Sunday 18 April 2021

කෝටි 1000 ක භාන්ඩාගාර කොල්ලය ගැන ජවිපෙන් පැමිණිල්ලක්, සජබ මීක් නෑ


මහජන ධනය රුපියල් කෝටි දහසක් පමණ සීනි බදු වංචාවක චෝදනාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද (04) දින CID ට පැමිණිලි කළේය.

රුපියල් 50ක්ව තිබූ සීනි ආනයන බද්ද ශත 25ක් දක්වා අඩු කොට අවස්ථා කිහිපයකදී මෙම මුදල කොල්ලකා ඇති බවට එම පැමිණිල්ලේ සඳහන්ය. මේ සම්බන්ධයෙන් සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා එම සභාපති ධූරයෙන් ඉවත් කරනු ලැබීය. එහෙත් ඔහු ලංකා සතොස ආයතනයේ දිගටම රැදී සිටි අතර මේ වනවිට ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.

සීනිවලට අයකළ ආනයන බද්ද ඉවත් කර තිබුණද එතෙක් වෙළඳපොලේ පැවති රුපියල් 140ක් වූ සීනි කිලෝවක මිල බදු ඉවත් කිරීමේ වාසිය පදනම් කර ගෙන පාරිභෝගිකයාට ලබා නොදීමෙන් මෙම මුදල් කොල්ලය සිදු කර තිබේ.

කෙසේ වෙතත් නුෂාඩ් පෙරේරා ආණ්ඩුවට තිබෙන ප්‍රබල සම්බන්ධතාවය මත රුපියල් කෝටි දහසක බදු වංචා චෝදනා එල්ල වී තිබියදීත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකට මේ දක්වා යොමු කොට නැත.

තමගේ පක්ෂයටම චෝදනා එල්ල කරමින් මහ බැංකු කොල්ලයක් ගැන දෙඩවූ සජබ පිලට රාජපක්ෂලා සිදු කළ කෝටි 1000හේ භාන්ඩාගාර කොල්ලය නොපෙනීම ජාතියේ අවාසනාවකි

No comments:

Post a Comment