Sunday 18 April 2021

ස්ක්‍රිප්ට් එකට පිටින් ජනපතිගෙන් ප්‍රශ්න ඇසූ ගැමියාට ගුටි පූජාවක් – ගසපි නමට අනුව වැඩ ! by Thushara Edit

 


පසුගිය පෙබරවාරි 20 දින පුත්තලම කරුවලගස්වැව ‘‘ගම සමග පිළිසඳරක්’’ වැඩසටහනේදී ජනපතිගෙන් ප්‍රශ්න ඇසූ අයෙකුට එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාපති විසින් පහර දුන් පුවතක් වාර්තා වෙයි.

නෙළුම්ගම – වීරපුර මාර්ගය වසර ගණනාවකින් පිලිසකර කොට නොමැති බවත් එහි අලි නෑවිය හැකි වලවල් ඇති බව පීඩාවට පත් ගැමියෙකු ප්‍රකාශ කොට ඇත. ගුටි පූජාව ලැබී ඇත්තේ මොහුටය.

ගුටිකෑ පුද්ගලයා ප්‍රාදේශීය සභාපතිවරයා විසින් සූදානම් කළ පිරිසෙන් සහ ප්‍රශ්න වලින් බැහැරව යටකී ප්‍රශ්නය යොමු කොට ඇත ( ස්ක්‍රිප් එකට පිටින් ගොස් ජනපතිගෙන් ප්‍රශ්න අසා ඇත )

ගුටි පූජාව එල්ල කොට ඇත්තේ කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති නිමල් ජයසිරි බංඩාරය. ගුටිකෑ පුද්ගලයා පොහොට්‍ටු සභාපතිට එරෙහිව පොලීසි ගොස් ඇත .

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කරුවලගස්වැව විජයපුර ඞී. ජයරත්න නැමති ගැමියෙකි. පහරදීම පසුගිය (26) දින කරුවලස්වැව තබ්බෝව මංසන්දියේදී සිදුවූ බව පැමිණිල්ලේ සඳහන්ය.

තවද සභාපතිවරයා තමන්ට පහරදීම සිදුකළේ ‘‘ගම සමග පිළිසඳරක්’’ වැඩසටහනේදී වීරපුර මාර්ගය වසර 50කින් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු වී නැති බව පවසමින් ඉදිරිපත් කළ ගැටළුවට උරණවීම නිසා බවද පැමිණිල්ලේ සදහන් කොට ඇත

ප්‍රදේශවාසීන් පහරදීමට විරෝධය දක්වමින් කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාපතිවරයා හෙළා දකිමින් ඊයේ (1) වන දා විරෝධතාවයක්ද පැවැත් වූහ. ‍

ගැමියාට එල්ලවූ ගුටි පූජාවත් සමග නන්දසේනගේ ගසපි, තිතට වැඩ බව මොනවට පැහැදිළිය. ග.ස.පි යනු ගම සමග පිලිසදරක් වැඩසටහනට කියන කෙටි නාමය වෙයි

No comments:

Post a Comment