Sunday 18 April 2021

රට තුල නීති දෙකක් , මෙන්න සාක්ෂි !

 


රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඔලුවිල්හිදි අත්අඩංගුවට ගත් බව මීට සුළු මොහොතකට කළින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක  අජිත් රෝහන කීවේය. එක නීතියක් ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවී බලයට පැමිණි ගෝඨා සෑර් යලිත් වරක් FAIL වී ඇති බව අපට සිතෙයි . මක් නිසාදයත් මීට පෙර 5000 ව්‍යාජ නෝට්‍ටු 400 සමග  සිංහල ජාතික කාන්තාවක් හසු වූ විට නීතිය ක්‍රියාත්මක කළේ මීට වෙනස් අයුරිනි. ඒ පිළිබද සියළු සාක්ෂි අප සතුය. රටේ පුරවැසියන්ගේ දැන ගැනීම සදහා එම කථාව ඔබට ඉදිරිපත් කරන්නෙමු

දිනය 2014 මාර්තු 25, ස්‌ථානය කොළඹ කුරුඳුවත්තේ පිහිටි පෞද්ගලික බැංකුවකි. වේලාව පස්‌වරු දෙක පසුවී විනාඩි කිහිපයක්‌ ගෙවී තිබිණි. දිනයේ බැංකු කටයුතු නිමා කිරීමට ආසන්නය. වේගයෙන් පැමිණි ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් බැංකුවේ දොර අසල නතර විය. ඉවාහනයේ සිටි පොෂ් කාන්තාව කවුන්ටරය වෙත දිව ගියාය. ඇය පැමිණියේ මුදල් තැන්පත් කිරීමටය.

එවිට කවුන්ටරයේ සිටියේ නවක නිළධාරිණියකි. ඇය පොෂ් කාන්තාව දුන් මුදල් නෝට්‍ටු සියුම් ලෙස පරීක්ෂා කළා ය . සිදුවූයේ කිසිවෙකු නොසිතූ දෙයකි. පොෂ් කාන්තාව දුන් නෝට්‍ටු සියල්ල ව්‍යාජ ඒවාය. බැංකු නිළධාරිණිය හඬ අවධි කළා ය. “මැඩම්, මේ ඔක්කොම ෆේක් නෝට්ස් ”. බැංකු නිළධාරිණිය කීවාය. .එසැනින් ක්‍රියාත්මක වූ පොෂ් කාන්තාව මුදල්ද ‍රැගෙන පලා ගියාය.

වහා ක්‍රියාත්මක වූ බැංකුව හොර නෝට්‍ටු සිදුවීම CID වෙත දැනුම් දුන්නේය. රු 5000 හොර නෝට්‍ටු 400ක් බැංකුවට ‍රැගෙන ආ කාන්තාව සජිත් ප්‍රේමදාසගේ නැගෙණිය බව පොලීසිය සොයා ගත්තේය. නමුත් හොර මුදල් සමග අතේ මාට්‍ටු වූ  දුලංජලී හිරේ විලංගුවේ වැ‍ටුනේ නැත . ඇයගේ මයිල් ගහකටවත් හානි නොවුනි.

එහෙයින් අද දිනයේ 5000 ව්‍යාජ නෝට්‍ටු 124 සමග ඔලුවිල්  වලදී කළ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පුරවැසියන් විෂයේ වෙනස් කොට සැලකීමකි ( Discrimination).කරුණු එසේ හෙයින් ජනාධිපතිවරණට පෙර පොරොන්දු පරිදි රට තුල එක් නීතියක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් අප උදක්ම ඉල්ලා සිටිමු

No comments:

Post a Comment