Sunday 18 April 2021

මීනී මැරුම් චෝදනා ලද කරන්නාගොඩ ඉල්ලූ රීටි සහනය අදත් නෑ


නාවික හමුදා කප්පම් කල්ලිය ගැන වැඩි දුර පරීක්ෂණ කරන ලෙස නියෝගයක් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස සිටියදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කප්පම් කල්ලිය ගැන පරීක්ෂණ ආරම්භ කලේ ගෝඨාභයගේ ලිඛිත නියෝගය අනුවය.එම නිසා මෙය දේශපාලන පලිගැනිමක් යයි කිසිවෙකුට බැහැර කළ නොහැක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත් කරුණු අනුව කප්පම් ලබාගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කෙරුණි. අගවිණිසුරු ජයන්ත ජයසූරිය එම චෝදනා විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කළේය.

නමුත් 4 වන ඊලාම යුධ සමයේ ෆොන්සේකාට එරෙහිව කේලාම් කියමින් රාජපක්ෂ තණ පුඩුවෙන් වැඩිපුර කිරි බුන් කරන්නාගොඩ අපරාධ චෝදනා වලින් මුක්තියක් අපේක්ෂා කළේය.

කරන්නාගොඩ තමාට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා රීට් පෙත්සමක් ගොණු කළේය

කෙසේ වුවද, ඊයේ දිනයේද ඔහුට අධිකරණයෙන් සහනයක් නොලැබුනි. කරන්නාගොඩ ගොනුකළ රීට් පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යනය කරමින් සිටින බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය

ඒ අනුව එම කරුණු දැක්වීම සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වසන්ත කරන්නාගොඩ ගොනුකළ රීට් පෙත්සමේ වැඩිදුර විභාගය මැයි 17 වැනිදා කැඳවීමට නියම කළේය

සැයු :මේ වන විට සමස්ථ කප්පම් කල්ලියට එරෙහි නඩුව ත්‍රී පුද්ගල මහාධිකරණයේ විභාග වෙයි. කරන්නාගොඩගේ අභියාචනයේ තීන්දුව ලැබෙන තෙක් එම නඩුවද කල් තබා ඇත.මහාධිකරණය විසින් එම නඩුව යලි කැඳවන්නේ ලබන ජුලි 02 දිනය.

කරන්නාගොඩ කප්පම් නඩුවේ චූදිතයෙක්ද නැද්ද යන්න එම දිනට පෙර තින්දු කළ යුතුය. කරන්නාගොඩගේ චූදිතයෙකු බව ඔප්පු කිරීමට ප්‍රභල සාක්ෂි ඇත. අද්භූත ලෙස ඔහු නිදහස් වුවද ඩී.කේ.පී දසනායක ඇතුලු අනෙක් නිලධාරීන්ට එරෙරෙහිව නඩුව විභාග වනු ඇත

No comments:

Post a Comment