Sunday 18 April 2021

ඥානක්කා සරණ ගියේ ගෝඨා පමනක් නොවේ, සජිත් ඇතුළු රෝත්තක්ම ගිහින් – ගම්මන්පිල පාර්ලීමේන්තුවේදී හෙළිකරයි

 


අනුරාධපුරේ ඥානක්කා සරණ ගොස් ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමනක් නොව විපක්ෂයේ සජිත් ප්‍රේමදාස ඇතුළු බොහෝ දෙනෙකුද ඥානා සරණ ගිය අය බව ඊයේ (08) පාර්ලීමේන්තුවේදී හෙළිදරව් විය . ඥාකක්කා සරණ ගිය ලැයුස්තුව දිග ඇරියේ ගම්මන්පිල විසිනි.

බෞද්ධාගමේ මුරදේවතාවෙකු ලෙස පෙනී සිටින ගම්මන්පිල ඥානක්කගේ අග්‍ර දායකයෙකි. අමු මිතයාදෘෂ්ඨිකයෙකි. මොහු ඥානක්කා හමුවට යන්නේ ඩිජිටල් ටැබ් එකක්ද සමගිනි. ඥානක්කගෙන් අසන ප්‍රශ්න එහි ගබඩා කොට ඇත .

ගම්මන්පිල පෞද්ගලික කරුනු කාරනා , පවුලේ කරුණු කරනා පමනක් නොව රාජකාරීමය තීන්දු තීරණ ගන්නේ ඥානක්කගේ උපදෙස් අනුවය . ටැබ් එක සමගින් ඥානක්කා බැහැදකින ගම්මන්පිල ඥානක්කා සමග ගතකරන කාලය ඉතා වැඩිය. එය ඥානක්කගේ අනෙක් බැතිමතුන්ට බලවත් හිසරදයකි.

ගම්මන් පිල හෙලිකල ඥානක්කා සරණ ගිය විපක්ෂයේ ලිස්ට් එක පහත පරිදිය

සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස, පී. හැරිසන් , අකිල විරාජ් කාරියවසම් , තලතා අතුකෝරාළ , චන්ද්‍රානි බණ්ඩාර , නෙල්සන් ඇතුළු ලැයුස්තුවක් ඔහු හෙළිදරව් කළේය. හරීන් ප්‍රනාන්දුගේ නමද ඒ අතර විය.

කරුනු එසේ වූ ගෙයින්, ”ඔවා දෙනු පරහට – තමා සම්මතයෙහි පිහිටා සිට ” යන මුණි වදන සිහිපත් කළ ගම්මන්පිල ඊයේ පාර්ලීමේන්තුවේදී හරින් ප්‍රනාන්දුට අවවාදයක්ද කළේය

No comments:

Post a Comment