Tuesday 20 April 2021

නිදහස් නොකළ හොත් සියදිවි හානි කරගන්නා බව කියමින් රන්ජන් සජිත් හමුවේ හඬා වැටෙයි

 


සිරගතව සිටින රංජන් සියදිවි හානි කරගන්නා බව කියමින් සහ  ජනාධිපති සමාව ලබා ගැනීමට සාකච්ඡා කරන්නැයි යයි ඉල්ලා  සජිත් ප්‍රේමදාස හමුවේ හඬා වැටී ඇත.

මෙලෙස  හඬා වැටී ඇත්තේ පසුගියදා සජිත් ප්‍රේමදාස අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය, 

ඒ අනුව රන්ජන් බේරා ගැනීම සඳහා ජනපතිගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට පක්ෂයක් ලෙස සාමූහික තීන්දුවට පැමිණි බව ජේ සී අලවතුවල ඊයේ ප්‍රකාෂ  කළේය

මීට මසකට පමන පෙර  රන්ජන් සියදිවි නසා ගැනීමට පෙළඹිය හැකි බව අප වාර්තා කළේය . එවිට සජබ පාක්ෂිකයන් අප දේවේශ සහගත පුවත් පල කරන්නේ යයි අපට චෝදනා  කළේය . 

නමූත් අප කී කථාව දැන් ඇත්ත වී ඇත. 

ජනතාව වෙනුවෙන් අරගල කොට  ජීවිතයෙන් වන්දි ගෙවූ , සිර ගතවූ උදාර මිනිසුන් මිහිපිට නැත්තේ නොවේ.නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි, වැනි චරිත වලින් ගත යුතු පාඩම් බොහෝය


නමුත් රන්ජන්  වීරයෙකු වන්නේ සැලෝලයිට් පටවල ( බාල චිත්‍රපටි වල )  පමනි .සැබෑ වීරයෙකු යනු රට වෙනුවෙන් ජනයා වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට සූදානම් අයෙකි


හිරු  නාලිකාව පසූගිය මැතිවරණයේදී ගෝඨාභයට සහාය දුන්නේ දුමින්ද නිදහස් කරගැනීමේ චේතනාවෙනි. රන්ජන් නිදහස් කළ හොත් දුමින්දට නිදහස ලැබීමද  අනිවාර්ය වනු ඇත. ගෝඨාණ්ඩුව රන්ජන් නිදහස් කරන්නේ දුමින්දට හිලව්වක් ලෙසිනි

විර පුරුෂයන් විසින්   පූරණය කළ යුතු  භූමිකා රන්ජන් වැනි නිවටයන් රඟදැක්වීමට යාම  කෙළවර වන්නේ එක්කෝ කොමඩියක් ලෙසිනි නැත්නම්  ඛේදවාචකයකිනි.



No comments:

Post a Comment