෙයි

ගෝඨා 2025 මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව කීවේ ජාතිවාදීන් හැලීමටය. සුළු ජාතික පක්ෂ වල සහයෝගය ගැන කී කථාවෙන් එය වඩාත් තහවුරු වෙයි.

තවත් පසෙකින් ගෝඨා ජාත්‍යන්තරය ( ඉන්දියාව සහ ඇමෙරිකාව ) හමුවේ කුඩු කෑ එකෙකු මෙන් අසරන වී ඇත. තමන් දේශපාලනයෙන් සමුගන්නවා කීම සිංහල අන්තවාදීන්ගෙන් නිදහස් වීමට සහ ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනය සමනය කිරීමට හොද උපක්‍රමයකි

නමුත් ඇත්ත කථාව ගෝඨා සහ ඔහුගේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් 2025 සටන කිසිසේත් අත්හැර දමා නැත.

එමෙන්ම රාජපක්ෂ පවුලේ බල අරගලයද නිමා වී නැත.

විමලේ ජාතිවාදී සිවුරු කාරයන් සහ නලින් සිල්වා, බැසිල්ට එරෙහිව කරන සටනද අවසන් වී නැත.

ගෝනි සෙල්ලම් කලාවක් නම් නන්දසේන එහි පිකාසො බව කිසි විටෙකත් අමතක නොකල යුතුය

No comments:

Post a Comment